Thursday, December 30, 2010

හොඳ හිත විකිණීම

ඈවරයි
දෑවරයි
මම විකුණනවා
කුනුකොල්ලෙට උනත්
මේ හොඳ හිත.........
කඳුළු විතරයි
ලාබෙට
මට ඉතුරු වුනේ

Monday, December 27, 2010

අහස පොළව එක් වුනොත්....................?

ඇත්තටම
අර අහසයි
මේ පොළවයි
එකතු වුනොත්
කවදාහරි
ඉරයි 
හඳයි
හැමදාටම
උරණ වේවී නේද?

Friday, December 24, 2010

ඉවරයක් නැති Television පැය

තාත්වික ලෝකයේ
රූප පෙට්ටි
යේ
අවසානයක් නැති කතාවකින්
අතාත්වික ප්‍රතිබිම්බ
හොයන අපි

Monday, December 20, 2010

Monday, December 13, 2010

කවුද උන්.........?

අතන මෙතන
හැමතැනම
කුලප්පුවෙන් තෙරපෙන
එලොවත් නැති
මෙලොවත් නැති
දෙලොවම අතරම0 වුනු
කවුද උන්....?
උන් ගැනවත් නොදන්න

Wednesday, December 8, 2010

නෙතට හුරු කඳුළු

ඉරට හොරෙන්
වළා යටින්...
සඳට හොරෙන්
තරැ අතරින්.....
සීතල වැහි බින්දු මතින්
නෙත කඳුලැලි ඉහිරුනාලු.....
රෑ සිහිනෙන් හෙළන සුසුම්
මද සුළඟට එක් වුනාලු......
මතක දිගේ හැමදාමත්
සෙනෙහස හද තෙත් කලාලු.....
පිබිදි මල් හිනැහෙන විට
හිරු අවරින් සැඟවෙන විට
දස දහසක් සිතුවිලි මැද
හැමදාමත්
සිත සෙව්වේ
නුඹ දුන් සෙනෙහස පමණකි.....
.

Monday, December 6, 2010

වල විල වීම

පෙර
වලක් වුනු
මගේ හදවතේ
මලක් වෙලා
නුඹ පිපුනම
විලක් වෙච්ච
අපූරුව......

Friday, December 3, 2010

මල්ලි

බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ
මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ
අකුරට ගියපු මල්ලි මO මුලාවේ
පිට රටකට ගිහින් තනියම සිනාසේ

කාසි බරට
අරන් කරට
නම්බු පිටට
ගෙන හනිකට
ඒවිද හෙට

Thursday, November 11, 2010

   නුඹ

රෑ රැහැයි හඬ බිද
වැකෙයි මා සවනත
සුළඟ හා මිමිනුව
නුඹේ ඔය කටහඬ

නිදන මල් පෙති යට
හාදු දී තැවරුන
නුඹේ පිණි කඳුළුවල
දැනේ සිහිලස මට

සොරාගෙන සෙනෙහස
අදුර හා හාදව
නුඹ ගියත් දුරකට
සඳ මතින් පෙනෙයි රුව
මට

Monday, November 8, 2010

ගොනෙක්
පඳුරු සෙවනක
ඈදිලා
තළු මර මරා
තණ කන්න
ම0
ගොනෙක්
උනානම්.............

Friday, November 5, 2010

Wednesday, November 3, 2010

මගේ දුවේ
සවර්ති මාරයෝ
තැනින් තැන
කෙළ හලා
බලා හිදිති
බිළිගන්න නුඹව
දැහැන බිදෙයි
මඟ වරදියි
පරිස්සමෙන්
මඟ පලයන්
මගේ දුවේ

Saturday, October 30, 2010

එක දවසක්

නිසළ මේ තුරුලිය 
බිදෙන අර වැව් දිය
නුඹේ ඔය නෙතු ලඟ
කලඹවයි මා හද
    නුහුරු නුපුරුදු නුඹ
    හුරුපුරුදු වී කිම
    සුවඳ සුසුමන් වල
     තැවරිලා මා වත
හොරාගෙන හෙමිහිට
නුඹ මගේ සෙනෙහස
කියනු මැන සවනට
බැස නොයන බව හිරු ලෙ

Tuesday, October 26, 2010

නිරුවත් මිනිසා
පරිනාමය
වූ
ශිෂ්ඨාචාරයේ
සියුමැළි නිය තුඩින්
ස්පර්ශය මිහිර සොයන
නිරුවත් මිනිසා

Thursday, October 21, 2010

සාදාකාලික මතක
අවුරුදු 23 ක් වෙනකම් මට මෙහෙම ජිවත් වෙන්න හුඟක් අය උපකාර කලා. මගේ අම්මා තාත්තා අය්යා ඉදලා තව හුඟක් දෙනෙක් මට ජිවත් වෙන්න උදව් කලා.ඒ හැමෝම ගැන කියන්න බැහැ.ඒත් මේ ගෙවිච්ච අවුරුදු 3 මගේ ජිවිතේ වැදගත්ම කාළේ. ඒ වගේම ගෙදරින් පිට ඉදලා ජිවිතේඉගෙන ගත්ත කාලය. මට මෙ තුන් අවුරුද්ද තුළ ජිවිතේ හුඟක් අත්වාරුවක් වු අය ගැන පොඩි සටහනක් තියන්න හිතුනා. කිසිම දැන හැඳුනුම් කමක් නැතුව ජිවිතේ අහම්බෙන් හම්බවුනු මේ ටික දෙනා මගේ මතකයේ හැමදාම ඉදියි.
                 මිතුරිය සාරන්ගා.
මේ මහා නගරේ අපි දෙන්න අහම්බෙන් මිතුරෝ උනා. එ බැඳිම මේ තරම් ශක්තිමත් වෙවි කියලා  අපි හිතුවෙ නෑ. මේ අවුරුදු 3 ඇතුළේ හැමදාම මගේ ළගින් දුක සැප බෙදා ගත්තේඇය.
            ක්‍රිෂාන් මිතුරා.
 ඔහුත් මට හමු වුනු හොඳ මිතුරෙක්. අඬනකොට හැමදාම හිනා වෙන්න කියපු ඔහු මට සහොදරයෙක් උනා.වැඩියෙන් දුක හිතුන දවසට මම ඒ දුක බෙද ගත්තේ ඔහු සමඟ.
           පින්චහේවා සර්
 ඔහු මට පියෙක් උනා. ජිවිතේ හුඟක් දේවල් කියාදුන්නා. දුක තුළින් සතුටු වෙන්න මට ඉගැන්නුවා.
         ඊළඟට මේ බොලොග් කෙරුවාව නිසා අහම්බෙන් අදුරාගන්න ලැබුණු සමීර ශාකුන්තල මිතුරා.ඔහුත් මට හුඟක් හොඳ යාළුවෙක් උනා.ම0මුළා නොවේ කිසිද ජවය මා සතු වේ කියලා මට කියා දුන්නා.
     මට හුඟක් යාළු මිත්‍රයෝ හමු උනා.එ අයත් මට උදව් උපකාර කරලා තියෙනවා. ඒත්  මේ 4 දෙනා මට විශේෂයි. මෙ අයට ස්තුතියි කියන්න විතරක් මට බෑ. ඊට වඩා හුඟක් ලොකු බැඳිමක් මගේ හිතේ මෙයාල ගැන තියෙනවා. සමහර විට අපේ මෙ බැඳිම් තාවකාලික වෙවි. මොකද  කාලයත් එක්ක ජිවිතේ ස0කිර්ණ වෙද්දි අපේ බැදිම් බිඳ වැටිලා එයාලගේ මතකෙන් මාව ඈත් වෙවි. ඒත් සදාකාලිකවම මගේ මතකේ මෙයාල ඉන්නව.ඒක මට විශ්වාසයි.ඒ හැමෝටම ජිවිතේ මම ණයගැතියි. 

Tuesday, October 19, 2010

හුරුපුරුදු ජීවිතේ
තරු දිලෙන රෑ අහස ආයේමත් බලනවා
වැට දෙවට පිපුනු මල් ආයේමත් සිබිනවා
හුරු පුරුදු වූ සුවඳ  ගම පුරා දැනෙනවා
ජිවීතේ විඳින බව යළි යළිත් හැඟෙනවා

අරුමෝසම් ඒ නගරේ
රළු බොරළු කටු ඇනී
රිදුම් දුන් පොඩි දෙපා
ශක්තිමත් වෙලා දැන් 
දිරිය හද සතු වෙලා
යන්න හැක තව දුරක්
නොවෙයි දැන් ම0 මුළා

තුන් අවුරුදුත් ගොස්
සුවඳ ඇත ගමපුරා
මුන ගැසෙන හැම  මුවක
ඇත සෙනෙහේ ගැබ් වෙලා
ඉතින් තව විදින්නෙමි
ජිවිතේ හිනැහිලා




Friday, September 17, 2010

හති වැටී
අරටුව
සොය සොයා
මම
කෙසෙල් ගස් 
ඔක්කොම
කපලා බිම දැම්මා
ඒත්
අවසානයේ
හති වැටුනා 
විතරමයි....

Monday, September 13, 2010

නුඹ


හිස්ම හිස් 
මගෙ හදවතේ
නුඹ 
පැහැදිළිවට 
පෙනෙන
පුන්චිම පුන්චි
තිතක්.....

Monday, September 6, 2010

සිඳුනු තටු

ලිහි වැටුනු පැතුම් පොදි
මතකයෙන් කිමිදිලා.....
කඳුළු කැට හෙමි හෙමින්
දෙනෙත් වල තැවරිලා....
දුටු සිහින මුලා වී
ජීවිතේ වැරදිලා....
ඉගිලෙන්න බෑ යළිත්
තටු සිඳි මැලවිලා....

Thursday, September 2, 2010

Tuesday, August 31, 2010

ගැහැණියක්...

දිදුළන කෙස් කළඹක්
සුසිනිදු පැහැපත් සමක්
වෙන්න පතනා රුවැති ළඳක්...
කිසිදා නොවෙනස් වන ආදරයක්
පතන පෙම්බර යුවතියක්...
දෙමහල් නිවසක්
උගත් බුද්ධිමත් දරුවෙක්
යවන්නට ජාත්‍යන්තර පාසලක්
සොයන මොඩ් වුනු මවක්...
බිදෙන හිතක්
හඬන නෙතක්
සුසිදු වතක්
සියල්ලට කොටුවි
විදිනවද
විදවනවද
ගැහැණියක්...

Monday, August 30, 2010

අකාසේ තරු නිවිලා
සඳවතියත් සැඟවිලා
අඳුරු වළා කැටි අස්සෙන්
රිදී පාට ඉරි වැටිලා....

බින්දු බින්දු පොද වැටිලා
රත් වුනු වැලි කැට තෙමිලා
ගහ කොල මල් පිබිදිලා
වැස්ස ඉතින් දැන් වැඩලා...

දොස් අහලා
දෙස් වැදිලා
කර්කෂ වූ හද දැකලා
දැවෙනා ගිනි නිවාලන්න
ඇවිදින් අද නැවුම් විලස...

Saturday, August 28, 2010

ඈවරයි දෑවරයි

ඈවරයි
දෑවරයි
තුන් ඇවරයි....

විකිනී හමාරයි

ගත්තෝ තුටු වෙතී
නොගත්තෝ දුක් වෙතී

Friday, August 27, 2010

හමුවුනේ වෙන්වෙන්න

වැහිලා මල් සුවඳ
සුළන්  රැළි සිබිනවා...
නුඹේ මතක එබී සිත
ආයේමත් හඬනවා...
ගෙවී ගිය අතිතයේ
මිහිරි බව දැනෙනවා...
හමුවුනේ
වෙන්වෙන්න
ඇයිද යලි සිතෙනවා
...

Thursday, August 26, 2010

සුර සැප



පාට වළළු
රන් මාලා
විසි කරලා
දෑත දෙපය
ගෙන හනිකට
වරෙන්
නුඹ.....
බේරිලා
ඔය අපයෙන්
මේ කටු මැටිගෙපැල
සුර සැපයි
තාම අපට

Wednesday, August 25, 2010

සියදිවි නසාගැනිම

ඇතිවෙන්න සේම
නැතිවෙන්නද 

යමක්
මා සතු නොවන බව
දැනගත් වහාම
සියදිවි නසා
ගැනිමෙන්
මා වැළකුනි.

Thursday, August 19, 2010

Go to next page(අමාවක සඳ)

ජිවිතය තරඟයක්ලු..

දුවන්න හයියෙන්....
බූට් සපත්තුකාරයෝ
රබර් සපත්තුකාරයෝ
පහුකරගෙන
ජයගන්න ජිවිතය
දුවන්න...
පාවහන් නැති දෙපා
කටු ඇනී හඬාවී
රත්වෙච්ච ගල් බොරළු
දෙපා යුග දවාවි
හති වැටි අතරමඟ
නවතින්න හිතෙවි
එහෙත්,
නවතිනු නම් එපා
හූ කියයයි ලෝකය
මල් දමා
හෝ
ගල් ගසා
පිළිගන්න නුඹව
බලා හිඳි
ජිවිතය
තරඟයක්ලු
....

Wednesday, August 18, 2010

කවිය නුඹ.......

පන්හිඳෙන්
කුරුටු ගා
කිසි දාක
ලියනු බැරි
කවිය නුඹ.......

Monday, August 16, 2010

මම
සිරකාරියක්..........
නෑ මුරසෙබළු
නෑ රැකවල්
ඒත්,,,,,
යන්න බෑ
නුඹෙන් වෙන් කොට
මගේ සිත

Friday, August 13, 2010

Thursday, August 12, 2010

ප්‍රාර්ථනයක්...
බලාපොරොත්තුවක්...
සමඟ
ගොඩ නැඟුනු
ප්‍රතිබිම්බයක්

විටෙක

ප්‍රශ්නර්ථයක්...
වැරදිමක්..
සමඟ
ගොඩ නැඟුනු
නිග්‍රහයක්

Sunday, August 8, 2010

පිහිට වෙන්න දෙවියනේ
(යමපල්ලෙක් කීය)


කටු ගහේ උල් ටික
පදමට හැදි
ලා...
ලෝ දිය මුට්ටිය
සේරම හිඳිලා...
අසුචී වළවල්
ඔක්කොම වැහිලා...
අපාය දැන් නම්
හොඳටම පිරිලා...
යම පල්ලන්ගේ
වැඩ වැඩිවිලා...
රජ්ජුරුවොත්
දැන් හෙම්බත් විලා...
මැරෙන මැරෙන අය
මෙහෙ ඇවිදිල්
ලා...
දඬුවම් දිලාම
දැන් ඇතිවිලා...
අනේ දෙවියනේ
අපේ දුක දැකලා....
තවත් අපායක්...
වෙනමම හදලා
අනිත් නරයෝ ටික
එහාට යවලා...
පිහිට වෙන්න දැන්
කියනෙමි වැඳලා....

Saturday, August 7, 2010

හිත වීදුරු බෝලයක්
 මගේ හිත වීදුරු බෝලයක්
ඒක ඉරි තලලා
බිදිලා යයි කියලා
බයෙන්
පරිස්සම් කරන්න කියලා
නුඹට දුන්නේ ඒ හිත ම0
ඒත්
නුඹ ඒ හිත
කුඩු කරලා
ඒ විදුරු කටු ඇනගෙන
අඬනවා
ලේ පෙරාගෙන
ඉතින්
මට නුඹත් නෑ
මගේ හිතත් නෑ

Friday, August 6, 2010


පන්හිඳ කෙරවලක
කඳුළු කැට අමුනලා
නුඹ ලියු කවි වැළම
එකින් එක කියවලා
පන් හිඳේ ඒ කඳුළු
නෙතු යුගේ තැවරිලා
හඬනවා මම තාම
පද අරුත සොය සොයා..
..

Thursday, August 5, 2010

ම0
මුලා වුනෙමි
යථාර්තයේ...
විසී කළෙමි
ඈතට
සිතුවිලි කඩා පොඩිකර...
අසා සිටියෙමි
හඬා නගා කෑ ගසන සත්‍ය...
නෑ අවසානයක්
නිමාවක්
වියරුවෙන්
මියගියෙමි...
ධරාණීපාත
වර්ෂාවක්,
සඳ තරු මල්
විප්ලවයක්,
හූල්ලන
ගැහැනියක්,
සියල්ලම
කැටිකර
පන්හිඳට
පණ පොවන
කවියෙක්.....

Saturday, July 31, 2010

දනුෂ්ක මිතුරාගෙන්
කතරගමටගොස් පැතුම් පුරෝගෙන මතකයි දෙවියන් දෙස බැලුවා
නෙතක සුපිපි දුක් කඳුලැල් අරගෙන දෙවියන් පහනට වත් කරලා
කොනක එදා හදපතුළේ රිදුම් දෙන අහිමි සෙනේ කැන් සිහිකරලා
දෑත නළලේ බැඳ කෙලෙස වදින්නද ගලන කඳුළු කැට පිස දමලා

වැහිදිය වැටුන ගන් ඇළ දොළ නපුරු වෙලා
යායට පිපුනු අන්දර මල් මිලින වෙලා
පන්හිඳ නුඹට කවියට පස මිතුරු වෙලා
සුන්දර කියපු ලෝකය අද එරෙහි වෙලා

දුක් කම්කටොළු දුරු කර හෙට හිනැහෙන්න
හිරු සඳ ඒතී ලොවසතුටින් ඉපිලෙන්න
මෙ ජිවිතෙන් ගැළවිමට ඔබ දන්න
කියන්න මඟක් මට මිතුරිය මියදෙන්න

තනිකම් පිරි ජිවිතයේ දුටු සිහිනය බොද වෙනවා
නොකා නොබී පැතුව පැතුම් ඇස අද්දර වැනසෙනවා
සසර කරපු පවු පල දී මෙ ලොවම විඳවනවා
අහිමි සතුට සිහිකරමින් කඳුළු බි බී වැළ පෙනවා

මේ යාළුවා මේ කවි දකින් නැතිවෙයි. එත් ඒ කවි විදින මම වගේම මෙ කවි බලන හැමෝමත් එයාගේ හිතේ විඳවන දුක නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඒයා ජිවිතේ හුඟක් විඳවන කෙනෙක්. අපි කාටවත් ඒ දුක ගන්න බෑ. එයා තනිවම විඳවනවා.මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාගේ සතුට.
දරාගෙන හද තුළ
නුඹේ ඔය සෙනෙහස
සෙවනැල්ල සේ ඇවිත්
දැවටිලා නුඹ ලඟ
අත නොහැර කිසි දිනෙක
හිදිනවා සත්තයි....
ලොවම මට කිවත්
යන්න නුඹ අතහැර
මිය යන තුරාවට
නොයෙමි නුඹ අත හැර

Friday, July 30, 2010

ගස
මල
සල් ගස යට
අමර නැත
ගස යට වටුනු
සල් මල් ඇහිදින්න...
අමරයි
කමලුයි
එකතුවෙලා
සෙල්ලම් කඩ දන්න
දැන් නෑ වෙලා...
"ජම්බු ජම්බු
රතු පාටයි
ඉදුනු ජම්බු
රතු පාටයි"
ඉස්සර වගෙ කවි කියන්න
චමරිට
නයනට
දැන් නෑ වෙලා...
කොටුවෙලා
හිරවෙලා
ඔක්කොම
ටියුෂන් කඩ ඇතුලේ...

Thursday, July 29, 2010

පිපී මුව මත
සීනා මල් මිට
නුඹේ නෙතඟින්
ගලා යනවිට...
සෙනේ දිය පොද
වැටී ඒ මත
හදේ සක්මන්
කලා නුඹේ රුව...

Wednesday, July 28, 2010

ඊයේ එහෙ මෙහේ අවුස්සද්දි මම ලියපු පරන පොතක් හම්බවුනා. ඒ පොතේ මම ලියලා තියෙන්නේ මම ඒ කලේ කියවපු පොත් වලින් උපුටාගත්ත දේවලුයි, ඒ ගැන මට හිතුන දේවලුයි තමයි. මම හිතුවා ඒ උපුටා ගැනීම් ටිකක් බොලොග් එකට දාන්න. කියවලා බලලා තමන්ගේ ජීවිතෙට ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගන්න.සමහර විට මෙ පොත් කියවලත් ඇති. මෙවා මතකද කියලා බලන්නකෝ....



තැවුල් සිත:


කොහේහරි දූපතක තිබිලා කෙනෙකුට ඔරලෝසුවක් හම්බවුනා කියලා හිතන්න.මේ ඔරලෝසුව කවුරුත් හදපු එකක් නෙවෙයි. එහෙම නැත්තම් ඉබේ පරිනාමය වෙච්ච එකක් කියලා කවුරුහරි කියනවනම් ඒ මිනිහා පිස්සෙක් කියලයි සළකන්නේ.ඒ වුනාට නවින විද්‍යාවට අනුව විශ්වය පරිනාමය වෙලා තියෙන්නේ. ඒ විදියට එතකොට විශ්වය කියන්නේ ඔරලෝසුවට වඩා සරළ දෙයක්ද?

සිඳුනු තටු:


ප්‍රේමය පහළ වීමට දිගු ඇසුරක් සමීප සම්බන්ධතාවයක් අවශ්‍යය යැයි සිතිම මුළාවකි. එය පහළ වන්නේ ක්ෂණ මාත්‍ර වූ යම් මොහොතකය. අධ්‍යායාත්මයෙන් අන්‍යෙන්‍යය වශයෙන් හඳුනා ගනිත් ද ඒ මොහොතෙහි පහළ වන ප්‍රමෝදය කෙරෙන් ප්‍රේමය පහළ වේ.ඒ විනා කෙතරම් වසර ගණනාවක් හෝ පරම්පරා ගණනාවක් ඇසුරු කළත් සැබෑ  ප්‍රේමය පහළ නොවේ.

අපූගේ ලෝකය:


මේ දිනවල මට සිතෙන්නේ අත්දැකිම් ,බලාපොරොත්තු ,කල්පනා, සිහින යන මේ සියල්ලම එකතු වී ජීවිතය ගොඩ නැඟෙන බවයි. මට දැන් සිතෙන්නේ දුක,සැප යනදෙකම අපුරු දේ බවයි.ජීවිතය බොහෝ අද්භූත විචිත්‍ර දෙයකි. ඉතා පහත් වූ ද, හීන වූ ද ,ඒකාකාරී වූ ද, ජීවිත ගත කරන අය ජීවිතයේ එම විචිත්‍රතාව භුක්ති විදිති.මෙවැන්නක් මා මෙතෙක් විශ්වාස කළේ නැත.මා සිතා සිටියේ කොහේ හෝ ඇවිදින්නට ලැබුනොත් ජීවිතය සාර්ථක වන බවයි.එය එසේ නොවන බව දැන් මට වැටහේ. දුක , සැප , බලාපොරොත්තු,ඒවා කඩ වීම් ආදියෙන් ආත්මයට කෙතරම් විචිත්‍ර වූ මිළ කල නොහැකි වූ ද අද්දැකිම් ගෙන දේද?


කිසිම දෙයකින් පුදුමයට පත් නොවෙන්නා කිසිවකට වසඟ නොවන්නා ප්‍රාණයක් නොමැති කෙනෙක් යැයි මට හැඟේ. ජීවිතය ගත කිරීම එක කලාවකි.දවසකට සුළු වේලාවක් හෝ නිහඬව තනිව හිඳ කල්පනා කළ යුතුයි. සුළු දේවල් වලින් පවා සතුටක් ලැබිය යුතුයි. වත්පොහොසත්කම්, සමජීය තත්වය යනු නොවැදගත් දේවල් වේ.
අමාවකට නුඹ බලන්න
සඳවතියේ මම ආවා
සිත් අහසේ සැඩ කළුවට බිය වී
මම ඉකි ගැසුවා
නුඹේ මතකය සිහිකරන්න
එවා තිබුණු තරුකැට ටික
අතුරාලා වළා අතර
උන්නෙමි මම හුදෙකලාව
දෑස් පියා
සවන් යොමා
රැහැයි ගීත මා ඇසුවා
ගත සතපා
නෙත නොනිදා
නුඹ බලන්න මම සිටියා
කොපුල් මතින් රූරා යන
කඳුළු බින්දු පිසදාන්න...
නිදා වැටෙන මල් කුමරියෝ
සිනාවකින් පුබුදුවන්න...
වල්මත් වුනු සිත් අහසේ
ඝන කළුවර දුරුකරන්න...
පෝය දාට නොවෙයි අදම
මගේ අහසට නුඹ වඩින්න...

Tuesday, July 27, 2010

නුඹේ නෙත් තුළ
වේලී මා හද
සොයයි සෙනෙහස
උමතු වූ ලෙස
                                               රැයෙහි පායා
                                                     දිළෙන සඳ ලෙස
                                                 මහද ගැබ තුළ
                                               අඳුර දුරු විය
ඉරක් සේ නොදවන
මලක් සේ නොමියෙන
කවක් සේ නොලියෙන
සෙනෙහස නුඹේ පුදුමය
වී නපුරු
මේ රුහිරු
බිම ඉහිරු
නුඹ කවුරු

Monday, July 26, 2010

විකසිත කුසුමක රැඳි නුඹ සුවඳකි
කළුවර අහසේ දිදුළන තරුවකි
පන්හිඳ තුඩඟින් ලියවුනු කවියකි
හතවත පතුලේ රැඳ වුනු වදනකි


පුර පෝදා හඳ දුටු විට අහසේ
නුඹේ මුව මතකෙට ආවයි රහසේ
සඳ රැස් වැටිලා තුරුලිය අස්සේ
මතකද තෙමුනා පිනිකැට වැස්සේ

Saturday, July 24, 2010

සඳ කොමළිය හින් සැරේ වළා යටින් එබුනා

නිල් තරු කැට අහස පුරා රටාවකට දිලුනා
කොඳ මල් මදහාස නගා විකසිත වී බැලුවා
ආදරයෙන් මුලු ලෝකය වට කොට මා සිටියා


නෙත දොවලා කඳුළු බින්දු පිනි කැට වී වැටුනා
නළඟන විත් හෙමින් සැරේ සිහිල දෙමින් එතුනා
ගහ කොල වැල් නිහඬ වෙලා තනියට ළඟ හිටියා
උනුහුම් ඔය ළය මඩලේ සෙනෙහස මට දැනුනා


මල් මඳහස දෙතොල් පුරා හීන් සැරේ ඇදුනා
දෙනෙතේ ඔය ලියවුන කවි පද සේරම පෙනුනා
වස්සනේ සිහින කුසුම් සොඳුරු වෙලා පිපුනා
හදවත තුල සෙනෙහස ගඟ දෙගොඩ තලා ගැලුවා

Friday, July 23, 2010

Go to next page(අමාවක සඳ)
නුඹ මගෙන්
ණයට ඉල්ලාගත්
හිනාව
ඇයි තාම ගෙනැත් දුන් නැත්තේ....
මම අසරණවෙලා
ඇත්තමයි
දකින දකින හැමෝම
මගෙන් අහන්නේ ඒ ගැනමයි
ඉතින් මට කට ඇරල කිවුවැහැකිද
මම ඒක ණයට දුන්නා කියලා
මම ගිණි පොළි කරයෙක් නෙවෙයි
ඇත්තමයි
ඒත් මම ඉල්ලනවා වැල් පොළියක්
මගේ හිනාව ආපහු දෙනකොට
නුඹ ගෙනැත් දෙන්න කියලා

Thursday, July 22, 2010

වැටිලා පරවෙලා සුවඳ මල් සේරම
බොදවෙලා ඇත්තමයි දුටු හීන ඔක්කොම
යන්න බෑ තව දුරක් බර වැඩියි මේ හැම
මියෙන්නට හිතෙනවා ඉවතලා සේරම....

නැතිවෙලා මා ගැනත් තිබු අයිති ඔක්කොම
කොටුවෙලා හිරවෙලා ජීවිතය ඇතුලට
නෑ සියන් හිතවතුන් හැර ඇවිත් සේරම
විඳවා විඳවා විඳියි ජීවිතේ සෙල්ලම....
හුස්ම යන්න දැන්



ඇයි ප්‍රමාද???



ඇති ජීවත් උනා



උහුලන්න බෑ



ඇත්තමයි....



මේ ජීවිතේ බර

Tuesday, July 20, 2010

නිහඬ ගහ කොල
සුසුම් හෙලුවා
වියරු වි මහ සුළඟ හැමුවා
සුවඳ මල් පෙති පරව වැටුනා
ලොවම සැනෙකින්
අඳුරේ ගිලුනා

සුමුදු සුරතල් වදන් ගොළු විය
අදින් පසු යළි හෙටක් නැති විය
හද තුලින් ඉකි බිඳුම් මතු විය
ජීවිතේ අනියත පසක් විය
ගාන්නේ මොන සබන්ද?
බොන්න දෙන්නේ මොන කිරි පිටිද?
දාන්නේ මොන ගිණුමක්ද?
ප්‍රශ්න වැළක්
මහා අවුලක්
ඉපදෙන්න ඉන්න
මගේ රන් කැටියා ගැන

Monday, July 19, 2010

සමනළ තටු පිසදාලා
දෑඟිලිවල පැහැ තවරා
ඒ පැහැයෙන් දෙතොල පුරා
හීන් හිනා මතු කරලා.....
සඳ එළියේ ගත නහවා
පිනි කැට ගෙන නෙත් දොවලා
ඒ සිහිලෙන් හද පුරවා
සෙනෙහස දී මත් කරලා...
හද කුටියේ නතර වෙලා
නුඹේ උකුලේ මුහුන හොවා
මගේ කඳුලින් දුක නිවලා
ඉන්නම් නුඹ ළඟට වෙලා...

Friday, July 16, 2010

හුරැ නැතුවට කඳුළු බින්දු
දෑස් අගින් වැටුනා...
සඳ තරු මල් මිලින වෙලා
අඳුර ඇවිත් එබුනා...
පෙර දින අප හමුවූ තැන්
නුපුරැදු වී දැනුනා ...

ආ ගිය මoමතක තුළින් 
විරහි හිත හැඬුවා...


පන්හිඳ තුඩ
ලියවුනු කවි
පද සේරම මැකුනා...
බොඳවුන ඒ හීතුළින්
 මට තනිකම දැනුනා...
මිරිඟුවකට රැවටි කිම
 ගියෙදෝ ඇයි සිතුනා...
යළි කිසිදා නොයෙනා බව
 දැන දැන සිත හැඬුවා...
හීනි උනාට ඒ ගල් කැට
රත් වෙලා මහ පොළව
පෑගුනොත්...
රිදුම් දෙයි නුඹේ දෙපතුල්
පරිස්සමට අඩිය තියාපන්
මේ සෙයිලමේ....

Wednesday, July 14, 2010


අරැමෝසම් මේ නගරේ
මo මුළාව තනි වුනාද..
ආ මඟ දුර වැඩි හින්දා
පා යුග පොඩි රිදෙනවද..
හිස් අහසට
මහ සයුරට
බිය වී නුඹ හඬනවාද...
පුoචි නඟේ
ජිවිතයේ
ලස්සන
නුඹ සොයනවාද..

 
නෙක පැහැ ගෙන
සුවඳ කුසුම්
හැමදාමත්
සුපිපුනාට....

දිළිහි දිළිහි
රෑ අහසේ
තරු කැට ඒ
හිනැහුනාට...

හින මවා
හැම දාමත්
හිත තනියෙන්
වැළපුනට....

නුඹ නොයෙනා
බව සත්තයි
සෙනෙහස මා
ඉල්ලුවාට....







Sunday, July 11, 2010

මලට හොරා
මල නොතලා
පැණි බිවේ
සමනළයා...
ඒ මල
මල බව දැකලා
පෙති ගලවා
සුවඳ පෙරා
මිළ කෙරුවෙ
වණ බඹරා...

Monday, June 7, 2010

Sunday, June 6, 2010

Monday, May 31, 2010

Tuesday, May 18, 2010