නුඹ හට
නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
පරවෙනා මලක මම
ReplyDeleteනිවෙනා තරුවක මම
බැස යන පුරහඳේ වත්
නැති මට, උපමා වටීද
ඔබේ හදවතට වඩා..
සදාකාලික උපමාවක් හොයා ගන්නෙ කොහොමද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසදාකාලික නොවන දෙයට සදාකාලික උපමා මොටද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔයා මේකට කැමති වෙයි
ReplyDeletehttp://short-katha.blogspot.com/2011/08/blog-post_23.html
උපමා සොයනු කිම
ReplyDeleteවෙනස් වන ලෝකයට
එහෙම නේද?
මැණික්
සිත සිතා වෙහෙසී
ReplyDeleteබැරිම තැන
උපමා කලෙමි මම
ඔබව ඔබටම
හ්ම්ම්...
ReplyDeleteහැමදේ ම වෙනස්වෙනවනෙ යාලු...
හරිම අපූරු සිතුවිල්ලක් අක්කේ...
ReplyDeleteඋපමාවක් නැති තැන රසයද අඩුය.
ReplyDeleteහරිද මන්දා...ඒත් මට නම් එහෙමයි හිතෙන්නේ.
"සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් - සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්"
ReplyDelete