Posts

Showing posts from July, 2014

අපි සෙට් වෙමු නේද මචං

Image
Photo/Video Place Life Event බණ්ඩාරේ වරෙන් හනික ඈලි මෑලි හිරි ඇරෙන්න අපි සෙට් වෙමු නේද මචං සෝඩා එක මෙහෙට ගනින් Mix කරලා ගමුකෝ මචං බියර් වලට නෑ ආතල් ඒ තරමට ................... උඹ කිව්වට ඔය විදිහට බයක් නැතුව දුකක් නැතුව මඟුල් කන්නේ කොහොමද අපි උන් නැත්තම් උඹ බැන්නට ආණ්ඩුවට ගසාකනවා තමයි මචං ඕනේ එකෙක් දිනුවොත් හෙම බලේ අරන් මචං ඕවා බයිලා නේද ................. පුර පෝයක් ළඟ එනකොට වෙව්ලනවා පුරහඳ හෙම ඉතිං සෝමේ මම බය නෑ පපුව අපේ හොඳ සිහල තම්බියෝ ටික මට අරහං මේක මචං බෞද්ධ රට බයිට් ටිකක් දියං මෙහෙට මචං ඉතිං අපි සෙට් වෙමු .............................. උදේ 8ට විතර මචං  මං ආවේ  පැයක ගමන හරි ලේසියි highway නේද මචං ඇසි පියන්න කලින් අපිට මේක වේවි සුරපුරයක්  නේද මච ........................... හිස් ටින් එකක් වගේ මල්ලි  අපේ ජීවිත නැගලා යනවා නේද මච මේ සින්දුව වරෙං ඉතින් ආතල් එකේ  අපි සෙට් වෙමු  නේද මචං