Tuesday, August 23, 2011

අව් සැරට පිච්චිලා

පිපාසිත දෙනෙත් යුග
මිරිඟුවක් දකිනවා
මල් නොපිපි ගහකොලත්
වියළිලා වැටෙනවා
ඉරි තැලි මහ පොළව
ඉකි ගසා හඬනවා
අව් සැරට පිච්චිලා
ජිවීතේ දැවෙනවා

9 comments:

  1. අව් සැර වියැකේවි
    සිහිල් වලා මතුවේවි
    වැහි පොදක් ඉසිරේවි
    ගහ කොළ විකසිතවි
    නියඟය දුරුවේවි
    කාලය තරණය කර යුතුමැයි

    ReplyDelete
  2. දැවෙන දිවියට සදා සිසිලස ලැබෙිවා
    ඉරිතැලුනු මහ පොළව යලිත් පන ලැබෙිවා
    මල් පිපී ගහ කොලද වසන්තේ ගෙනේවා
    මිරිගු දිය පහවෙලා පොද වැස්ස වැටෙිවා

    ReplyDelete
  3. මරු කතරකට උනත් අනිවා...පොද වැස්සක් හරි ලැබෙනවාමයි....
    ඉතිං...ඉවසන්න.

    ReplyDelete
  4. හ්ම්ම්..අමුතුයි නේද?
    ආයෙත් කියවන්න ඕන..

    ReplyDelete
  5. කතරටත් කෙම්බිමක් ඇති නම්
    අඳුරටත් තරු බිඳක් හිමිනම්
    ගෙවුනුදා නියඟයේ සරදම්
    වැහි බින්දු විත් මවයි කැටයම්

    ReplyDelete
  6. හ්ම් දැන් නම් පෑවිල්ල එපා වෙලා ඉන්නෙ.වහිනකම් බලාගන

    ReplyDelete
  7. දිය පොදක් නැතිව
    දිව ගිලුනත් ඉවසන්නම්...
    වැසි පොදක් නැති කුඹුරු යායෙ
    මලානික කහපාට,
    දකිනට විට
    කෙලෙස නම් වාවම් ද
    පිච්චෙනව බඩ පපුව...

    ReplyDelete
  8. අපේ පැත්තටත් නියං කාලේ ඇවිදිල්ලා ..

    ලස්සන පද ටික යාළු

    ReplyDelete
  9. හැමදාම පායන්නයැ... කොයි වෙලේ හරි වැස්සට එන්න වෙනව...

    ReplyDelete