කියාපන් කුවේනි...

අන්ධකාරේ ඈත
පර මලක් තියාගෙන
සොහොන් කොත පාමුල
රැහැය් හඬ අසාගෙන
ඉන්නවද
කියාපන් කුවේනි....

  ගිනි අරන් කැණි මඩල
  අලු වෙච්ච දා හීන
  පිළිකන්න දොර ගාව
  මිණි මල් පිපුනාද
  කියාපන් කුවේනි...

මනමේද අතහැර
වැදි රජුන් සරණ කොට
අසිපතෙන් තී ගෙළම සිඳගෙන
දිසාලා අතහැර
ගියේ ඇයි දැයි 
කියාපන් කුවේනි...

    අදර බැති නොමදෙන
    රජු ගියා අභිසරු ලියන් වෙත
    ඉදිකඩත් පැන ඇවිත් එතකොට
    ගල් ගසා රැහේ උන් යනකොට
    සරා සඳ පාමුල
    වැටී ලේ හලමින්
    ඉකිගසා හැඬුවේද
    කියාපන් කුවේනි.... 
     
දරාගනු නොහැකිව
දුක තබා ගුලිකොට   
ඒ ලොවින් පැනගෙන
දෙව්ලියන් ළඟ හිඳ
දිසාලා නළවන්න
මිහිරි ගී ගයනවද 
කියාපන් කුවේනි...

Comments

  1. හදවත දවන හැඟීමක් ඇති කරන්නට සමත් වූ නිමැවුමකි.

    ReplyDelete
  2. ප්‍රේමාලෝකයෙන් එකලුව
    සන්තානයේ පිපි මල් පොට්ටු
    ඔබ පුජාසනයේ තියන්න
    ඒ ගයනා විහඟ
    හීන් හඬින් මුමුනවන්න
    විජයෙනි, ඉතින් ඔබත් එන්න

    කැණී මඩල ගීණි ලෑවාට
    අළු කලද මගේ සිහින
    ප්‍රේමයේ දොර ගාව
    මල්ල පිපෙයි හොඳ තාම
    ඒ මල්හී අම සුවඳ
    හිත් පුරා විද ගන්න
    විජයෙනි, ඉතින් ඔබත් එන්න

    නුම සොයන කම් සුවය
    දෙන්නට නොහැකි වීද මට
    රැහේ උන ගල් ගල් ගසන කල
    කෝ මගේ සවිය නුඹ
    ලඟින් නොටිටියත් නුඹ
    ආදරෙයි මම තවම
    ඒ ආදරේ කිමිදෙන්න
    විජයෙනි, ඉතින් ඔබත් එන්න

    සොඳුරු නිර්මාණයක්. ජය.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි යාළු ඔයාලා දෙන්නටම. "සොමි යා "හරි අපූරුයි ඒ පද පෙළ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා