අපූරු සමනලිය

කිරි කවට මුදු සිනා
දෙතොලඟින් වෑහෙනා
දඟ පාන පොඩි දෙපා
විඩා බර නොමවෙනා
උරණ වී ලොව සමඟ
ගොළු වෙලා නොතැවෙනා
පුන්චි මේ සමනලිය
සිත නැතුව ඉගිලෙනා

මිය ගියපු අතීතය
ගැන සිතා නොහඬනා
හෙට උදා වෙන ලොවට
හීන නෑ පුරවලා
දුකට හැඬු කඳුළු කැට
මොහොතකින් වියලෙනා
අපූරුම පුදුමයකි
නුඹ ලොවට ගෙන එනා



Comments

  1. ලස්සනයි

    ReplyDelete
  2. පුන්චි මේ සමනලිය
    සිත නැතුව ඉගිලෙනා
    හරියටම හරි. අපූරුයිනෙ.
    මැණික්

    ReplyDelete
  3. තරහ නෑ හිත ගාව
    සිනහවයි මුව පුරා
    ඔය මුවේ හසරැල්ල
    මට වාසනා ගෙනා...

    ReplyDelete
  4. ලොකු සමනලියක් වෙද්දි මේ ඔක්කොම කණපිට හැරෙන එක තමයි වැරැද්ද.

    අපූරුයි..

    ReplyDelete
  5. ලස්සනයි කියලා කියන්නද් මැක්සා කියලා කියන්නද . පට්ට කියලා කියන්නද ?

    ReplyDelete
  6. ෂෝක්.. නියමයි. යාළු

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා