අපූරු සමනලිය
කිරි කවට මුදු සිනා
දෙතොලඟින් වෑහෙනා
දඟ පාන පොඩි දෙපා
විඩා බර නොමවෙනා
උරණ වී ලොව සමඟ
ගොළු වෙලා නොතැවෙනා
පුන්චි මේ සමනලිය
සිත නැතුව ඉගිලෙනා
මිය ගියපු අතීතය
ගැන සිතා නොහඬනා
හෙට උදා වෙන ලොවට
හීන නෑ පුරවලා
දුකට හැඬු කඳුළු කැට
මොහොතකින් වියලෙනා
අපූරුම පුදුමයකි
නුඹ ලොවට ගෙන එනා
ලස්සනයි
ReplyDeleteඑල කිරිස්
ReplyDeleteපුන්චි මේ සමනලිය
ReplyDeleteසිත නැතුව ඉගිලෙනා
හරියටම හරි. අපූරුයිනෙ.
මැණික්
තරහ නෑ හිත ගාව
ReplyDeleteසිනහවයි මුව පුරා
ඔය මුවේ හසරැල්ල
මට වාසනා ගෙනා...
ලොකු සමනලියක් වෙද්දි මේ ඔක්කොම කණපිට හැරෙන එක තමයි වැරැද්ද.
ReplyDeleteඅපූරුයි..
ලස්සනයි කියලා කියන්නද් මැක්සා කියලා කියන්නද . පට්ට කියලා කියන්නද ?
ReplyDeleteෂෝක්.. නියමයි. යාළු
ReplyDeleteLassanai!
ReplyDelete