ආසනික් කැවිලා
ඉර දිහා බලාගෙන
සිහිල යැද හඬනවා
වැහි දියට දිය වෙලා
කඳු ගැටත් බිඳෙනවා
බඩජාරි පණුවනුත්
බත් ඇටත් ගණිනවා
ආසනික් කැවිලාදෝ
ඔලුව කරකැවෙනවා
සිහිල යැද හඬනවා
වැහි දියට දිය වෙලා
කඳු ගැටත් බිඳෙනවා
බඩජාරි පණුවනුත්
බත් ඇටත් ගණිනවා
ආසනික් කැවිලාදෝ
ඔලුව කරකැවෙනවා
කිරි පැණිත් තිත්ත වී
moonඋඩ බලනවා
වාර්තා කියවලා
හීනෙනුත් දොඩනවා
ඉසේ ඇති රුදාවට
වෙන කොට්ට හොයනවා
ආසනික් කැවිලාදෝ
අපි පිස්සු කෙලිනවා
moonඋඩ බලනවා
වාර්තා කියවලා
හීනෙනුත් දොඩනවා
ඉසේ ඇති රුදාවට
වෙන කොට්ට හොයනවා
ආසනික් කැවිලාදෝ
අපි පිස්සු කෙලිනවා
වාවාගෙන කෑවේ අපි
අපේ දේ තමයිනේ
වකුගඩුත් දියවෙලා
ගෙවෙන්නේ කරුමේනේ
ලොකු උනුත් ඇස්පියා
සොයන්නේ බලයනේ
ආසනික් විශවෙලා
මියෙයිදෝ බයයිනේ
අපේ දේ තමයිනේ
වකුගඩුත් දියවෙලා
ගෙවෙන්නේ කරුමේනේ
ලොකු උනුත් ඇස්පියා
සොයන්නේ බලයනේ
ආසනික් විශවෙලා
මියෙයිදෝ බයයිනේ
ෂහ්.... ආසනික්!!
ReplyDelete"වාවාගෙන කෑවේ අපි
ReplyDeleteඅපේ දේ තමයිනේ
වකුගඩුත් දියවෙලා
ගෙවෙන්නේ කරුමේනේ"
ඔය සී පදය කිය වා
මගෙ හද නතර වූ වා
ලියන්නද මොන වා
සිතාගනු බැරි වූ වා
ආසනික් නෙවේ මොනදේ කැවුනත් සල්ලි කාර ලොක්කොන්ට සල්ලි වලට එහා දෙයක් නෑ ..
ReplyDeleteවාවු ! කවියනම් කාලෝචිතයි පට්ටයි !!
හරිම අපූරුයි අක්කේ මේ කවියනම්...
ReplyDeleteආසනික්!!! ජීවිතේම ආසනික්.
ReplyDeleteමැණික්
ආසනික් හරි වෙන දෙයක් හරි විෂවෙලා තමයි බොහෝ දෙනෙක්ට...
ReplyDeleteගොඩක් කල් සිට
ReplyDeleteඅපි මිය යමින්
සිටි බව
අපි සිටියා දැනන්
මක් කරන්නද
''ඕගනික් '' දේවල්
හරි ගණන්
ඇත්ත හැමදාම තිත්තයිනේ.
ReplyDeleteඒ හන්දා පැණි රහම කන්න පුරුදු වෙන්නලු.
nice
ReplyDelete