Posts

Showing posts from May, 2015

ළඳ..

සඳට පෙම් බැඳ ලියා කවි පද නුරා නෙතඟින්   පලා ගොළු හද... මනාලිය වී   ශ්වේත සළු ඇඳ දෑත් පටලා පලා යන ළඳ... පලා දෙකඩව ළයේ සෙනෙහස... වසා දුහුලින්   නග්න පුර සඳ... මුසා මුව ඇඳි සිනා රැල් බිඳ... උමතු වූ හද මරා යන ළඳ..

මෙය මුලාවක් බව...

සබඳ  පවසන්න පසක් කලේ යැයි නුඹ මට මෙය මුලාවක් බව..... මලක් නොවෙමි දැන් මම උස ගසක් මත සුපුෂ්පිත මිලින වී ගොස් බිමටම ඇද වැටුන මලක් වෙමි දැන් මම පෙතිද එකිනෙක ගිලිහුන එසේමුත් පවසන්න සබඳ මෙය මුලාවක් බව... මා දෙතොල් මත ඇදෙන සිනාවක්  යළි යළිත් දැකිය හැකි නම් නුඹට මම නුඹෙන් අඩක් නොවනා බව ඉතින්  පවසන්න  සබඳ මෙය මුලාවක් බව... උමතු ස්තිර්‍ යක හද මත වියරුවෙන් රටා කල ප්මයේ ගෙත්තම උනා දමා සැනෙකින්ම පවසන්න මට යළි යළිත්  මෙය මුලාවක් බව... ගැහෙන නුඹ පපුව මත දිගා වී පෙරදින සුවඳ සොයමින් හිනැහුන මා දෑස් මතටම එබී බලමින් තව නුඹ ඉතින් පවසන්න මෙය මුලාවක් බව...

සුදුම සුදු එක මලක්

දෙමලිච්චෝ නවත්තාපන් ඉතින් ඔය කිචි බිචිය බලපන් අර වැටගාව ඉද්ද පඳුරේ   කිසිදාක නොඳුටු   පපුව මැද්දට දැනෙන සුවඳින් පිපී ඇත සුදුම සුදු එක මලක්