Posts

Showing posts from January, 2013

නුවර වීදි දෙගොඩතලා

නුවර වීදි දෙගොඩතලා කුණු ලේ රතු පාට වෙලා අහක බලා යන්නට බෑ   පිළි ගඳට පුරුදු වෙලා දේව රූප උඩු ගුවනින් බිම වැටිලා ඇස් අදහා ගන්නට බෑ   රෑ තිස්සෙට සුනඛ රංචු උඩු බුරලා හඳ කැඩිලා බිම වැටිලා හූල්ලන්න තනියෙන් බෑ   තැන් තැන්වල වැටී නටන සෙවනැලිවල ගෙළ සිඳලා පණ නහලා ඇවිත් යන්න පමා වෙන්න තව නම් බෑ