Posts

Showing posts from 2016

ආද‍රේ තරම

සඳ නැතත් අහසකට තරු නොදිලි තියේවිද දුර වුවත් සයුර විත් වෙරළ සිප නොයාවිද මද පවන් වල වුවත් සුවඳ ගුලි නොවේවිද ආද‍රේ නම් හිතක් තිතක් වී පෙනේවිද

දුක

උඹ ඉතිං අඬනකොට හීනෙනුත් ඉකිබිඳ  බරවෙලා පපුවම ගලනවා  කිරි එක්ක කඳුළුම

හෙව්වේ මම උඹව ද...

Image
ආදරේ එක්කර සතුට එහි පැළ කොට උඹ ආවා මතකද... හිටි ගමන් පෙරළෙන ගැස්සිලා ඉස්සෙන නුඹේ ඔය දඟයට ආසයිලු මං හරියට.. ඉස්සරම දවසක තනිකමක් දැණුනම අහස දෙස බල බල හෙව්වේ මම උඹව ද...

ඒ එදා මැයි දින

Image

මා පුත...

විසල් මේ ගොමු යට සෙවන අයදීමද නපුරක්ය හැමවිට... නර කෙසුත් ඇද ඇද සාදු හඬ පතුරන බොහො දනන් දැක දැක සසර තව දික් කර නොනවතින් මා පුත...

ඔබම වන ඔබ එනතුරා

ප්‍රතිබිම් බ  නොපතමි සෙවනැළිද නොසොයමි ප්‍රතිරූප   මහ හීන උර මතින් නොතබමි මා නොවන ඔහු නොවන ඔබම වන ඔබ එනතුරා  මඟ බලමි දින ගනිමි