Sunday, July 20, 2014

අපි සෙට් වෙමු නේද මචං



  1. බණ්ඩාරේ
    වරෙන් හනික
    ඈලි මෑලි හිරි ඇරෙන්න
    අපි සෙට් වෙමු
    නේද මචං
    සෝඩා එක මෙහෙට ගනින්
    Mix කරලා ගමුකෝ මචං
    බියර් වලට නෑ ආතල්
    ඒ තරමට
    ...................
    උඹ කිව්වට ඔය විදිහට
    බයක් නැතුව
    දුකක් නැතුව
    මඟුල් කන්නේ කොහොමද අපි
    උන් නැත්තම්
    උඹ බැන්නට ආණ්ඩුවට
    ගසාකනවා තමයි මචං
    ඕනේ එකෙක්
    දිනුවොත් හෙම බලේ අරන්
    මචං ඕවා බයිලා නේද
    .................
    පුර පෝයක් ළඟ එනකොට
    වෙව්ලනවා පුරහඳ හෙම
    ඉතිං සෝමේ
    මම බය නෑ
    පපුව අපේ හොඳ සිහල
    තම්බියෝ ටික මට අරහං
    මේක මචං බෞද්ධ රට
    බයිට් ටිකක් දියං මෙහෙට
    මචං ඉතිං
    අපි සෙට් වෙමු
    ..............................
    උදේ 8ට විතර මචං 
    මං ආවේ 
    පැයක ගමන හරි ලේසියි
    highway නේද මචං

    ඇසි පියන්න කලින් අපිට
    මේක වේවි සුරපුරයක් 
    නේද මච
    ...........................
    හිස් ටින් එකක් වගේ මල්ලි 
    අපේ ජීවිත
    නැගලා යනවා නේද මච
    මේ සින්දුව
    වරෙං ඉතින්
    ආතල් එකේ 
    අපි සෙට් වෙමු 
    නේද මචං

2 comments:

  1. මෙහෙම ඉන්න අය තමයි වැඩි ,හැබැයි හැමදාම ඉන්න බැරි වෙනවා,මෙහි ඒ අය ගැන හොදට ලියලා තියනවා

    ReplyDelete