Posts

Showing posts from 2017

මේ හොඳම වේලාවය

ඇහැරෙන්න හොඳම වෙන වේලාවක රහසින්ම කොඳුරන්න බැරිවද නිදියන්නේ නිදිකුම්බා සේරම සිහින්වට කෙඳිරියක් නෑසෙනා තරමට ගැඹුරුයිද ඔය නින්ද හීනයක් නැතුවම කොනිත්තන සිතුවිලිත් බර වැඩියි හිතුනම සිඹින්නෑ මලක්වත් ඇහැරෙනා හින්දම පිනි බිඳිති වැටෙන්නේ හීතලක් දැනෙන්ට හීතලෙන් හිරිවැටී උණූහුමක් හොයන්නට ඇහැරෙන්න නිදිකුම්බා මේ හොඳම වේලාවය