හොඳ හිත විකිණීම Get link Facebook X Pinterest Email Other Apps - December 30, 2010 ඈවරයි දෑවරයි මම විකුණනවා කුනුකොල්ලෙට උනත් මේ හොඳ හිත......... කඳුළු විතරයි ලාබෙට මට ඉතුරු වුනේ Read more
අහස පොළව එක් වුනොත්....................? Get link Facebook X Pinterest Email Other Apps - December 27, 2010 ඇත්තටම අර අහසයි මේ පොළවයි එකතු වුනොත් කවදාහරි ඉරයි හඳයි හැමදාටම උරණ වේවී නේද? Read more
ඉවරයක් නැති Television පැය Get link Facebook X Pinterest Email Other Apps - December 24, 2010 තාත්වික ලෝකයේ රූප පෙට්ටි යේ අවසානයක් නැති කතාවකින් අතාත්වික ප්‍රතිබිම්බ හොයන අපි Read more
කවුද උන්.........? Get link Facebook X Pinterest Email Other Apps - December 13, 2010 අතන මෙතන හැමතැනම කුලප්පුවෙන් තෙරපෙන එලොවත් නැති මෙලොවත් නැති දෙලොවම අතරම0 වුනු කවුද උන්....? උන් ගැනවත් නොදන්න Read more
නෙතට හුරු කඳුළු Get link Facebook X Pinterest Email Other Apps - December 08, 2010 ඉරට හොරෙන් වළා යටින්... සඳට හොරෙන් තරැ අතරින්..... සීතල වැහි බින්දු මතින් නෙත කඳුලැලි ඉහිරුනාලු..... රෑ සිහිනෙන් හෙළන සුසුම් මද සුළඟට එක් වුනාලු...... මතක දිගේ හැමදාමත් සෙනෙහස හද තෙත් කලාලු..... පිබිදි මල් හිනැහෙන විට හිරු අවරින් සැඟවෙන විට දස දහසක් සිතුවිලි මැද හැමදාමත් සිත සෙව්වේ නුඹ දුන් සෙනෙහස පමණකි.... . . Read more
වල විල වීම Get link Facebook X Pinterest Email Other Apps - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Read more
මල්ලි Get link Facebook X Pinterest Email Other Apps - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
Get link Facebook X Pinterest Email Other Apps - November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
Get link Facebook X Pinterest Email Other Apps - November 08, 2010 ගොනෙක් පඳුරු සෙවනක ඈදිලා තළු මර මරා තණ කන්න ම0 ගොනෙක් උනානම්............. Read more
Get link Facebook X Pinterest Email Other Apps - November 03, 2010 මගේ දුවේ ව සවර්ති මාරයෝ තැනින් තැන කෙළ හලා බලා හිදිති බිළිගන්න නුඹව දැහැන බිදෙයි මඟ වරදියි පරිස්සමෙන් මඟ පලයන් මගේ දුවේ Read more
Get link Facebook X Pinterest Email Other Apps - October 30, 2010 එක දවසක් නිසළ මේ තුරුලිය බිදෙන අර වැව් දිය නුඹේ ඔය නෙතු ලඟ කලඹවයි මා හද නුහුරු නුපුරුදු නුඹ හුරුපුරුදු වී කිම සුවඳ සුසුමන් වල තැවරිලා මා වත හො රා ගෙන හෙමිහිට නුඹ මගේ සෙනෙහස කියනු මැන සවනට බැස නොයන බව හිරු ලෙ ස Read more
Get link Facebook X Pinterest Email Other Apps - October 26, 2010 නිරුවත් මිනිසා පරිනාමය වූ ශිෂ්ඨාචාරයේ සියුමැළි නිය තුඩින් ස්පර්ශය මිහිර සොයන නිරුවත් මිනිසා Read more
Get link Facebook X Pinterest Email Other Apps - October 21, 2010 සාදාකාලික මතක අවුරුදු 23 ක් වෙනකම් මට මෙහෙම ජිවත් වෙන්න හුඟක් අය උපකාර කලා. මගේ අම්මා තාත්තා අය්යා ඉදලා තව හුඟක් දෙනෙක් මට ජිවත් වෙන්න උදව් කලා.ඒ හැමෝම ගැන කියන්න බැහැ.ඒත් මේ ගෙවිච්ච අවුරුදු 3 මගේ ජිවිතේ වැදගත්ම කාළේ. ඒ වගේම ගෙදරින් පිට ඉදලා ජිවිතේඉගෙන ගත්ත කාලය. මට මෙ තුන් අවුරුද්ද තුළ ජිවිතේ හුඟක් අත්වාරුවක් වු අය ගැන පොඩි සටහනක් තියන්න හිතුනා. කිසිම දැන හැඳුනුම් කමක් නැතුව ජිවිතේ අහම්බෙන් හම්බවුනු මේ ටික දෙනා මගේ මතකයේ හැමදාම ඉදියි. ම මිතුරිය සාරන්ගා . මේ මහා නගරේ අපි දෙන්න අහම්බෙන් මිතුරෝ උනා. එ බැඳිම මේ තරම් ශක්තිමත් වෙවි කියලා අපි හිතුවෙ නෑ. මේ අවුරුදු 3 ඇතුළේ හැමදාම මගේ ළගින් දුක සැප බෙදා ගත්තේඇය. ක්‍රිෂාන් මිතුරා . ඔහුත් මට හමු වුනු හොඳ මිතුරෙක්. අඬනකොට හැමදාම හිනා වෙන්න කියපු ඔහු මට සහොදරයෙක් උනා.වැඩියෙන් දුක හිතුන දවසට මම ඒ දුක බෙද ගත්තේ ඔහු සමඟ. පින්චහේවා සර් ඔහු මට පියෙක් උනා. ජිවිතේ හුඟක් ... Read more
Get link Facebook X Pinterest Email Other Apps - October 19, 2010 හුරුපුරුදු ජීවිතේ තරු දිලෙන රෑ අහස ආයේමත් බලනවා වැට දෙවට පිපුනු මල් ආයේමත් සිබිනවා හුරු පුරුදු වූ සුවඳ ගම පුරා දැනෙනවා ජිවීතේ විඳින බව යළි යළිත් හැඟෙනවා අරුමෝසම් ඒ නගරේ රළු බොරළු කටු ඇනී රිදුම් දුන් පොඩි දෙපා ශක්තිමත් වෙලා දැන් දිරිය හද සතු වෙලා යන්න හැක තව දුරක් නොවෙයි දැන් ම0 මුළා තුන් අවුරුදුත් ගොස් සුවඳ ඇත ගමපුරා මුන ගැසෙන හැම මුවක ඇත සෙනෙහේ ගැබ් වෙලා ඉතින් තව විදින්නෙමි ජිවිතේ හිනැහිලා Read more
Get link Facebook X Pinterest Email Other Apps - September 17, 2010 හති වැටී ම අරටුව සොය සොයා මම කෙසෙල් ගස් ඔක්කොම කපලා බිම දැම්මා ඒත් අවසානයේ හති වැටුනා විතරමයි.... Read more
Get link Facebook X Pinterest Email Other Apps - September 13, 2010 නුඹ හිස්ම හිස් මගෙ හදවතේ නුඹ පැහැදිළිවට පෙනෙන පුන්චිම පුන්චි තිතක්..... Read more
සිඳුනු තටු Get link Facebook X Pinterest Email Other Apps - September 06, 2010 ලිහි වැටුනු පැතුම් පොදි මතකයෙන් කිමිදිලා..... කඳුළු කැට හෙමි හෙමින් දෙනෙත් වල තැවරිලා.... දුටු සිහින මුලා වී ජීවිතේ වැරදිලා.... ඉගිලෙන්න බෑ යළිත් තටු සිඳි මැලවිලා.... Read more
ගැහැණියක්... Get link Facebook X Pinterest Email Other Apps - August 31, 2010 දිදුළන කෙස් කළඹක් සුසිනිදු පැහැපත් සමක් වෙන්න පතනා රුවැති ළඳක්... කිසිදා නොවෙනස් වන ආදරයක් පතන පෙම්බර යුවතියක්... දෙමහල් නිවසක් උගත් බුද්ධිමත් දරුවෙක් යවන්නට ජාත්‍යන්තර පාසලක් සොයන මොඩ් වුනු මවක්... බිදෙන හිතක් හඬන නෙතක් සුසිදු වතක් සියල්ලට කොටුවි විදිනවද විදවනවද ගැහැණියක්... Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 30, 2010 අකාසේ තරු නිවිලා සඳවතියත් සැඟවිලා අඳුරු වළා කැටි අස්සෙන් රිදී පාට ඉරි වැටිලා.... බින්දු බින්දු පොද වැටිලා රත් වුනු වැලි කැට තෙමිලා ගහ කොල මල් පිබිදිලා වැස්ස ඉතින් දැන් වැඩලා... දොස් අහලා දෙස් වැදිලා කර්කෂ වූ හද දැකලා දැවෙනා ගිනි නිවාලන්න ඇවිදින් අද නැවුම් විලස... Read more
ඈවරයි දෑවරයි Get link Facebook X Pinterest Email Other Apps - August 28, 2010 ඈවරයි දෑවරයි තුන් ඇවරයි.... විකිනී හමාරයි ගත්තෝ තුටු වෙතී නොගත්තෝ දුක් වෙතී Read more
හමුවුනේ වෙන්වෙන්න Get link Facebook X Pinterest Email Other Apps - August 27, 2010 වැහිලා මල් සුවඳ සුළන් රැළි සිබිනවා... නුඹේ මතක එබී සිත ආයේමත් හඬනවා... ගෙවී ගිය අතිතයේ මිහිරි බව දැනෙනවා... හමුවුනේ වෙන්වෙන්න ඇයිද යලි සිතෙනවා ... Read more
සුර සැප Get link Facebook X Pinterest Email Other Apps - August 26, 2010 පාට වළළු රන් මාලා විසි කරලා දෑත දෙපය ගෙන හනිකට වරෙන් නුඹ..... බේරිලා ඔය අපයෙන් මේ කටු මැටිගෙපැල සුර සැපයි තාම අපට Read more
සියදිවි නසාගැනිම Get link Facebook X Pinterest Email Other Apps - August 25, 2010 ඇතිවෙන්න සේම නැතිවෙන්නද යමක් මා සතු නොවන බව දැනගත් වහාම සියදිවි නසා ගැනිමෙන් මා වැළකුනි. Read more
ජිවිතය තරඟයක්ලු.. Get link Facebook X Pinterest Email Other Apps - August 19, 2010 දුවන්න හයියෙන්.... බූට් සපත්තුකාරයෝ රබර් සපත්තුකාරයෝ පහුකරගෙන ජයගන්න ජිවිතය දුවන්න... පාවහන් නැති දෙපා කටු ඇනී හඬාවී රත්වෙච්ච ගල් බොරළු දෙපා යුග දවාවි හති වැටි අතරමඟ නවතින්න හිතෙවි එහෙත්, නවතිනු නම් එපා හූ කියයයි ලෝකය මල් දමා හෝ ගල් ගසා පිළිගන්න නුඹව බලා හිඳි ජිවිතය තරඟයක්ලු .... Read more
කවිය නුඹ....... Get link Facebook X Pinterest Email Other Apps - August 18, 2010 පන්හිඳෙන් කුරුටු ගා කිසි දාක ලියනු බැරි කවිය නුඹ....... Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 16, 2010 මම සිරකාරියක්.......... නෑ මුරසෙබළු නෑ රැකවල් ඒත්,,,,, යන්න බෑ නුඹෙන් වෙන් කොට මගේ සිත Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 12, 2010 ප්‍රාර්ථනයක්... බලාපොරොත්තුවක්... සමඟ ගොඩ නැඟුනු ප්‍රතිබිම්බයක් විටෙක ප්‍රශ්නර්ථයක්... වැරදිමක්.. සමඟ ගොඩ නැඟුනු නිග්‍රහයක් Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 08, 2010 පිහිට වෙන්න දෙවියනේ (යමපල්ලෙක් කීය) කටු ගහේ උල් ටික පදමට හැදි ලා... ලෝ දිය මුට්ටිය සේරම හිඳිලා... අසුචී වළවල් ඔක්කොම වැහිලා... අපාය දැන් නම් හොඳටම පිරිලා... යම පල්ලන්ගේ වැඩ වැඩිවිලා... රජ්ජුරුවොත් දැන් හෙම්බත් විලා... මැරෙන මැරෙන අය මෙහෙ ඇවිදිල් ලා ... දඬුවම් දිලාම දැන් ඇතිවිලා... අනේ දෙවියනේ අපේ දුක දැකලා.... තවත් අපායක්... වෙනමම හදලා අනිත් නරයෝ ටික එහාට යවලා... පිහිට වෙන්න දැන් කියනෙමි වැඳලා.... Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 07, 2010 හිත වීදුරු බෝලයක් මගේ හිත වීදුරු බෝලයක් ඒක ඉරි තලලා බිදිලා යයි කියලා බයෙන් පරිස්සම් කරන්න කියලා නුඹට දුන්නේ ඒ හිත ම0 ඒත් නුඹ ඒ හිත කුඩු කරලා ඒ විදුරු කටු ඇනගෙන අඬනවා ලේ පෙරාගෙන ඉතින් මට නුඹත් නෑ මගේ හිතත් නෑ Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 06, 2010 පන්හිඳ කෙරවලක කඳුළු කැට අමුනලා නුඹ ලියු කවි වැළම එකින් එක කියවලා පන් හිඳේ ඒ කඳුළු නෙතු යුගේ තැවරිලා හඬනවා මම තාම පද අරුත සොය සොයා.. .. Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 05, 2010 ම0 මුලා වුනෙමි යථාර්තයේ... විසී කළෙමි ඈතට සිතුවිලි කඩා පොඩිකර... අසා සිටියෙමි හඬා නගා කෑ ගසන සත්‍ය... නෑ අවසානයක් නිමාවක් වියරුවෙන් මියගියෙමි... Read more
Get link Facebook X Pinterest Email Other Apps - August 05, 2010 ධරාණීපාත වර්ෂාවක්, සඳ තරු මල් විප්ලවයක්, හූල්ලන ගැහැනියක්, සියල්ලම කැටිකර පන්හිඳට පණ පොවන කවියෙක්..... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 31, 2010 දනුෂ්ක මිතුරාගෙන් කතරගමටගොස් පැතුම් පුරෝගෙන මතකයි දෙවියන් දෙස බැලුවා නෙතක සුපිපි දුක් කඳුලැල් අරගෙන දෙවියන් පහනට වත් කරලා කොනක එදා හදපතුළේ රිදුම් දෙන අහිමි සෙනේ කැන් සිහිකරලා දෑත නළලේ බැඳ කෙලෙස වදින්නද ගලන කඳුළු කැට පිස දමලා වැහිදිය වැටුන ගන් ඇළ දොළ නපුරු වෙලා යායට පිපුනු අන්දර මල් මිලින වෙලා පන්හිඳ නුඹට කවියට පස මිතුරු වෙලා සුන්දර කියපු ලෝකය අද එරෙහි වෙලා දුක් කම්කටොළු දුරු කර හෙට හිනැහෙන්න හිරු සඳ ඒතී ලොවසතුටින් ඉපිලෙන්න මෙ ජිවිතෙන් ගැළවිමට ඔබ දන්න කියන්න මඟක් මට මිතුරිය මියදෙන්න තනිකම් පිරි ජිවිතයේ දුටු සිහිනය බොද වෙනවා නොකා නොබී පැතුව පැතුම් ඇස අද්දර වැනසෙනවා සසර කරපු පවු පල දී මෙ ලොවම විඳවනවා අහිමි සතුට සිහිකරමින් කඳුළු බි බී වැළ පෙනවා මේ යාළුවා මේ කවි දකින් නැතිවෙයි. එත් ඒ කවි විදින මම වගේම මෙ කවි බලන හැමෝමත් එයාගේ හිතේ විඳවන දුක නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඒයා ජිවිතේ හුඟක් විඳවන කෙනෙක්. අපි කාටවත් ඒ දුක ගන්න බෑ. එයා තනිවම විඳවනවා.මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාගේ සතුට. Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 31, 2010 දරාගෙන හද තුළ නුඹේ ඔය සෙනෙහස සෙවනැල්ල සේ ඇවිත් දැවටිලා නුඹ ලඟ අත නොහැර කිසි දිනෙක හිදිනවා සත්තයි.... ලොවම මට කිවත් යන්න නුඹ අතහැර මිය යන තුරාවට නොයෙමි නුඹ අත හැර Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 30, 2010 ගස මල සල් ගස යට අමර නැත ගස යට වටුනු සල් මල් ඇහිදින්න... අමරයි කමලුයි එකතුවෙලා සෙල්ලම් කඩ දන්න දැන් නෑ වෙලා... "ජම්බු ජම්බු රතු පාටයි ඉදුනු ජම්බු රතු පාටයි" ඉස්සර වගෙ කවි කියන්න චමරිට නයනට දැන් නෑ වෙලා... කොටුවෙලා හිරවෙලා ඔක්කොම ටියුෂන් කඩ ඇතුලේ... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 29, 2010 පිපී මුව මත සීනා මල් මිට නුඹේ නෙතඟින් ගලා යනවිට... සෙනේ දිය පොද වැටී ඒ මත හදේ සක්මන් කලා නුඹේ රුව... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 28, 2010 ඊයේ එහෙ මෙහේ අවුස්සද්දි මම ලියපු පරන පොතක් හම්බවුනා. ඒ පොතේ මම ලියලා තියෙන්නේ මම ඒ කලේ කියවපු පොත් වලින් උපුටාගත්ත දේවලුයි, ඒ ගැන මට හිතුන දේවලුයි තමයි. මම හිතුවා ඒ උපුටා ගැනීම් ටිකක් බොලොග් එකට දාන්න. කියවලා බලලා තමන්ගේ ජීවිතෙට ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගන්න.සමහර විට මෙ පොත් කියවලත් ඇති. මෙවා මතකද කියලා බලන්නකෝ.... තැවුල් සිත: කොහේහරි දූපතක තිබිලා කෙනෙකුට ඔරලෝසුවක් හම්බවුනා කියලා හිතන්න.මේ ඔරලෝසුව කවුරුත් හදපු එකක් නෙවෙයි. එහෙම නැත්තම් ඉබේ පරිනාමය වෙච්ච එකක් කියලා කවුරුහරි කියනවනම් ඒ මිනිහා පිස්සෙක් කියලයි සළකන්නේ.ඒ වුනාට නවින විද්‍යාවට අනුව විශ්වය පරිනාමය වෙලා තියෙන්නේ. ඒ විදියට එතකොට විශ්වය කියන්නේ ඔරලෝසුවට වඩා සරළ දෙයක්ද? සිඳුනු තටු: ප්‍රේමය පහළ වීමට දිගු ඇසුරක් සමීප සම්බන්ධතාවයක් අවශ්‍යය යැයි සිතිම මුළාවකි. එය පහළ වන්නේ ක්ෂණ මාත්‍ර වූ යම් මොහොතකය. අධ්‍යායාත්මයෙන් අන්‍යෙන්‍යය වශයෙන් හඳුනා ගනිත් ද ඒ මොහොතෙහි පහළ වන ප්‍රමෝදය කෙරෙන් ප්‍රේමය පහළ වේ.ඒ විනා කෙතරම් වසර ගණනාවක් හෝ පරම්පරා ගණනාවක් ඇසුරු කළත් සැබෑ ප්‍රේමය පහළ නොවේ. අපූගේ ලෝකය: මේ දිනවල මට සිතෙන්නේ අ... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 28, 2010 අමාවකට නුඹ බලන්න සඳවතියේ මම ආවා සිත් අහසේ සැඩ කළුවට බිය වී මම ඉකි ගැසුවා නුඹේ මතකය සිහිකරන්න එවා තිබුණු තරුකැට ටික අතුරාලා වළා අතර උන්නෙමි මම හුදෙකලාව දෑස් පියා සවන් යොමා රැහැයි ගීත මා ඇසුවා ගත සතපා නෙත නොනිදා නුඹ බලන්න මම සිටියා කොපුල් මතින් රූරා යන කඳුළු බින්දු පිසදාන්න... නිදා වැටෙන මල් කුමරියෝ සිනාවකින් පුබුදුවන්න... වල්මත් වුනු සිත් අහසේ ඝන කළුවර දුරුකරන්න... පෝය දාට නොවෙයි අදම මගේ අහසට නුඹ වඩින්න... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 27, 2010 නුඹේ නෙත් තුළ වේලී මා හද සොයයි සෙනෙහස උමතු වූ ලෙස රැයෙහි පායා දිළෙන සඳ ලෙස මහද ගැබ තුළ ... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 27, 2010 වී නපුරු මේ රුහිරු බිම ඉහිරු නුඹ කවුරු Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 26, 2010 විකසිත කුසුමක රැඳි නුඹ සුවඳකි කළුවර අහසේ දිදුළන තරුවකි පන්හිඳ තුඩඟින් ලියවුනු කවියකි හතවත පතුලේ රැඳ වුනු වදනකි පුර පෝදා හඳ දුටු විට අහසේ නුඹේ මුව මතකෙට ආවයි රහසේ සඳ රැස් වැටිලා තුරුලිය අස්සේ මතකද තෙමුනා පිනිකැට වැස්සේ Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 24, 2010 සඳ කොමළිය හින් සැරේ වළා යටින් එබුනා නිල් තරු කැට අහස පුරා රටාවකට දිලුනා කොඳ මල් මදහාස නගා විකසිත වී බැලුවා ආදරයෙන් මුලු ලෝකය වට කොට මා සිටියා නෙත දොවලා කඳුළු බින්දු පිනි කැට වී වැටුනා නළඟන විත් හෙමින් සැරේ සිහිල දෙමින් එතුනා ගහ කොල වැල් නිහඬ වෙලා තනියට ළඟ හිටියා උනුහුම් ඔය ළය මඩලේ සෙනෙහස මට දැනුනා මල් මඳහස දෙතොල් පුරා හීන් සැරේ ඇදුනා දෙනෙතේ ඔය ලියවුන කවි පද සේරම පෙනුනා වස්සනේ සිහින කුසුම් සොඳුරු වෙලා පිපුනා හදවත තුල සෙනෙහස ගඟ දෙගොඩ තලා ගැලුවා Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 23, 2010 නුඹ මගෙන් ණයට ඉල්ලාගත් හිනාව ඇයි තාම ගෙනැත් දුන් නැත්තේ.... මම අසරණවෙලා ඇත්තමයි දකින දකින හැමෝම මගෙන් අහන්නේ ඒ ගැනමයි ඉතින් මට කට ඇරල කිවුවැහැකිද මම ඒක ණයට දුන්නා කියලා මම ගිණි පොළි කරයෙක් නෙවෙයි ඇත්තමයි ඒත් මම ඉල්ලනවා වැල් පොළියක් මගේ හිනාව ආපහු දෙනකොට නුඹ ගෙනැත් දෙන්න කියලා Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 22, 2010 වැටිලා පරවෙලා සුවඳ මල් සේරම බොදවෙලා ඇත්තමයි දුටු හීන ඔක්කොම යන්න බෑ තව දුරක් බර වැඩියි මේ හැම මියෙන්නට හිතෙනවා ඉවතලා සේරම.... නැතිවෙලා මා ගැනත් තිබු අයිති ඔක්කොම කොටුවෙලා හිරවෙලා ජීවිතය ඇතුලට නෑ සියන් හිතවතුන් හැර ඇවිත් සේරම විඳවා විඳවා විඳියි ජීවිතේ සෙල්ලම.... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 22, 2010 හුස්ම යන්න දැන් ඇයි ප්‍රමාද??? ඇති ජීවත් උනා උහුලන්න බෑ ඇත්තමයි.... මේ ජීවිතේ බර Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 20, 2010 නිහඬ ගහ කොල සුසුම් හෙලුවා වියරු වි මහ සුළඟ හැමුවා සුවඳ මල් පෙති පරව වැටුනා ලොවම සැනෙකින් අඳුරේ ගිලුනා සුමුදු සුරතල් වදන් ගොළු විය අදින් පසු යළි හෙටක් නැති විය හද තුලින් ඉකි බිඳුම් මතු විය ජීවිතේ අනියත පසක් විය Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 20, 2010 ගාන්නේ මොන සබන්ද? බොන්න දෙන්නේ මොන කිරි පිටිද? දාන්නේ මොන ගිණුමක්ද? ප්‍රශ්න වැළක් මහා අවුලක් ඉපදෙන්න ඉන්න මගේ රන් කැටියා ගැන Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 19, 2010 සමනළ තටු පිසදාලා දෑඟිලිවල පැහැ තවරා ඒ පැහැයෙන් දෙතොල පුරා හීන් හිනා මතු කරලා..... සඳ එළියේ ගත නහවා පිනි කැට ගෙන නෙත් දොවලා ඒ සිහිලෙන් හද පුරවා සෙනෙහස දී මත් කරලා... හද කුටියේ නතර වෙලා නුඹේ උකුලේ මුහුන හොවා මගේ කඳුලින් දුක නිවලා ඉන්නම් නුඹ ළඟට වෙලා... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 16, 2010 හුරැ නැතුවට කඳුළු බින්දු දෑස් අගින් වැටුනා... සඳ තරු මල් මිලින වෙලා අඳුර ඇවිත් එබුනා... පෙර දින අප හමුවූ තැන් නුපුරැදු වී දැනුනා ... ආ ගිය මoමතක තුළින් විරහි හිත හැඬුවා... පන්හිඳ තුඩ ලියවුනු කවි පද සේරම මැකුනා... බොඳවුන ඒ හීතුළින් මට තනිකම දැනුනා... මිරිඟුවකට රැවටි කිම ගියෙදෝ ඇයි සිතුනා... යළි කිසිදා නොයෙනා බව දැන දැන සිත හැඬුවා... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 16, 2010 හීනි උනාට ඒ ගල් කැට රත් වෙලා මහ පොළව පෑගුනොත්... රිදුම් දෙයි නුඹේ දෙපතුල් පරිස්සමට අඩිය තියාපන් මේ සෙයිලමේ.... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 14, 2010 අරැමෝසම් මේ නගරේ මo මුළාව තනි වුනාද.. ආ මඟ දුර වැඩි හින්දා පා යුග පොඩි රිදෙනවද.. හිස් අහසට මහ සයුරට බිය වී නුඹ හඬනවාද... පුoචි නඟේ ජිවිතයේ ලස්සන නුඹ සොයනවාද.. Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 14, 2010 නෙක පැහැ ගෙන සුවඳ කුසුම් හැමදාමත් සුපිපුනාට.... දිළිහි දිළිහි රෑ අහසේ තරු කැට ඒ හිනැහුනාට... හින මවා හැම දාමත් හිත තනියෙන් වැළපුනට.... නුඹ නොයෙනා බව සත්තයි සෙනෙහස මා ඉල්ලුවාට.... Read more
Get link Facebook X Pinterest Email Other Apps - July 11, 2010 මලට හොරා මල නොතලා පැණි බිවේ සමනළයා... ඒ මල මල බව දැකලා පෙති ගලවා සුවඳ පෙරා මිළ කෙරුවෙ වණ බඹරා... Read more