Monday, September 12, 2011

ජීවත් වෙන්න බිය නොවන්න

රස්සාවක් නැතිවුනාට
අතට කාසි හිඟ වුනාට
කරන්න වැඩ නැතිවුනාට
අපි බදිමු
මම රේඩියෝ අහන්නම්
ඔයා tv බලන්න
පොස්කාඩ් යවලා යවලා
ගේ ඉස්සරහා බෝඩ් ගහලා
අපි ලක්ෂයක් දිනමු

ඊට පස්සේ

බලුප් දාලා
වැලුත් ඇදලා
දේවාලයක් දාමු
ඔයා කපුවා
මට පුලුවන් මායම් දාන්න
අපි දෙන්න එකතු වෙලා
දුක විකුණමු
සල්ලි වලට

එහෙම බැරි වුනොත්

අපි පන්සලක් දාමු
චීවරයක් පොරවාගෙන
පිළිමේකුත් තනවාගෙන
කෙල්ලෝ කොල්ලෝ වශී කරමු
හදි හූනියම් කරමු
දහම්ත් modify කර
ලා
පින් කැට ටික වැඩිකරලා
සාසනේම විකුණාගෙන
අපි දෙන්නා
ජීවත් වෙමු

10 comments:

  1. ඇත්තම ඇත්ත...තමයි අයේෂා.
    මිනිස්සුන්ගේ.... ප්‍රශ්න, දුක, අසරණකම ...තව මිනිස්සු කොට්ඨාශයක් විසින් .....විකුනගෙන කනවා.

    ReplyDelete
  2. ඔය තියෙන්නෙ ජීවත්වෙන්න ක්‍රම

    ReplyDelete
  3. ජීවත් වෙන්න ක්‍රමද නැත්තෙ මේ ලංකාවෙ?

    ReplyDelete
  4. ‍රැවටීම දන්න කෙනා හැමදාම දිනුම්. මවල දෙන්න පුලුවන් නම් ජීවත් වෙන්න විදියක්ද නැත්තේ.
    මැණික්

    ReplyDelete
  5. ඇත්තම තමයි අක්කේ... මේකේ ලිය උන විදිහට ජීවත් වෙන මිනිස්සු අපිත් දැකලා තියෙනවා...

    ReplyDelete
  6. මොකට බයවෙනවද ජිවත් වෙන්න.... ඔය තියෙන්නේ ඕනතරම් ක්‍රම...... මොනවා කරන්නද සහෝ... මේ සකලසිරින් පිරි සිරි ලංකාව නොවැ...

    ReplyDelete
  7. "සතේ සතේ එකතු කරල රහසේ කැටයකට දමල
    නුවරඑලියෙ ටජ් මහලක් හදමු රත්තරන්
    සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරන්"

    ReplyDelete
  8. හ්ම්ම් යථාර්තය...

    ReplyDelete