Posts

Showing posts from 2011

ක්‍රිස්නජිනා

ක්‍රිස්නජිනා සැඟවියන් මා දියණියේ එන තුරා යස ඉසුරු ගෙන මා ජූතක බමුණන් බලා හිඳි නුඹ ගෙනියන්න සුරා මතින් පියා නුඹව දන්දෙනකන්

ජි...වී....ත....ය

තවරපු පැනි රහක් මැද්දේ නික්ම්ම නිකන් බටර් කේක් කෑල්ලක් විතරයි

රොකට්ටු මඟ

ඇවිත් වැට ළඟ වැදී සැඩ නළ අඳුරු සෙවනැලි පිට නටයි වී තව හැඩ   පෙළින් ගොස් කුළි රිය දෙව් විමන් වලට බට එනමුදුත් හෙමිහිට වැටෙයි තව උඩ යට ණයට ගත් හුස්ම ටික රොකට්ටුත් මඟ හැර අපි ගියේ ආපිට විරිත්තන රුවකට පුදනු තව කියා මක්කට

සිනාසෙමි කඳුළු හැර

පියා නෙතු යුග අසා ඉනු මැන පවන් රැල් මත එතී හෙමිහිට නටයි කවි පද වැටි සවනට ගිලිහෙන දෙතොලඟින් නුඹේ සිනහව වී දැවටෙන්නද වෑහෙන නෙත් කොනින් නුඹේ කැළුමන් වී සැඟවෙන්නද විහිදෙන සියොලඟම නුඹේ සුවඳක් වී තැවරෙන්නද ඇහැරෙන සිහිනයක නුඹේ පැතුමක් වී ළඟ ඉන්නද නොවී විරසක සඳ දිලේ නම් දුර වුව හිඳ සිනාසෙමි කඳුළු හැර පිස සිහින සිර කර හදේ කෙලවර

දන්නෝ දනිති

බඩ පිම්බුවට ලෝකෙට පෙන්න උඹ ලොකු වුනාට දන්න හැමෝම දන්නවා උඹ නිකම්ම නිකන් හුලo ගෙම්බෙක් බව

ගෝලීයකරණයවීම

ඉස්සර ස්වයoපෝෂිත වෙච්ච මගේ හිත නුඹ වටේ ගෝලියකරණය වුනාට පස්සේ ලොකු ගාණක් දිලා නුඹේ ආදරේ Import කරනකොට කුණුකොල්ලයට හැමදාම මම ආදරේ Export කරනවා

එකම තියරිය

හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ

අලියා සහ කුඹියා

අලි කකුලකට පෑගෙන්න ගිය විප්ලවකාරි කුඹියෙක් ........... අලියාට වෙඩි තබයි ..! අලි කුලප්පුවෙයි කුඹි අතුරුදහන්වෙයි

විශාකා මියැදෙති

අන්ධකාරයේ වෙලී සෙවනැලිත් ඉකිබිඳි වසන්තේ මල්හැලී තුරු ලියත් බැන වදී අනෝරා වැහී වැටී දෙපතුලුත් හිරි වැටී දිව නොගොස් මහවැ ටී   හති දමයි මඟ වැ ටී ඉදුනු නරකෙස් පෙනි කැඩපතත් වියරු වී හීනෙනුත් බිය වැදී විශාකා මියැදෙති

ඉතින් අවසර....

පවන් රැල් වැද සැලී මල් පෙති හොරෙන් ඇහැරෙන වේලාවේ... නිවී දැල්වී දිලී තරු කැට ගුවන විසිරුන සැඳැවේ... වළා පට බිඳ එබී හෙමිහිට සඳක් හිනැහෙන වේලාවේ.. ඉතින් අවසර යන්න පෙර මඟ ජීවිතේ මo තලාවේ...

ජීවත් වෙන්න බිය නොවන්න

රස්සාවක් නැතිවුනාට අතට කාසි හිඟ වුනාට කරන්න වැඩ නැතිවුනාට අපි බදිමු මම රේඩියෝ අහන්නම් ඔයා tv බලන්න පොස්කාඩ් යවලා යවලා ගේ ඉස්සරහා බෝඩ් ගහලා අපි ලක්ෂයක් දිනමු ඊට පස්සේ බලුප් දාලා වැලුත් ඇදලා දේවාලයක් දාමු ඔයා කපුවා මට පුලුවන් මායම් දාන්න අපි දෙන්න එකතු වෙලා දුක විකුණමු සල්ලි වලට එහෙම බැරි වුනොත් අපි පන්සලක් දාමු චීවරයක් පොරවාගෙන පිළිමේකුත් තනවාගෙන කෙල්ලෝ කොල්ලෝ වශී කරමු හදි හූනියම් කරමු දහම්ත් modify කර ලා පින් කැට ටික වැඩිකරලා සාසනේම විකුණාගෙන අපි දෙන්නා ජීවත් වෙමු

උපමා කුමට..?

Image

අව් සැරට පිච්චිලා

පිපාසිත දෙනෙත් යුග මිරිඟුවක් දකිනවා මල් නොපිපි ගහකොලත් වියළිලා වැටෙනවා ඉරි තැලි මහ පොළව ඉකි ගසා හඬනවා අව් සැරට පිච්චිලා ජිවීතේ දැවෙනවා

මොන මඟුලක්ද.....?

මෙහේ බලන්න තව හැරෙන්න තව පොඩ්ඩක් හිනා වෙන්න බුලත් දෙන්න දැන් වඳින්න තව පොඩ්ඩක් ළඟට වෙන්න 4ටෝ එකේ හැඩට ඉන්න video එක කොලිටි වෙන්න මගුල් දාට අපි ගහනා බෙර පදයට ඔබ නටන්න සිරිත් විරිත් හරි විදියට කවදාවත් බෑ රකින්න ලෝකෙට ඕනෑ විදියට ජීවත් වෙන්නට හිතන්න තවරාගෙන පාට ජාති අද හරියටවෙනස් වෙලා උදේ හවස නුඹ දුටුවත් අඳුරන්නට නොහැකිවෙලා කුළ සිරිතට දීග යන්න 4ටෝ ජෙනික් හරස්වෙලා

සාධාරණ යුද්ධය හා අසාධාරණ සාමය

නුඹ අණ දුන්නා මම වෙඩි තිබ්බා ඔහු මියඇදුනා රතුපාට ලේ ගැලුවා මේ සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමයෙන් අපි මියැදෙන්න සුදානම්

සිනා මල්

Image

අනේ දෙයියනේ.....!!!!!

පේළියට එක දිගට රූප5 පිළිවෙලට කතරගම,විශ්නු පුල්ලෑරේ දෙවියොද ඒ විතරක්ද පත්තිනි මෑණියොත් පැනලා ඒ මැදට..... හිටගෙන එක පෙළට ඉන්නවා බලාගෙන පිහිටක් වෙන්නට... මේක හරිම ලාභයක් අපිට වෙච්ච වාසියක් 1 ක් රුපියල් 10 ගානේ පස් දෙනට 50 ක් යයි අරන් යන්න අතේ තියෙන පුන්චි මුදලට දෙවියන්ම පස්දෙනෙක්... දුකට පත් මේ අපට පිහිට වෙන දෙවියනේ උණුවුනේ නැද්ද ඔය පඬු පුල් ආසනේ ලාභේට පාර මැද අසරණව අලවිවෙන දෙයියන්ගේ නාමයට

කවි කොලේ

උඹ කොලයක් දුන්නා මම කවියක් ලිව්වා .......................... ...................... ........... ...... ... හඳේ හාවා ගැන දවසයි දෙකයි ගත වුනේ හඳ අතුරුදහන් හාවා පැනලා ගිහින් ගුලිවෙලා කවි කොලේ වැස්සට තෙමෙනවා

පැතුම

හමා ඇදෙන මඳ සුළඟේ දුක ගුලිකර මට එවන්න.. ඒ දුක කඳුළට හරවා මට හඬන්න ඉඩ හරින්න... නෙතින් වැටෙන ඒ කඳුළේ සිහිලෙන් හද තෙත් කරන්න... හීනෙන්වත් ළඟට එන්න හනිකට නිදිමත හැදෙන්න... ලොව නිදනා ඒ අතරේ තටු ලැබිලා මට අහසේ පියඹාවිත් හොර රහසේ හිස අත ගා සනසවන්න කවුළු පියන් හැර තබන්න අටවක සඳ දුන් සිනහව අතුරා මුව මත පිරෙන්න... හද තුළ සෙනෙහස පතුරා ඉක්මන් සුව පතාලන්න... දිගු වී මේ රැය තව තව නුඹ ළඟ ඉන්නට හරින්න... තැවරුනු ඒ සුසුම් සුවඳ ඇති නුඹ වෙනුවෙන් හිඳින්න...

දුටිමි

ගලවා දමා සුදු පිරුවට නිර්වස්ත්‍ර කොට ආත්මයම එබී බැලුවෙමි කැඩපතට..... ලෝකයක් නොදකින කළු පැල්ලම් දුටිමි සෝදා ඉවත්කල නොහැකි වූ.......

සොඳුරු වු වසන්තේ

පිපි තඹර පෙති විදා හිනැහිලා බලනවා... විසිරිලා නුඹේ සුවඳ මද පවන එතෙනවා... ඒ සුසුම් සුවඳ වැද කෙහෙරැළිත් නටනවා... සොඳුරු වු වසන්තේ මිහිර තව දැනෙනවා... සියොතුනුත් ගී ගයා ලොව අසිරි කියනවා... දැවටිලා නුඹ ළඟින් ඒ අසිරි විඳිනවා... නුඹේ දෑස් මත එබී මා දෑස් සොයනවා... හද පුරා කුරුටු ගා ආදරේ ලියනවා ...

අරමුණ සොයා යෑම

ජීවීතේ..... මොකද්ද තේරුම? අරමුණ මොකද්ද? ජිවීතේ තියෙන්නේ විඳින්න. කවුදෝ කිව්වා.          ඒත් විඳින්නේ කොහොමද? මොනවද ජීවීතේ විඳින්නේ? මට හිතෙන්නේ අපි අපිව රවට්ටනවා. ජීවීතේ හැමදෙයක්ම සතුටින් විඳිනවා කියන්නේ ඒකද? මම මාවත් ඔයා ඔයාවත් රවට්ටා ගන්න එකද? මට තේරෙන්නෑ. ඇත්තටම තේරෙන්නෑ.........ජීවීතේ ........අර දකින තිරිසන්නුයි අපියි අතර වෙනස තිරිසන්නු හිතට එන හැඟීම් ඒ විදියටම කිසිම පාලනයක් නැතුව ඒ හැඟීම් ඉටු කර ගන්න එකයි අපි ඒවට වැට කඩුළු මායිම් දාලා සිතුවිලි ශිෂ්ඨ සම්මපන්නයි කියල හිතන රාමුවක් තුළ පිළිවෙලකට කිරියාත්මක කරන එකයිද? මම අහන්නේ මොකද්ද මේ ජීවීතේ අරමුණ?            හිතන්න්න පොඩ්ඩක්. පුන්චි කාලේ  ඉදන් ඉගෙන ගන්නවා එක්කෝ හුඟාක් දුරට ඉහළට ඉගෙන ගන්නවා.ලොකු උගතෙක් වෙන්න. නැත්තම් ඔන්න සාමන්‍ය විදියට ඉගෙන ගන්නවා. කොහොම උනත් අන්තිමට ජොබ් 1 ක් කරනවා . උදේ ඉදන් හවස් වෙනකම් එක්කෝ පඩියට වැඩ කරනවා, නැත්තම් සේවය කරනවා පඩියට. ඔය කොහොමහරි ජීවන මර්ගයක් හදාගන්නවා. ඊට පස්සේ ගෙවල් දොරවල් හදනවා. යාන වාහන ගන්නවා. මේව හැම එකක්ම කරන්නේ තමන්ට හොඳ වටිනාකමක් ලබා දෙන එකනේ. කොහොමහරි ඊට පස්සේ ඔන්න කසාද බඳිනවා. ළමයි හ

පාට ගිය සමනලුනේ

අව් සැරට පිච්චිලා                   පාට ගිය සමනලුනේ දූවිලේ එතී   එතී                          නුඹේ සුවඳ හමන්නේ කළු තාර පැල්ලමද              ඉකි ගසා හඬන්නේ මල් වියද දහ os යට දියවෙලා වැටෙන්නෙ

ආසනික් කැවිලා

ඉර දිහා බලාගෙන               සිහිල යැද හඬනවා වැහි දියට දිය වෙලා                 කඳු ගැටත් බිඳෙනවා බඩජාරි පණුවනුත්               බත් ඇටත් ගණිනවා ආසනික් කැවිලාදෝ               ඔලුව කරකැවෙනවා කිරි පැණිත් තිත්ත වී           moonඋඩ බලනවා වාර්තා කියවලා              හීනෙනුත් දොඩනවා ඉසේ ඇති රුදාවට                    වෙන කොට්ට හොයනවා ආසනික් කැවිලාදෝ             අපි පිස්සු කෙලිනවා වාවාගෙන කෑවේ අපි           අපේ දේ තමයිනේ වකුගඩුත් දියවෙලා                   ගෙවෙන්නේ කරුමේනේ ලොකු උනුත් ඇස්පියා           සොයන්නේ බලයනේ ආසනික් විශවෙලා          මියෙයිදෝ බයයිනේ

කවුද මේ පොලියානා

         පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්‍රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ.        එයා මේ සෙල්ලම කරනවා. ඒ  වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත

සතුටුවෙන සෙල්ලම

පොලියානා පොලියානා යාළු වෙන්න මාත් එක්ක හිනා වෙන්න කියා දෙන්න මට තනියෙන් බෑ කරන්න "සතුටු වෙන සෙල්ලම" ඉගිල්ලෙන්න අවැසි විටදි නිල් අහසත් දුර පෙනෙද්දි නොලැබුණු අත්තටු ගැන හිතෙද්දී හිනා වෙන්නේ කොහොමද මo දෙනෙත් වලට කඳුළු එද්දී ජීවිතයේ බරක් නැතත් රැකගත් ජීවිතය ඇතත් මහ පොළවට බරක් වෙතොත් හිනා වෙන්න හැකිද තවත් පොලියානා හැකි විගහට කියා දෙන්න මේ හැමවිට සතුටු වෙන්න හැකි තරමට විදියක් ජීවත් වෙන්නට

කිනිතුල්ලෙක්......

අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත

~පිළිවෙතින් පෙළ ගැසෙමු~

බුදු සමිදු පාමුලේ තබා මල් ආසනේ පිපිලා පරවෙනා බව කියයි ජීවිතේ හුරු පුරුදු මාවතේ හිත බැඳුනු ආදරේ මියැදුනොත් යම් කෙනෙක් වැළපේවී කෑගසා ඉල්ලලා ජීවිතේ අඬගසා ගම් දොරේ ගසා හේවිසි අගේ වඩමවා හිමි පුරේ දෙවි දන් සුරපුරේ යනෙන විට මහ මඟේ දෑත් පා සිඟමනේ දුටුවොතින් යන දනෝ ඉවත යයි නෙත් අනේ  දන් දුන්නු සිටුතුමෝ ඇසෙයි දස දෙස දිගේ පතුරුවා දම් රසේ හිත තබා හිතු මතේ පිළිවෙතින් පෙළ ගැසෙමු තබා අත් නළලතේ

වෙන් වෙමු

සඳ දැන් අර මෝදු වෙලා හිනැහෙවී හොරෙන් බලා නෙතු බොඳ වී කඳුළු උනා හැර යන්නට නොහැකි වෙලා දෑස් මතට එබී බලා නුබේ  රුව මා දැසේ සොයා මුමුනා නෙක මියුරු කතා සිරවි හද නතර වෙලා ගහ කොල වැල් නිහඬ වෙලා මල් නිදියයි අහක බලා ලොව උරනව බලන නිසා වෙන්වෙමු අපි සුවඳ තියා

සුදු කළු

එකම පාටකට නුඹ කළු කියනවා මම ඒ සුදු කියනවා ඒ කළු ද? නැත්තම් සුදු ද? අපි තර්ක කරනවා නුඹද නිවැරදි මම ද නිවැරදි ......................................... ......................................... බැලුවාම හිතලා ඇත්තට ....................... සoකල්ප අස්සේ හිරවුනු අමුම අමු මෝඩයෝ නුඹත් මාත්

අසම්පූරණ රචනාව ,,,,,.

හිස්ම හිස් හදවත් පිටුවේ රචනාවක් ලියන්න ඉල්ලපු නුඹ කොමා වලින් වෙන් කරමින් ලිව්ව එකම වාක්‍යට හදිස්සියෙන්ම විරාම ලකුණ තිබ්බා. ව්‍යාකරණ නිවැරදියි අක්ෂර වින්‍යාසයත් නිවැරදියි පටන් ගත්ත වාක්‍යයත් හරි අපූරුයි ඒත්.................. රචනාව තවමත් අසම්පූරණයි

අපූරු සමනලිය

කිරි කවට මුදු සිනා දෙතොලඟින් වෑහෙනා දඟ පාන පොඩි දෙපා විඩා බර නොමවෙනා උරණ වී ලොව සමඟ ගොළු වෙලා නොතැවෙනා පුන්චි මේ සමනලිය සිත නැතුව ඉගිලෙනා මිය ගියපු අතීතය ගැන සිතා නොහඬනා හෙට උදා වෙන ලොවට හීන නෑ පුරවලා දුකට හැඬු කඳුළු කැට මොහොතකින් වියලෙනා අපූරුම පුදුමයකි නුඹ ලොවට ගෙන එනා

බලනු ලොව අසිරිය

හැපී වැව් දිය මත බිදෙයි අරැනැල්ලද... රිදී පිනි බිඳු කැට ඉහිරිලා තුරු හිස... වසා කඳු ශිඛර ගිර එතෙයි දුහුළින් වළා පට... හැර විඩා බර හිත නැවතිලා මොහොතකට බලනු ලොව අසිරිය...

ගැටීම

එක පාටින් එක මිලටම එකම කඩෙන් එක විදියටම වටින එකට ගත්තු මේ වළලු 2 එකම අතක දැම්මට පස්සේ සිලිo බිලිo ගාලා එකට ගැටුනා

කළු සෙවනැලි

නෙක වර්ණ වලින් පාට ගෑවත් මේ සෙල් රූ අතැර යාවිද  කිසි විට කළු පාට සෙවනැලි

~~~~මතක සුවඳ~~~~

මල් පෙති වල පැහැ තවරා මුව මත හසරැලි ගවසා නිදනා නෙතු මත ඇඳෙනා සිහින දිගේ එමි එතිලා කළුවර රෑ අහස පුරා දිලෙනා තරු මැදට වෙලා නුඹ මුමුනන රහස් කතා අසා සිටිමි සවන යොමා තුරුලිය මත පිනි තවරා ඒ සිහිලෙන් හද සනහා මතක සුවඳ මo ඇරලා මොහොතක් එමි ලොව නවතා

මුරුගසන් වරුෂාව

වරුෂාව වරුෂාව මුරුගසන් වරුෂාව විනාශය විනාශය අතලඟයි විනාශය කිරි වැදුනු නිල් ගොයම ගිලෙනවා වැහි දියේ බඩගිනිත් වැඩි වෙලා හඬයි පොඩි උන් පැලේ හරි හම්බ කරපු දේ සේදිලා යයි ජලේ සීත රෑ හීනෙනුත් ඉකිබිඳින හඬ ඇසේ චිරි චිරිස් මඩ වෙලා මැටි ගාපු පොඩි පැලේ රෙදි පිළිත් කිළිටි වී හිරිකිතයි ජීවිතේ දෙවියනුත් කෝප වී නොබලාවි මුව අපේ ගිලි අප මියැදෙමුද දෝරේ ගිය වැහි දියේ

........ඉවරයක් නැති සෙවීම........

මොකද්ද කරන්නේ? හොයනවා ඊයෙත් හෙව්වා නේද? ඔව් අදත් හොයනවද? ඔව් ඉතින් හෙටත් හොයනවද? කියන්න බෑ සමහර විට ඕක හම්බ  උනේ නැද්ද? තාම නෑ මොනවද ඔච්චරටම හොයන්නේ? ජි..........වි........ත........ය

ඇස් ඇරපන් ................මෙහෙ බලපන්......................

වළවල් තඩියි වැටුනොත් ගිලෙයි වැහි දිය පිරෙයි මහ මඟ හැඬෙයි උස් බඩවල් හිස් මොළවල් ඇස් ඇරපන් මෙහෙ බලපන්

පණ අදින හිතුවිලි

අවුල් වී  file ගොඩ හැම අතේ පුටුව මත නිදි කිරයි හාමතේ නිවෙනවා තේ එකත් කහට බැදි කෝප්පේ හීනෙනුත් පේනවා හඬපු හැටි කළුවරේ දිරාගිය තාප්පේ කෙළවරේ දිය සෙවෙල් පිරි ඇත හිතුමතේ කළු පාට සෙවනැලිත් දිගා වී අයාලේ පණ අදියි සිතුවිලිත් පාට ගෑ විමානේ

~විරසක සඳ~

නීල නුවන් අග්ගිස්සේ කඳුළු බිඳක් තැවරී සුසුම් හෙළා අමනාපෙන් මල් මදහස පරවී දොඩනා ඒ මිහිරි තෙපුල් විරසක ලෙස ගොළු වී එළිය දුන්නු පුරා සඳේ කළු වළාවේ සැඟ වී නෙතින් නුඹේ වැටෙන කඳුළු හද තෙමනා හින්දා සුසුම් වලින් බරවී හද මා දවනා හින්දා දෙතොල නුඹේ නිතර මැවෙන හසඟන නැති හින්දා සඳේ ඉතින් යලි වඩින්න විරසක සිත හැරදා

අසුභ සුභ වේද.......?

අතීතය හිර කර... වර්තමානයේ ඉකි බිඳ... අනාගතේ හීන මවන... මේ හිත වෙනස් වේවිද පෙරලුනාට අ x ක