Posts

Showing posts from 2012

කුරුමිණියෙක් ......

කැරකි කැරකි සිවිලිම මැද රෑ  තිස්සෙට කුරුමිණියෙක්  සටපට ගා ගැහුනා... ඝන අඳුරෙම  ඇස් කරකා මදුරු  දැලේ සිදුරු මැදින් හිමිහිට උඩ බැලුනා... බිත්ති  අතර හැප්පි හැප්පි එලි සොයමින් ඉස්සි ඉස්සි කෑල්ලි කැපෙන ඝන අඳුරෙම තනියෙන් උඹ ඇඬුවා... එළිය මැදින් දුර ඇවිදින් මේ අඳුරෙම මoමුලාව ගැහෙමින් හද මරණ බියට උඹ එක්කම ඇඬුවා...

මරණ බිය

රතු ඇස් විද රුපු සෙන් බිඳ පැන ආ සඳ දුටුවෙමි අද වෙව්ලන බය... මහහින්නේ කන්ද අවට මුකලාන මැද්දේ ඉඳ උලලේනෙක් රෑ තිස්සෙට මහ හයියෙන් ඇඬුවා.. සඳට හොරෙන් හැoගි හැoගි පහළ වැවේ ඉස්මත්තේ මඩ දියවුනු බොර වතුරේ නරක් වෙච්ච වකුගඩුවක් මරණ බියෙන් ගැහුනා...

විරූපි සෙවනැලි

විකල්වී සිහියද ඇදි ඇදී හැම අත නිසොලමන් අඳුරක සෙවනැලිත් විරූපිව විරිත්තයි බලා රුව හිරු සඳුත් උරනව නතු වෙලා අඳුරට සුසුම් සිරකර ගෙල නසමි නිරුවත් රුව බිඳි විදුරු හද ඇනි කටු තැන තැන ගැලූ ලේ පිස පිස මලගමට එනු හෙට

පැමිණෙන්න ...

අඳුරු කුහරෙන් මිදී පාලු හිස් අනන්ත අවකාශ සිසාරා ඉගිලෙන්න පැමිණෙන්න ඉරා මේ අඳුරු වළා පට සිහිල් සුළඟට වැනෙන කුරුළු වෙස් පළඳින්න... තුඩින් තුඩ මිහිර විඳ පියාපත් විහිදන්න... හෙටක් ගැන  නොහිතෙන්න ජීවිතේ මත් වෙන්න... පටලවා දෑත් යුග සුසුම් සුව විඳ ගන්න... පාවෙල ඔහේ යන්න ඉතින් තනි වෙන්න පැමිණෙන්න...

රෑ හීනය

රෑ හීනෙන්  එක දවසක් සඳ ආවලු අපේ දිහා පිළිකන්නේ දොරකඩ ලඟ ඇනතියාන එළි වෙනතුරු ඒ දිහාම ඇහැ ඇරගෙන බලාන උන්නා... දැවටි දැවටි එක සීතට මුදු හඳ රැස් විඳ මිහිරට උණුසුම මැද  සිහින ලොවක පියමන් කෙරුවා... එකපාරට හූ තියාන රෑ 12ට බල්ලෙක් උඩු බිරුවා... කැල්ලි කැඩි රෑ හීනය බියවී හිත ගස්සීගෙන පියවි සිහිය ආවා හඳ ගියාලු දුර අහසට දන්නේ නෑලු දැකපු හීන පුරුදු ලෙසට ඔහේ බලාන සඳ සඳ වී උන්නා දැකපු සිහින සිහි කර කර තනියෙන් හිත හැඬුවා...

පුතුගේ අම්මා

වෑහෙන කඳුළු නෙත් අස්සේ ඔබාගෙන දාහක් බුදුන් වැඳලා හිස නමාගෙන පිහිටක් යදිමි දෙවියනි උඩ බලාගෙන කළකම් ඵලදේද සනුහරේ වේලාගෙන හිමි දහඩිය පුසුඹ දැනිලා ගෙට එන දාට වනයට ගියා දේවිත් ඵල නෙළන්නට මඟ වැරදුනා බෑ ආපහු හැරෙන්නට රාහුල පුතුණි නාඬන් අපි කල පවට   හිමිදිරියේම හිරු අහසේ පායනවා පුතුගේ මුහුණ විස්සෝපෙන් මැලවෙනවා හතේ කෝච්චිය දැන් දැන් ලන් වෙනවා නාඬන් පුතුණි අම්මා අඳුරෙම එනවා ගෙවිලා උපාධිය අත්තම්මා දුන්න යන්නේ කොහිද මල්ලේ පොල් නම් මෙන්න හිමි රජ උනත් බැහැ දුක තනියෙන් ගන්න පුතුනේ ඉතින් නාඬා දැන් ගෙට වෙන්න

මොහොතකට ආයේමත්

දුර ඈත ආකහේ තරුවක්ව දිළිසෙන්න පායලා හිනැහෙන්න මොහොතකට ආයේමත් ඇවිත් ළඟ නවතින්න ඇවිත් ගිය ඉක්මනට හද ගිහින් මහ දුර දන්නේ නෑ නුඹ තව රැඳුනු ඒ සෙනෙහස දෙතොල් මත ඇඳෙන ඒ සිනහවක් වී එන්න විඩාබර සුසුම් පිස සුළඟක්ව දැවටෙන්න හිමි නොවූ වසන්තේ මලක් වී සුපිපෙන්න මොහොතකට ආයේමත් ඇවිත් ළඟ නවතින්න

බිoකුන්ඩෝ බොල බිoකුන්ඩෝ

තැවරිලා සුදුම සුදු හිස් කඩදාසි පිටු උඩ කළු පාට බලි රූප නටයි ඔච්චම් කොට තොටත් මදි මටත් මදි කිරි හැන්ද විසි කොට නටපු අල්ලෙන් බහිමු බිoකුන්ඩෝ විගහට

පටාචාරා වැළපුම

සිටු මහල් ප්‍රසාද දොරකට බoකුවක ඇන තබා තුරුළුකර දෑත් උණුහුමට වැළපෙන්නේය අද පටාචාරාවක්ම ලෙස නිවුනු දර සෑයේද දුමත් නැත  ගොහින් නම් හුඟ දුර ඇසේ දෙසවන තව මියුරු වදනින් තෙපලු අමරස නිළුපුල් දෙනෙත් මත දිළිහෙන්න ඉඩ ලදත් කඳුළු කැට අද අමතකද සඳ නැඟුණු එක රැයක මා දෙනෙත් මත එබී නුඹ සෙවූ නුඹේ රුව දුර ගොසින්  උයන් කොන නෙළු පරසතු මලද ඔය පෙර දිනක සුවඳ දුන්  මේ මල පරවෙලා වැටී අද පය මුල   කළුකරන් මුළු අහස ගිගුම් දුන් හෙන හඬට  බියවෙල සාපැටව් නිදත් අද ලඟ හිඳ උරන වී නොයාවිද උනුත් නුඹත් නැතිකල හෙට

බලන් සිරි

නිල් කඳු වැටි පෙළින්      මිදී දුහුල් වළා සෙමින්           ඇදී ඝන මීදුම් සළුව                ඉරී එබෙයි හිරුත් ලෙසින්       රිදී නාඹර හිරු කිරණ            වෙලී පිබිදී මල් පෙමින්           සැලී තවරා ගෙන සුවඳ             පොදී නළඟන යයි සෙමින්      ඇදී සීතල පිනි බිදිති                  හැලී මදහස දෙතොලඟින්         ලිහී ඇහැරි නෙත් සෙනෙහෙ   පිරී තවරයි මුව හාදු                රැලී
ගඟක් වේ නම් ගලා ගෙන යන සයුර නුඹ වෙයි නමක් නොඅසන සඳක් වේ නම් රැයේ සුපිපෙන අහස නුඹ වෙයි රැයම නොපතන මලක් වේ නම් සුවඳ විහිදෙන සුළඟ නුඹ වෙයි පාට නොසොයන මට මාව වෙන්නටම ඉඩ හැර ලෝකයම නුඹ වෙයි ආදරේ මායිමක් නොමැතිව

ගුවන් පාලම

පාට ගා                අවුරුදුත් බෝ කොළත්                 දළු ඇවිත් සිලි සිලිත්                     හඬ ඇසෙත් නෑ සිසිල් මද පවන්                  එනමුදුත් පාලමෙන් උඩ ඇවිත් කවුළුවෙන් බිම බලත් දෙනෝ දාහක් තුළ දෙනෙත් මුලා වෙයි සිත තවත්

අකීකරු සුළඟ නුඹ...

රෑ පාට හීන වල තවරාන මුදු සුවඳ නිදන මල් පෙති සිඹින අකීකරු සුළඟ නුඹ... නිහඬ ගහ කොළ එතෙන සෙවනැලිත් දඟ කරන සුවඳ සුසුමන් ගෙනෙන අකීකරු සුළඟ නුඹ... දිලෙන තරු කැට නිවන සඳට පාටක් ගෙනෙන හිරුට පණිවිඩ කියන අකීකරු සුළඟ නුඹ...

ආදම් සහ එවා

ආදම්...... රැවටෙන්න නම් එපා මම  එවා නෙවෙයි හැමදාම මේ උයනේ මුණ ගැහුනට

බිඳිමි ගල් ලෙන

විශල් තුරු හිස් බිඳි වන මැද දුවයි සාවුන් දැනී මර  බිය හිවල් කොටි ඒ රුදුරුසෙන් මැද බියෙන් හැකිළි ඉඳිනු කෙලෙසක සිoහභාහුත් නිදයි දුක මැද මුදු කොමළ බස් නනගනු කෙලෙසද ලෙන් දොරෙන් පිට නොගොස් පිය තුම රැඳෙනු නොහැකිය ගල් ලෙනේ මට

මියැදුනු ස්වර්ණමාලියේ

රෑ පුරාම හාද වෙලා ගීත ගයනවා කුරුළු තුඩින් පෑරී ගෙඩි බිමට හැලෙනවා රිය සක යට තෙරපී හිඳ මුකුළු පානවා කළු පාටින් තිබුණු පාර සුදට වැසෙනවා අව් ගිනි රැස් පාට වැටී ගත වේලෙනවා ඒ තුරු හිස සෙවන යටින් අපි සැනසෙනවා දස දහසක් දෙනා ඇවිත් එතන රැදෙනවා දේවතාවියක් ඉදගෙන සතුට බෙදනවා තාරපාර ලොකු වෙන්නට හීන බලනවා යකඩ යක්කු ඔච්චම්කර දෑත් පානවා ගිමන් නිවා ගන්නට තුරු හිසට ඇදෙනවා දේවතාවියගේ දෑසට කඳුළු උනනවා නෑ ආයාචන කිසිවෙකු කිසිවිටක කරන්නේ ස්වර්ණමාලියට රන් වැලි සෑ නොවෙයි බදින්නේ සෙවනේ තිබූ යන්තර තුරු හිස සිඳලන්නේ දේවතාවියක් ගැහි ගැහි මරනෙට යන්නේ

කිරි පැණිත් තිත්ත වෙයි

බැස යන්න හදයි හිරු තවරාන ලේ පාට හැපී හැපී රළ හඬයි නිහඬ වෙරළට බට මින් රැලක් ගතුකියයි පැන ඇවිත් සයුරු පිට ඇට මිඳුළු නහර විද  කකියාවී විටින් විට හද මිණි මල් පිපී අර නිල් අහස කෙලවර සඳ තරුත් නිවි ගොස් කළුවරයි තුන් ලොව පුස් වෙඩිත් පත්තු වී මියෙන සවුන් දැක කිරි පැණිත් තිත්ත වෙයි අද හෙටම අපි හට

මට මා හමුවිම

සඳ නිවුණු නිසොල්මනේ එක්  රාත්‍රියක පහන් කණුවක් යට එළියක් හොයන විට බය වුනා හිටි හැටියෙම මතු වුනු  සෙවනැල්ලට

සිහිනයක සිනාසෙනවා

නිල් දියට එබී මල් කැකුළු සැලී මුදු කොමළ සිනා දෙනවා හිරු කිරණ වැදී රළ පෙළින් බිඳි පිණි බිදිති හැලී හද සිහිල ගලා යනවා රැල් පවන් නැගී හද විමන් ඇරි නෙත් අඟින් කැළුම් දෙනවා හද තැවුල් නිවී සෝ සුසුම් මැකී දුටු රුවක වෙලී සිහිනයක සිනාසෙනවා

පාටක් දෙන්න

සඳට මුකුළුපාලා ඉරට විරිත්තන නුඹට පුළුවන්ද තරුවක් වෙලාවත් තිත්තම තිත්ත කළුවරට පාටක් දෙන්න

ශිල්ප සිඟා කන අපේ මහෞෂධවරු .....

මේක ලෝකේ ලස්සන රටක්. අපි ඇත්තටම මේ රටට ගොඩාක් ආදරෙයි.අපේ රටේ අපේ දේවල් අපිට හැමදාම වටිනවා.කාලයක් බයෙන් දුකෙන් හිටපු කාලේ නැති වෙලා යුද්දේ අවසන් වුනාම හිතට දැනුනේ ලොකු සැනසීමක්. අවසාන ඵල විපාක මොනා වුනත් බෝම්බ පිපිරෙන්නැති බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් වුන එකට අපිට ඇත්තටම සතුටුයි.       සුළඟක් වගේ ඉගිල්ලිලා යන්න පුළුවන් අධිවේගී මාර්ගයක යන්න අපි අකමැති නෑ. නෙළුම් පොකුණේ අර සුව පහසු අසුනක වාඩි වෙලා ඉහළ පහළ යන වේදිකාවේ අග්නි වගේ ඔපෙරාවක් බලන්න අපි අකමැති නෑ. ගුවන් පාලම් හදනවට, අලුත් මාර්ග හදනවට, ක්‍රිඩා පිට්ටනි හදනවට, වරායවල් හදනවට අපි අකමැති නෑ. ඒවා හදන්න ලෝකෙට ණය වුනාට ඒ ණය ගෙවන්න අපිට පුළුවන් උපරිම සේවයක් කරන්න අපි ලෑස්තියි.   ඒත්.... අපි අවසානයේ රටට වෛර කරන පිරිසක් වෙන්න කැමති නෑ."ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ,එය රැක ගන්නට මෙළොවේ සමත් වුනොත් පුත නුඹ වේ" කියලා පොඩි කාළේ ඉදලම අහලා තිබුණු නිසාද මන්දා මේ රටට වෛර කරන්න අපි කැමති නෑ.    ජීවිතේ ඉල්ලලා කෑ ගහන මිනිහෙකුට ජීවිතේ බේරලා දෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න මිසක් මිණිමරුවෝ වෙන්න අපිට බෑ.අම්මා පුන්චි කාලේ ඉදන

සුභ සිහින

අර ඈත නිල් අහස පාට කර හිනැහෙන්න ගනදුරට මඟ කියන තරුවක්ව පායන්න දුහුල් මල් පෙති වලට නොරිදෙන්න සිප ගන්න ඒ සුවඳ තවරාන මලක් වී සුපිපෙන්න පිණි බින්දු පොද ඉහෙන සීතලක ගුලි වෙන්න උදා වෙන හෙට දකින සුභ සිහින වී එන්න