Sunday, June 12, 2011

ආසනික් කැවිලා

ඉර දිහා බලාගෙන
              සිහිල යැද හඬනවා
වැහි දියට දිය වෙලා
                කඳු ගැටත් බිඳෙනවා
බඩජාරි පණුවනුත්
              බත් ඇටත් ගණිනවා
ආසනික් කැවිලාදෝ
              ඔලුව කරකැවෙනවා

කිරි පැණිත් තිත්ත වී
          moonඋඩ බලනවා
වාර්තා කියවලා
             හීනෙනුත් දොඩනවා
ඉසේ ඇති රුදාවට
                   වෙන කොට්ට හොයනවා
ආසනික් කැවිලාදෝ
            අපි පිස්සු කෙලිනවා

වාවාගෙන කෑවේ අපි
          අපේ දේ තමයිනේ
වකුගඩුත් දියවෙලා
                  ගෙවෙන්නේ කරුමේනේ
ලොකු උනුත් ඇස්පියා
          සොයන්නේ බලයනේ
ආසනික් විශවෙලා
         මියෙයිදෝ බයයිනේ

9 comments:

  1. ෂහ්.... ආසනික්!!

    ReplyDelete
  2. "වාවාගෙන කෑවේ අපි
    අපේ දේ තමයිනේ
    වකුගඩුත් දියවෙලා
    ගෙවෙන්නේ කරුමේනේ"

    ඔය සී පදය කිය       වා
    මගෙ හද නතර වූ    වා
    ලියන්නද මොන       වා
    සිතාගනු බැරි වූ        වා

    ReplyDelete
  3. ආසනික් නෙවේ මොනදේ කැවුනත් සල්ලි කාර ලොක්කොන්ට සල්ලි වලට එහා දෙයක් නෑ ..

    වාවු ! කවියනම් කාලෝචිතයි පට්ටයි !!

    ReplyDelete
  4. හරිම අපූරුයි අක්කේ මේ කවියනම්...

    ReplyDelete
  5. ආසනික්!!! ජීවිතේම ආසනික්.
    මැණික්

    ReplyDelete
  6. ආසනික් හරි වෙන දෙයක් හරි විෂවෙලා තමයි බොහෝ දෙනෙක්ට...

    ReplyDelete
  7. ගොඩක් කල් සිට

    අපි මිය යමින්

    සිටි බව

    අපි සිටියා දැනන්

    මක් කරන්නද

    ''ඕගනික් '' දේවල්

    හරි ගණන්

    ReplyDelete
  8. ඇත්ත හැමදාම තිත්තයිනේ.
    ඒ හන්දා පැණි රහම කන්න පුරුදු වෙන්නලු.

    ReplyDelete