Posts

Showing posts from March, 2013

රාමනාදන් කොහිද

තල් වැටේ මායිමේ කඳුළු කැට සඟවලා අඳුරු පුර හඳ ඇවිත්  පිල් කඩට බරවෙලා සැඩ සුළo රැල් වැදී ජීවිතේ දියවෙලා රාමනාදන් අරන්  අඳුරැ සෙවනැළි ගියා ගුගුරුවා අහස් ගැබ ලේ කඳුළු වැටුන දා බිය වැදී තරු කැටත් හීතලෙන් ගැහුන දා කෑ ගසා ගිජු ලිහිණි ඉදිකඩින් පැන විදා රාමනාදන් අරන්  උන් කොහිද පියැඹුවා දකුණු අහසින් ඇවිත්  ඉර හිනා වෙයි අපිට පෑල දොරකඩ පිපෙයි මිණිමල් ඒ දුකට රත් වෙච්ච වැලි කැටත් රිදුම් දෙයි දෙපයට අහෝ දෙවියනි සොයන්  මගේ පුතා විගහට