Posts

Showing posts from July, 2010
දනුෂ්ක මිතුරාගෙන් කතරගමටගොස් පැතුම් පුරෝගෙන මතකයි දෙවියන් දෙස බැලුවා නෙතක සුපිපි දුක් කඳුලැල් අරගෙන දෙවියන් පහනට වත් කරලා කොනක එදා හදපතුළේ රිදුම් දෙන අහිමි සෙනේ කැන් සිහිකරලා දෑත නළලේ බැඳ කෙලෙස වදින්නද ගලන කඳුළු කැට පිස දමලා වැහිදිය වැටුන ගන් ඇළ දොළ නපුරු වෙලා යායට පිපුනු අන්දර මල් මිලින වෙලා පන්හිඳ නුඹට කවියට පස මිතුරු වෙලා සුන්දර කියපු ලෝකය අද එරෙහි වෙලා දුක් කම්කටොළු දුරු කර හෙට හිනැහෙන්න හිරු සඳ ඒතී ලොවසතුටින් ඉපිලෙන්න මෙ ජිවිතෙන් ගැළවිමට ඔබ දන්න කියන්න මඟක් මට මිතුරිය මියදෙන්න තනිකම් පිරි ජිවිතයේ දුටු සිහිනය බොද වෙනවා නොකා නොබී පැතුව පැතුම් ඇස අද්දර වැනසෙනවා සසර කරපු පවු පල දී මෙ ලොවම විඳවනවා අහිමි සතුට සිහිකරමින් කඳුළු බි බී වැළ පෙනවා මේ යාළුවා මේ කවි දකින් නැතිවෙයි. එත් ඒ කවි විදින මම වගේම මෙ කවි බලන හැමෝමත් එයාගේ හිතේ විඳවන දුක නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඒයා ජිවිතේ හුඟක් විඳවන කෙනෙක්. අපි කාටවත් ඒ දුක ගන්න බෑ. එයා තනිවම විඳවනවා.මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාගේ සතුට.
දරාගෙන හද තුළ නුඹේ ඔය සෙනෙහස සෙවනැල්ල සේ ඇවිත් දැවටිලා නුඹ ලඟ අත නොහැර කිසි දිනෙක හිදිනවා සත්තයි.... ලොවම මට කිවත් යන්න නුඹ අතහැර මිය යන තුරාවට නොයෙමි නුඹ අත හැර
ගස මල සල් ගස යට අමර නැත ගස යට වටුනු සල් මල් ඇහිදින්න... අමරයි කමලුයි එකතුවෙලා සෙල්ලම් කඩ දන්න දැන් නෑ වෙලා... "ජම්බු ජම්බු රතු පාටයි ඉදුනු ජම්බු රතු පාටයි" ඉස්සර වගෙ කවි කියන්න චමරිට නයනට දැන් නෑ වෙලා... කොටුවෙලා හිරවෙලා ඔක්කොම ටියුෂන් කඩ ඇතුලේ...
පිපී මුව මත සීනා මල් මිට නුඹේ නෙතඟින් ගලා යනවිට... සෙනේ දිය පොද වැටී ඒ මත හදේ සක්මන් කලා නුඹේ රුව...
ඊයේ එහෙ මෙහේ අවුස්සද්දි මම ලියපු පරන පොතක් හම්බවුනා. ඒ පොතේ මම ලියලා තියෙන්නේ මම ඒ කලේ කියවපු පොත් වලින් උපුටාගත්ත දේවලුයි, ඒ ගැන මට හිතුන දේවලුයි තමයි. මම හිතුවා ඒ උපුටා ගැනීම් ටිකක් බොලොග් එකට දාන්න. කියවලා බලලා තමන්ගේ ජීවිතෙට ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගන්න.සමහර විට මෙ පොත් කියවලත් ඇති. මෙවා මතකද කියලා බලන්නකෝ.... තැවුල් සිත: කොහේහරි දූපතක තිබිලා කෙනෙකුට ඔරලෝසුවක් හම්බවුනා කියලා හිතන්න.මේ ඔරලෝසුව කවුරුත් හදපු එකක් නෙවෙයි. එහෙම නැත්තම් ඉබේ පරිනාමය වෙච්ච එකක් කියලා කවුරුහරි කියනවනම් ඒ මිනිහා පිස්සෙක් කියලයි සළකන්නේ.ඒ වුනාට නවින විද්‍යාවට අනුව විශ්වය පරිනාමය වෙලා තියෙන්නේ. ඒ විදියට එතකොට විශ්වය කියන්නේ ඔරලෝසුවට වඩා සරළ දෙයක්ද? සිඳුනු තටු: ප්‍රේමය පහළ වීමට දිගු ඇසුරක් සමීප සම්බන්ධතාවයක් අවශ්‍යය යැයි සිතිම මුළාවකි. එය පහළ වන්නේ ක්ෂණ මාත්‍ර වූ යම් මොහොතකය. අධ්‍යායාත්මයෙන් අන්‍යෙන්‍යය වශයෙන් හඳුනා ගනිත් ද ඒ මොහොතෙහි පහළ වන ප්‍රමෝදය කෙරෙන් ප්‍රේමය පහළ වේ.ඒ විනා කෙතරම් වසර ගණනාවක් හෝ පරම්පරා ගණනාවක් ඇසුරු කළත් සැබෑ  ප්‍රේමය පහළ නොවේ. අපූගේ ලෝකය: මේ දිනවල මට සිතෙන්නේ අත්දැ
අමාවකට නුඹ බලන්න සඳවතියේ මම ආවා සිත් අහසේ සැඩ කළුවට බිය වී මම ඉකි ගැසුවා නුඹේ මතකය සිහිකරන්න එවා තිබුණු තරුකැට ටික අතුරාලා වළා අතර උන්නෙමි මම හුදෙකලාව දෑස් පියා සවන් යොමා රැහැයි ගීත මා ඇසුවා ගත සතපා නෙත නොනිදා නුඹ බලන්න මම සිටියා කොපුල් මතින් රූරා යන කඳුළු බින්දු පිසදාන්න... නිදා වැටෙන මල් කුමරියෝ සිනාවකින් පුබුදුවන්න... වල්මත් වුනු සිත් අහසේ ඝන කළුවර දුරුකරන්න... පෝය දාට නොවෙයි අදම මගේ අහසට නුඹ වඩින්න...
නුඹේ නෙත් තුළ වේලී මා හද සොයයි සෙනෙහස උමතු වූ ලෙස                                                රැයෙහි පායා                                                      දිළෙන සඳ ලෙස                                                  මහද ගැබ තුළ                                                අඳුර දුරු විය ඉරක් සේ නොදවන මලක් සේ නොමියෙන කවක් සේ නොලියෙන සෙනෙහස නුඹේ පුදුමය
වී නපුරු මේ රුහිරු බිම ඉහිරු නුඹ කවුරු
Image
විකසිත කුසුමක රැඳි නුඹ සුවඳකි කළුවර අහසේ දිදුළන තරුවකි පන්හිඳ තුඩඟින් ලියවුනු කවියකි හතවත පතුලේ රැඳ වුනු වදනකි පුර පෝදා හඳ දුටු විට අහසේ නුඹේ මුව මතකෙට ආවයි රහසේ සඳ රැස් වැටිලා තුරුලිය අස්සේ මතකද තෙමුනා පිනිකැට වැස්සේ
සඳ කොමළිය හින් සැරේ වළා යටින් එබුනා නිල් තරු කැට අහස පුරා රටාවකට දිලුනා කොඳ මල් මදහාස නගා විකසිත වී බැලුවා ආදරයෙන් මුලු ලෝකය වට කොට මා සිටියා නෙත දොවලා කඳුළු බින්දු පිනි කැට වී වැටුනා නළඟන විත් හෙමින් සැරේ සිහිල දෙමින් එතුනා ගහ කොල වැල් නිහඬ වෙලා තනියට ළඟ හිටියා උනුහුම් ඔය ළය මඩලේ සෙනෙහස මට දැනුනා මල් මඳහස දෙතොල් පුරා හීන් සැරේ ඇදුනා දෙනෙතේ ඔය ලියවුන කවි පද සේරම පෙනුනා වස්සනේ සිහින කුසුම් සොඳුරු වෙලා පිපුනා හදවත තුල සෙනෙහස ගඟ දෙගොඩ තලා ගැලුවා
Go to next page(අමාවක සඳ)
නුඹ මගෙන් ණයට ඉල්ලාගත් හිනාව ඇයි තාම ගෙනැත් දුන් නැත්තේ.... මම අසරණවෙලා ඇත්තමයි දකින දකින හැමෝම මගෙන් අහන්නේ ඒ ගැනමයි ඉතින් මට කට ඇරල කිවුවැහැකිද මම ඒක ණයට දුන්නා කියලා මම ගිණි පොළි කරයෙක් නෙවෙයි ඇත්තමයි ඒත් මම ඉල්ලනවා වැල් පොළියක් මගේ හිනාව ආපහු දෙනකොට නුඹ ගෙනැත් දෙන්න කියලා
වැටිලා පරවෙලා සුවඳ මල් සේරම බොදවෙලා ඇත්තමයි දුටු හීන ඔක්කොම යන්න බෑ තව දුරක් බර වැඩියි මේ හැම මියෙන්නට හිතෙනවා ඉවතලා සේරම.... නැතිවෙලා මා ගැනත් තිබු අයිති ඔක්කොම කොටුවෙලා හිරවෙලා ජීවිතය ඇතුලට නෑ සියන් හිතවතුන් හැර ඇවිත් සේරම විඳවා විඳවා විඳියි ජීවිතේ සෙල්ලම....
හුස්ම යන්න දැන් ඇයි ප්‍රමාද??? ඇති ජීවත් උනා උහුලන්න බෑ ඇත්තමයි.... මේ ජීවිතේ බර
නිහඬ ගහ කොල සුසුම් හෙලුවා වියරු වි මහ සුළඟ හැමුවා සුවඳ මල් පෙති පරව වැටුනා ලොවම සැනෙකින් අඳුරේ ගිලුනා සුමුදු සුරතල් වදන් ගොළු විය අදින් පසු යළි හෙටක් නැති විය හද තුලින් ඉකි බිඳුම් මතු විය ජීවිතේ අනියත පසක් විය
ගාන්නේ මොන සබන්ද? බොන්න දෙන්නේ මොන කිරි පිටිද? දාන්නේ මොන ගිණුමක්ද? ප්‍රශ්න වැළක් මහා අවුලක් ඉපදෙන්න ඉන්න මගේ රන් කැටියා ගැන
සමනළ තටු පිසදාලා දෑඟිලිවල පැහැ තවරා ඒ පැහැයෙන් දෙතොල පුරා හීන් හිනා මතු කරලා..... සඳ එළියේ ගත නහවා පිනි කැට ගෙන නෙත් දොවලා ඒ සිහිලෙන් හද පුරවා සෙනෙහස දී මත් කරලා... හද කුටියේ නතර වෙලා නුඹේ උකුලේ මුහුන හොවා මගේ කඳුලින් දුක නිවලා ඉන්නම් නුඹ ළඟට වෙලා...
හුරැ නැතුවට කඳුළු බින්දු දෑස් අගින් වැටුනා... සඳ තරු මල් මිලින වෙලා අඳුර ඇවිත් එබුනා... පෙර දින අප හමුවූ තැන් නුපුරැදු වී දැනුනා ... ආ ගිය මoමතක තුළින්   විරහි හිත හැඬුවා... පන්හිඳ තුඩ ලියවුනු කවි පද සේරම මැකුනා... බොඳවුන ඒ හීතුළින්  මට තනිකම දැනුනා... මිරිඟුවකට රැවටි කිම  ගියෙදෝ ඇයි සිතුනා... යළි කිසිදා නොයෙනා බව  දැන දැන සිත හැඬුවා...
හීනි උනාට ඒ ගල් කැට රත් වෙලා මහ පොළව පෑගුනොත්... රිදුම් දෙයි නුඹේ දෙපතුල් පරිස්සමට අඩිය තියාපන් මේ සෙයිලමේ....
Image
අරැමෝසම් මේ නගරේ මo මුළාව තනි වුනාද.. ආ මඟ දුර වැඩි හින්දා පා යුග පොඩි රිදෙනවද.. හිස් අහසට මහ සයුරට බිය වී නුඹ හඬනවාද... පුoචි නඟේ ජිවිතයේ ලස්සන නුඹ සොයනවාද..  
Image
නෙක පැහැ ගෙන සුවඳ කුසුම් හැමදාමත් සුපිපුනාට.... දිළිහි දිළිහි රෑ අහසේ තරු කැට ඒ හිනැහුනාට... හින මවා හැම දාමත් හිත තනියෙන් වැළපුනට.... නුඹ නොයෙනා බව සත්තයි සෙනෙහස මා ඉල්ලුවාට....
Image
මලට හොරා මල නොතලා පැණි බිවේ සමනළයා... ඒ මල මල බව දැකලා පෙති ගලවා සුවඳ පෙරා මිළ කෙරුවෙ වණ බඹරා...