Saturday, January 15, 2011

පණ අදින හිතුවිලි

අවුල් වී  file ගොඩ හැම අතේ
පුටුව මත නිදි කිරයි හාමතේ
නිවෙනවා තේ එකත් කහට බැදි කෝප්පේ
හීනෙනුත් පේනවා හඬපු හැටි කළුවරේ

දිරාගිය තාප්පේ කෙළවරේ
දිය සෙවෙල් පිරි ඇත හිතුමතේ
කළු පාට සෙවනැලිත් දිගා වී අයාලේ
පණ අදියි සිතුවිලිත් පාට ගෑ විමානේ

5 comments:

  1. හාප්පොච්චියේ මේ මොකද අනේ.
    පාලුවට ගිය ඔපීසියක් වගේ.

    ReplyDelete
  2. ඇත්තටම මේ ඔයා වැඩකරන ඔෆිස් කාමරේ ගැන වෙන්න ඇති නේද යාළු ? මක්කටෙයි අඬන්නේ ?

    ReplyDelete
  3. ජීවිතය එපා වුණාම ඔන්න ඔහොම පරිසරයක් මැවෙනව හැම අතේම.

    ReplyDelete
  4. කන්තෝරු කාමරය ගැන කවි ලියනවද යාළු ? ලස්සනයි ලස්සනයි ..

    ජය වේවා !!

    ReplyDelete
  5. මම මෙහෙම ඔපීසියක වැඩ කරන්නැහැ. මේ මගේ යාළුවෙක් කියපු කතාවකට ලියපු එකක්. ස්තුතියි අදහස් දක්වපු යාළුවෝ හැමෝටම

    ReplyDelete