Tuesday, June 21, 2011

අරමුණ සොයා යෑම

ජීවීතේ..... මොකද්ද තේරුම? අරමුණ මොකද්ද? ජිවීතේ තියෙන්නේ විඳින්න. කවුදෝ කිව්වා.
         ඒත් විඳින්නේ කොහොමද? මොනවද ජීවීතේ විඳින්නේ? මට හිතෙන්නේ අපි අපිව රවට්ටනවා. ජීවීතේ හැමදෙයක්ම සතුටින් විඳිනවා කියන්නේ ඒකද? මම මාවත් ඔයා ඔයාවත් රවට්ටා ගන්න එකද? මට තේරෙන්නෑ. ඇත්තටම තේරෙන්නෑ.........ජීවීතේ ........අර දකින තිරිසන්නුයි අපියි අතර වෙනස තිරිසන්නු හිතට එන හැඟීම් ඒ විදියටම කිසිම පාලනයක් නැතුව ඒ හැඟීම් ඉටු කර ගන්න එකයි අපි ඒවට වැට කඩුළු මායිම් දාලා සිතුවිලි ශිෂ්ඨ සම්මපන්නයි කියල හිතන රාමුවක් තුළ පිළිවෙලකට කිරියාත්මක කරන එකයිද? මම අහන්නේ මොකද්ද මේ ජීවීතේ අරමුණ?
           හිතන්න්න පොඩ්ඩක්. පුන්චි කාලේ  ඉදන් ඉගෙන ගන්නවා එක්කෝ හුඟාක් දුරට ඉහළට ඉගෙන ගන්නවා.ලොකු උගතෙක් වෙන්න. නැත්තම් ඔන්න සාමන්‍ය විදියට ඉගෙන ගන්නවා. කොහොම උනත් අන්තිමට ජොබ් 1 ක් කරනවා . උදේ ඉදන් හවස් වෙනකම් එක්කෝ පඩියට වැඩ කරනවා, නැත්තම් සේවය කරනවා පඩියට. ඔය කොහොමහරි ජීවන මර්ගයක් හදාගන්නවා. ඊට පස්සේ ගෙවල් දොරවල් හදනවා. යාන වාහන ගන්නවා. මේව හැම එකක්ම කරන්නේ තමන්ට හොඳ වටිනාකමක් ලබා දෙන එකනේ. කොහොමහරි ඊට පස්සේ ඔන්න කසාද බඳිනවා. ළමයි හදනවා. උන්ට උගන්නනවා. උන්ට හම්බ කරනවා. උන් වෙනුවෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ ඔහේ මැරිලා යනවා.
              මේකටද ජීවීතේ කියන්නේ?අපි විඳින්න ඔනේ මේකද? ජීවීතේ අරමුණ මේකද? මේක ඒකකාරි නැද්ද? කොටුවකට හිර වෙලා වගේ දැනෙන්නැද්ද? මේකේ විඩාවක් දැනෙන්න්නැද්ද? ඇත්තටම තේතෙන්නෑ මේක ඇතුලේ විදින්නෙ කොහොමද කියලා.

                   අපි ජීවත් වෙන්න ඕනේ නිවන් දකින්න. හිත හදා ගන්න. කවුදෝ කිව්වා.හිත හදා ගන්න. ඔව් ජීවිතේ දුක බව වටහා ගෙන ඒකෙන් මිදෙන්න හිත හදන්න ඕනේ. මේ සසරින් එතෙර වෙන්න ඕනේ. බොහොම කලෙකින් ලැබිච්ච මේ මිනිස් ජීවීතේ අරමුණ ඒක. අපි ජිවත් වෙන්න නෑ එකට. ඒත් මේ ගහ මරා ගන්න ලොකේ දුක් විදින අසධාරණකම් වලට යට වෙච්ච මිනිස්සු අසරණ මිනිස්සු එතකොට එයලා? මට යුතුකමක් නැද්ද එයාලා වෙනුවෙන් සේවයක් කරන්න?මගේ ජීවීතේ අයිති මට නෙවේ. මගේ අම්ම තත්තා ඇතුළු මේ සමාජෙට.මම මේ විදියට මෙච්ච්චරකල් ජීවත් වෙන්නේ ඒ මිනිස්සු හින්දා. එතකොට මම ඒ කිසි දෙයක් නොහිතා බඹයක් තරම් වෙච්ච ශරීර කූඩුව විතරක් ලොකේ කියලා හිතලා නිවන් අවබෝධ කර ගන්න පුළුවන්ද? ඒකද එතකොට ජීවීතේ අරමුණ?
                ඔව් එක අතකින් ඒක ඇත්ත. "ජීවීතේ කියන්නෙ මොකද්ද? මොකද්ද ඒකේ අරමුණ? ජීවීතේ කොටුවක් ඇතුලේ හිර වෙච්ච ඒකාකාරීත්වය"

       මේ ඔක්කොම බහු විකර හිතන්නේ හිතෙන්නේ. හිතුවිලි වලින්නේ. ඔව් හිත හැදුවොත් හරි. එතකොට මෙහෙම වැඩකට නැති දේවල් හිතෙන් එකකුත් නෑ.

9 comments:

  1. මටත් හිතෙන්නේ ජිවිතේ පිස්සුවක් කියලා තමයි. ඔය කියපු කතාව ඇත්ත. පොඩි කාලේ ඉදන් ඉගෙන ගෙන රස්සා කරලා එවත් මේවත් ඔක්කොම කර කර ඉන්නේ පිස්සුවටද කියලා මටත් වෙලාවකට හිතෙනවා

    ReplyDelete
  2. ටිකක් නැවතිලා ජීවිතේ ගැන හිතන්න කියල තමයි නංගියේ මටත් කියන්න තියෙන්නෙ. ගොඩාක් ධර්මය හදාරන්න, එතකොට මේ ඉපදෙන මැරෙන සසර කෙටි කර ගන්නෙ කොහොමද? බැදීම් බිඳලන්නෙ කොහොමද? කියල ටිකෙන් ටිකතේරුම් යාවි.
    ජීවත්වෙන දවස හරි ඇත්ත ඇති හැටියෙන් දැක ජීවත් වීම තමයි වටින්නෙ. ඒ කියන්නෙ නිතර නිතර තම අරමුණ සිහි කරමින් ජීවත්වීම. වෙනස්වීමේ ස්වභාවය දැකගන්නවා නම් ජය නියතයි.

    ReplyDelete
  3. අපි කවරුත් රාමුවකට කොටු වෙලා අක්කේ ඉන්නේ.. ඒකයි ඇත්ත.. එකම චක්‍රයක හැල්මේ දුවනවා මිස ඉන් එහා දෙයක් හිතන්නේ නෑ..

    ReplyDelete
  4. සමාජය යෝජනා කරල තියෙන ජීවිතය හරිම ඒකාකාරීයි. උමතුයි. එකිනෙකා සමග ගැටෙන උන්නතිකාමීත්වයයි එහි හරය විදියට හැමදාම අපිට යෝජනා කරල තියෙන්නෙ. ඉගෙන ගැනීමේ සිට හැම දෙයක්ම කරන්නෙ ‍අනෙකාට සාපේක්ෂව අපේ වටිනාකම වැඩි කරගන්න. ඒක තමයි උන්නතිකාමය. අපි ජීවිතෙන් ජීවිතේට මේ හිස් කටයුතු වල නිරත වෙලා පිටවෙලා යනව.
    එතකොට නිවන එය සිත පමණක් වෙහෙසීමෙන් ලබා ගත හැක්කක්ද? එසේනම් ඇයි අපිට භෞතික සිරුරක් මේ විෂමතා, උන්නතිකාමය, දුක් ගැහැට පිරි භෞතික ලෝකයක්. භෞතික ස්වභාවයෙන් මේ විෂමතා, උන්නතිකාමය අපි තුළම නැති කරන්න උත්සාහ කිරීම විශ්වය අපෙන් බලාපොරෙත්තු වෙනවද? ඒ සියල්ල සමතුළිත තැන නිවනද? නැතිනම් සිත විතරක් වෙහෙසිය යුතුනම් සිරුරක් ලැබ දීල මේ විෂම ලෝකෙට එවීමේ අර්ථය කුමක්ද?
    මමනම් හිතන්නෙ ප්‍රායෝගික තලයේ අපි විසින්ම සමාජය තුළ සමතුළිත වීම උදෙසා මේ ජීවිත අපිට ලැබෙන බවයි. ඉතින් ඒක දුක් ගැහැට විදින මිනිස්සු ළඟ සේවය කිරිමට වගේම සියල්ලන්ටම සතුටින් ජිවත් වන ‍ලොවක් ගැන සිහින මැවීමට ගත්තොත් ජීවිතයට ලොකු අරමුණක් තියෙයි කවදාවත් ඒකාකාරී නොවන. ඒත් අරමුණ හරිම අභියෝගාත්මකයි.

    ReplyDelete
  5. ඔව්, හිත හැදුවොත් හරියටම හරි...

    ReplyDelete
  6. ජීව්තය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවේ කියලයි මම අහලා තියෙන්නේ !

    ReplyDelete
  7. ඇත්ත ..වෙනස් වීම එහෙමත් නැත්නම් අනියත බව කාට හරි තේරුම් ගන්න පුලුවන් නම්..එතැනින් ජිවිතයේ යථාවබෝධයට යන පාර හොයා ගන්න පුලුවන්.

    ReplyDelete
  8. ගැඹුරින් දහම හදාරනකොට සියලු බැඳීම් වලින් මිදෙනවනේ . එතකොට හිතෙන එකක් නැහැ යුතුකම් වගකීම් වගේ ඒවා. අනික එක ආත්මෙකින් නෙවේනේ නිවන්දකින්නේ. කොයිතරම් කාලයක් පෙරුම් පුරන්න ඕනද. අඩු ගානේ එකට උත්සාහ කරන්නවත් පටන් ගත්තට වරදක් නැහැ ලැබූ මිනිස් ආත්මයේ. නිවන වගේ පුර්ණ නිවිමකට යන්න බැරි වුනත් සිත හසුරුවන්න යම් දියුණුවක් ලබන්න හැකි නම් කොයිතරම් හොඳද . තදම පෘතග්ජනයෙක් වන මටත් ඔන්න දහම් සිතුවිලි පහලවුනා. ඔන්න බලන්න පුංචි වචන පේලියකත් ඇති බලය. හරියට යහපත් මිතුරෙක් වගේ . ස්තුතියි ඔබට.

    ReplyDelete
  9. අරමුණ හොයාගෙන යෑම?? මේකනම් ටිකක් අවුල්. අරමුණ තියෙන්නේ අපේ අතේමනේ. දර්මය නෙමෙයි නිවැරදි දැකීමෙනුයි ගොඩ යෑමක් තිබ්බොත් තියෙන්නේ. මොකද ගෞතම බුදුහාමුදුරුවොන්ට කළින් හිටපු බුදුවරුන්ගේ දර්මයත් එක්ස්පයර් වෙලානේ තිබ්බේ සිද්දාර්ථ කුමාරයා බුදු වෙනකොට. ඉතින් දර්මයෙන් නිවැරදිතාව හොයනවාට වඩා නිවැරදිව දර්මය දැකීමයි හැමදාකාම වලංගු.

    ReplyDelete