Posts
Showing posts from 2015
උඩ බලමින් දෙසල්ලා...
- Get link
- Other Apps
දක්කාගෙන ගොන් හරකුන් වෙල මැද්දට හෝයියා... පන්නාගෙන හිවල් මොටයි කැලේ මැදට හෝයියා... උඩින් පැනපු දෙවි බඹුනුත් එකම ගොඩක හෝයියා... රා වෙනුවට බියර් බීපූ අපි ඔක්කොම හෝයියා... එළි වෙනකොට හීන බිඳපු ඇස් අඳ කර දමල්ලා... සැහැල්ලුවෙන් පාවෙනකොට නිරුවත හැඩ බලල්ලා... ගොඩෙන් මඩෙන් කාට උනත් ඩිoග ඩිoග බෙදල්ලා... කැමති කැමති අත ඉදගෙන උඩ බලමින් දෙසල්ලා...
මෙය මුලාවක් බව...
- Get link
- Other Apps
සබඳ පවසන්න පසක් කලේ යැයි නුඹ මට මෙය මුලාවක් බව..... මලක් නොවෙමි දැන් මම උස ගසක් මත සුපුෂ්පිත මිලින වී ගොස් බිමටම ඇද වැටුන මලක් වෙමි දැන් මම පෙතිද එකිනෙක ගිලිහුන එසේමුත් පවසන්න සබඳ මෙය මුලාවක් බව... මා දෙතොල් මත ඇදෙන සිනාවක් යළි යළිත් දැකිය හැකි නම් නුඹට මම නුඹෙන් අඩක් නොවනා බව ඉතින් පවසන්න සබඳ මෙය මුලාවක් බව... උමතු ස්තිර් යක හද මත වියරුවෙන් රටා කල ප්මයේ ගෙත්තම උනා දමා සැනෙකින්ම පවසන්න මට යළි යළිත් මෙය මුලාවක් බව... ගැහෙන නුඹ පපුව මත දිගා වී පෙරදින සුවඳ සොයමින් හිනැහුන මා දෑස් මතටම එබී බලමින් තව නුඹ ඉතින් පවසන්න මෙය මුලාවක් බව...