Wednesday, December 31, 2014

බිය


Friday, December 26, 2014

සිහින මියයාම

පාන්දර වෙනකොට
හිරු ඇහැර හනිකට
තට්ටු කරමින් කවුළුව ළඟ
විරිත්තනවා හොඳටම

දෑස් නෑරම නිදිබර
හිදිත් සයනය මත
සියත් කැළ නද කර
කුමට ඔතරම්ම ඔච්චම

තප්පරෙන් තප්පර
ගෙවෙනකොට කාලය
ඔරලෝසු කටු උලෙන් තද කොට
අනිනවා මේ පපුව මැද්දට

දුටු සිහින සියල්ලම එක්කොට
ඇන තබා ඉන්නවා තොටුපොල ලඟ
ඔරු පාරු කිසිවක් ද නොයෙනවිට සරණෙට
කඳුළු වැල් ඉහිරිලා ඇඬෙනවා එතකොට

Tuesday, November 25, 2014

ඉන්දියන් ලුනු

ගිනි රස්නෙට පිච්චීගෙන
මහ වැස්ස්ට කුණු වීගෙන
කරගහගෙන රෑ ජාමේට
අරන් ගියපු
ලූනු සැරට
උනපු කඳුළු 
හූරාගෙන සොච්චමකට
යවාපන් 
හංගලා
තඩිම තඩි ලුනු ගෙඩිවල
ගැහෙන රතු ලේ තවරලා



Wednesday, November 12, 2014

සැඟවීම

උදා හිරු ද 
රවා බැස ගිය පසු

කලකින් පැමිණෙන 
පුර හඳට
පෙම් බදිමින් 

තවත් සැගවෙන්නද
ගැහී ගැහී පණ අදින 
හුදෙකලා තරුවක

Tuesday, November 4, 2014

වාලෙට ගෙවෙන ජීවිත

දනව්වේ වැව් කන්ද පාමුල
ගී ගයන රැහැයියන් තාලෙට
ගෙවෙනකොට ජීවිතේ වාලෙට
චන්දරේ අපි පියාඹන්නේ කෝම අහසට

බත් පිළි ගෙනෙමි යැයි හනිකට
උදේ හිරැ උඹ අරන් යනකොට
කොට බිත්ති අත තබා වාරැවට
තොටිල්ලත් පැදවේවි තාලෙට

හාමතේ පොඩි එකි අඬනකොට දවසෙම
සිටින්නේ කොහොමදෝ වාවාන දුකහෙම
ගෙයි කුසම ශරීරේ වැහැරිලා සේරම
ලේ කිරිව නොයන්නේ අපි කරපු පවටම

සඳ වළා කඩක් විත් කඩුල්ලෙන් පැනගෙන
අඳුර ගෙට එන වෙලේ නුඹ පමාවනු කිම
සොච්චමට පිච්චියක් පිටි සිනි අරගෙන
චන්දරේ එනවාද සිත නදන් නොමකර

කිරිහැරත් උයාගෙන ගිහින් උඩමලුවට
වැද වැටුනේ සිරිමාවේ බෝ සමිඳු පාමුල
පිහිටවන් හිමියනේ රැක ගන්න ඈ පණ
හදවතත් සිදුරැ වුනේ එකිගෙම කරැමෙ

Friday, August 29, 2014

කියාපන් කුවේනි...

අන්ධකාරේ ඈත
පර මලක් තියාගෙන
සොහොන් කොත පාමුල
රැහැය් හඬ අසාගෙන
ඉන්නවද
කියාපන් කුවේනි....

  ගිනි අරන් කැණි මඩල
  අලු වෙච්ච දා හීන
  පිළිකන්න දොර ගාව
  මිණි මල් පිපුනාද
  කියාපන් කුවේනි...

මනමේද අතහැර
වැදි රජුන් සරණ කොට
අසිපතෙන් තී ගෙළම සිඳගෙන
දිසාලා අතහැර
ගියේ ඇයි දැයි 
කියාපන් කුවේනි...

    අදර බැති නොමදෙන
    රජු ගියා අභිසරු ලියන් වෙත
    ඉදිකඩත් පැන ඇවිත් එතකොට
    ගල් ගසා රැහේ උන් යනකොට
    සරා සඳ පාමුල
    වැටී ලේ හලමින්
    ඉකිගසා හැඬුවේද
    කියාපන් කුවේනි.... 
     
දරාගනු නොහැකිව
දුක තබා ගුලිකොට   
ඒ ලොවින් පැනගෙන
දෙව්ලියන් ළඟ හිඳ
දිසාලා නළවන්න
මිහිරි ගී ගයනවද 
කියාපන් කුවේනි...

Sunday, July 20, 2014

අපි සෙට් වෙමු නේද මචං



  1. බණ්ඩාරේ
    වරෙන් හනික
    ඈලි මෑලි හිරි ඇරෙන්න
    අපි සෙට් වෙමු
    නේද මචං
    සෝඩා එක මෙහෙට ගනින්
    Mix කරලා ගමුකෝ මචං
    බියර් වලට නෑ ආතල්
    ඒ තරමට
    ...................
    උඹ කිව්වට ඔය විදිහට
    බයක් නැතුව
    දුකක් නැතුව
    මඟුල් කන්නේ කොහොමද අපි
    උන් නැත්තම්
    උඹ බැන්නට ආණ්ඩුවට
    ගසාකනවා තමයි මචං
    ඕනේ එකෙක්
    දිනුවොත් හෙම බලේ අරන්
    මචං ඕවා බයිලා නේද
    .................
    පුර පෝයක් ළඟ එනකොට
    වෙව්ලනවා පුරහඳ හෙම
    ඉතිං සෝමේ
    මම බය නෑ
    පපුව අපේ හොඳ සිහල
    තම්බියෝ ටික මට අරහං
    මේක මචං බෞද්ධ රට
    බයිට් ටිකක් දියං මෙහෙට
    මචං ඉතිං
    අපි සෙට් වෙමු
    ..............................
    උදේ 8ට විතර මචං 
    මං ආවේ 
    පැයක ගමන හරි ලේසියි
    highway නේද මචං

    ඇසි පියන්න කලින් අපිට
    මේක වේවි සුරපුරයක් 
    නේද මච
    ...........................
    හිස් ටින් එකක් වගේ මල්ලි 
    අපේ ජීවිත
    නැගලා යනවා නේද මච
    මේ සින්දුව
    වරෙං ඉතින්
    ආතල් එකේ 
    අපි සෙට් වෙමු 
    නේද මචං

Friday, June 20, 2014

තරු එළියවක්වත්......

අන්ධකාර 
පාලු හිස් ආකහේ
කවුළුවක් තියේනම්
එබෙන්නට
තරු එළියවක්වත්......

Friday, June 6, 2014

අපි අන්ධයෝ

අතුරු මිතුරු 
 සිරි විසිතුරු
බලමු ඉතින්
 සෙට්ටියා

අලුත ගෙනා මළ මාලීට
සාරි පොඩිති මසාලා
රන් අබරණ ඔතාලා
ඉහල ගෙටත් හූයියා
පහල ගෙටත් හූයියා

ජනාධිපති අවා
ප්ලේන් එකෙන් බැස්සා
එතන මලක් පිපුනා
ඒ .... ම...ල... මොන පා...ට...ද...

අපි අන්ධයෝ

පොර කුකුලෝ දත් මැද මැද
දීසී වලට දන් බෙද බෙද
දැන්...වේ...ලා...ව... කී....ය...ද

අපි අන්ධයෝ

අතක් ගනින් සෙට්ටියෝ
ටකා....ටිකා... ටුකා...