කිනිතුල්ලෙක්......

අනවසරෙන්
හදවතට
ඇතුල්වුන
නුඹ
කිනිතුල්ලෙක්......
මගේ ආදරය
නුඹේ දරදඬු
හිතුවිලිවලින්
හූරා ගනිද්දී
මම විදපු වේදනාව........
ගලවලා විසි කලත්
පැත්තකට
තාමත්
ඇඳුම් කනවා
හදවත

Comments

  1. අනර්ඝයි උපමාව..

    ReplyDelete
  2. ආදරේ අප්පිරියයි දැන් ඉඳන් මට ..

    ReplyDelete
  3. සිරාවට ගලපලා... ලස්සනයි...!!

    ReplyDelete
  4. එලට ලියලා තියෙනවා

    ReplyDelete
  5. කිනිතුල්ල නං මොකාද, කූඩැල්ලෙක් වගේ එකෙක් එල්ලුනා නම් තම වැඩේ...

    ReplyDelete
  6. සියලු ම බැදීම් කිනිතුල්ලන් ලෙසයි මට නම් පේන්නේ.
    ලස්සන පද වැලක්..නව මානයක්..

    ReplyDelete
  7. අනගි උපමාව. කිණිතුල්ලෙක් ගලවලා අයින් කළත් උගේ හිස කොටස ඉතිරි වෙලා වේදනාව දෙනවා වගෙයි ප්‍රේමයත්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා