Posts

Showing posts from December, 2010

හොඳ හිත විකිණීම

ඈවරයි දෑවරයි මම විකුණනවා කුනුකොල්ලෙට උනත් මේ හොඳ හිත......... කඳුළු විතරයි ලාබෙට මට ඉතුරු වුනේ

අහස පොළව එක් වුනොත්....................?

ඇත්තටම අර අහසයි මේ පොළවයි එකතු වුනොත් කවදාහරි ඉරයි  හඳයි හැමදාටම උරණ වේවී නේද?

ඉවරයක් නැති Television පැය

තාත්වික ලෝකයේ රූප පෙට්ටි යේ අවසානයක් නැති කතාවකින් අතාත්වික ප්‍රතිබිම්බ හොයන අපි

ඇය........

Image

කවුද උන්.........?

අතන මෙතන හැමතැනම කුලප්පුවෙන් තෙරපෙන එලොවත් නැති මෙලොවත් නැති දෙලොවම අතරම0 වුනු කවුද උන්....? උන් ගැනවත් නොදන්න

නෙතට හුරු කඳුළු

Image
ඉරට හොරෙන් වළා යටින්... සඳට හොරෙන් තරැ අතරින්..... සීතල වැහි බින්දු මතින් නෙත කඳුලැලි ඉහිරුනාලු..... රෑ සිහිනෙන් හෙළන සුසුම් මද සුළඟට එක් වුනාලු...... මතක දිගේ හැමදාමත් සෙනෙහස හද තෙත් කලාලු..... පිබිදි මල් හිනැහෙන විට හිරු අවරින් සැඟවෙන විට දස දහසක් සිතුවිලි මැද හැමදාමත් සිත සෙව්වේ නුඹ දුන් සෙනෙහස පමණකි.... . .

වල විල වීම

පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව......

මල්ලි

බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට