Friday, November 1, 2013

හිස්ටිරියාව

ලය පැලී
ගැහෙන විට
මරණයට 
සිනාසෙන
 මට තාම
හිස්ටිරියාව

Wednesday, October 30, 2013

හූදී ජන පහන් සුව පිණිස....

හූදී ජන පහන් සුව පිණිස
 ගැහෙන හිත් කුට්ටිකර වල දමා
මිණි මල් පිපෙන්නට පෙර 
ඒ සොහොන් කොත්වල
මහතුනේ පෙළ ගැසී
වරෙව් එක රෑනට
මත් වෙලා
සුවෙන් අපි ගයමුදෝ
මරණයේ ගීතය
හූදී ජන පහන් සුව පිණිස

Monday, October 21, 2013

Saturday, September 28, 2013

Tuesday, June 11, 2013

දඩිං බිඩිං ඩොං........

   කිරි කිරි කිරි     කිරි බෝලේ
රැළි රැළි රැළි      රැළි මාලේ
        මේ ළමයා        කොහෙන්දෝ
පාවෙනකොට   ඇහින්දෝ
                      කිරි මුට්ටිය ගඟේ ගියා
                                       අඩන්නේ නෑ නේද පුතා
                              ගට උඩින් කොක්කු ගියා
                                      අම්මා අරන් එන්න පුතා
හාල් පතක් ගරාලා
ආසනිකුත් දමාලා
බත් ගුලි කර හදාලා
කමු අපි ඇස් පියාලා...
ඉහළ ගෙටත් එපාලු
පහළ ගෙටත් එපාලු
උසි කපුටෝ උසි....
       නුඹේ අම්මත් රැවටුනාලු
        නුඹේ අප්පත් රැවටුනාලු
 අපි ඔක්කොම රැවටුනාලු
දඩිං බිඩිං ඩොං........


Monday, June 10, 2013

මළකුණුත් රහ බැලීම

පණ  ගැහි මේ මාලු
මැරුණු දා රළ වැදී
රෑ පුරා කදුලු බිඳු 
ලුණුරහට වී බැඳී
විශගෝර සර්පයෝ
හැව හලා ඇදි ඇදී
මළකුණුත් රහ බලයි
හීනෙනුත් සමවැදී


Tuesday, June 4, 2013

අපි වෙනුවෙන් අපි... මචං



රා
වෙනුවට

අපි
ඔක්කොම

බියර් බීලා

දැන් ආතල්

ගරු විදියට

නේද මචං......

Thursday, March 14, 2013

රාමනාදන් කොහිද


තල් වැටේ මායිමේ
කඳුළු කැට සඟවලා
අඳුරු පුර හඳ ඇවිත් 
පිල් කඩට බරවෙලා
සැඩ සුළo රැල් වැදී
ජීවිතේ දියවෙලා
රාමනාදන් අරන් 
අඳුරැ සෙවනැළි ගියා

ගුගුරුවා අහස් ගැබ
ලේ කඳුළු වැටුන දා
බිය වැදී තරු කැටත්
හීතලෙන් ගැහුන දා
කෑ ගසා ගිජු ලිහිණි
ඉදිකඩින් පැන විදා
රාමනාදන් අරන් 
උන් කොහිද පියැඹුවා

දකුණු අහසින් ඇවිත් 
ඉර හිනා වෙයි අපිට
පෑල දොරකඩ පිපෙයි
මිණිමල් ඒ දුකට
රත් වෙච්ච වැලි කැටත්
රිදුම් දෙයි දෙපයට
අහෝ දෙවියනි සොයන් 
මගේ පුතා විගහට

Thursday, February 7, 2013

සඳවති......

කටු පඳුරු උඩ වැටී
මදාරා මල් පෙති
උමතු වූ සිත බිඳී
හඬනවද සඳවති
 
බොර දියේ රුව බිඳී
සැලෙන කම්බුල් පෙති
හීනෙන්ද බිය වැදී
හඬනවද සඳවති
 
පැටළිලා රන් රිදී
ජීවිතේ මඟ බිඳී
ආදරේ දිය සිඳී
හඬනවද සඳවති
 

Wednesday, January 16, 2013

නුවර වීදි දෙගොඩතලා

නුවර වීදි
දෙගොඩතලා
කුණු ලේ රතු
පාට වෙලා
අහක බලා යන්නට බෑ
 
පිළි ගඳට
පුරුදු වෙලා
දේව රූප
උඩු ගුවනින්
බිම වැටිලා
ඇස් අදහා ගන්නට බෑ
 
රෑ තිස්සෙට
සුනඛ රංචු
උඩු බුරලා
හඳ කැඩිලා
බිම වැටිලා
හූල්ලන්න තනියෙන් බෑ
 
තැන් තැන්වල
වැටී නටන
සෙවනැලිවල
ගෙළ සිඳලා
පණ නහලා
ඇවිත් යන්න
පමා වෙන්න තව නම් බෑ