Friday, January 7, 2011

~විරසක සඳ~

නීල නුවන් අග්ගිස්සේ
කඳුළු බිඳක් තැවරී
සුසුම් හෙළා අමනාපෙන්
මල් මදහස පරවී
දොඩනා ඒ මිහිරි තෙපුල්
විරසක ලෙස ගොළු වී
එළිය දුන්නු පුරා සඳේ
කළු වළාවේ සැඟ වී

නෙතින් නුඹේ වැටෙන කඳුළු
හද තෙමනා හින්දා
සුසුම් වලින් බරවී හද
මා දවනා හින්දා
දෙතොල නුඹේ නිතර මැවෙන
හසඟන නැති හින්දා
සඳේ ඉතින් යලි වඩින්න
විරසක සිත හැරදා

8 comments:

  1. සමාවෙන්න මම කමෙන්ට් එක අයින් කලේ ඒක ගැලපෙන්නේ නෑ කියලා හිතුනු නිසා. මේක ඇත්තටම හරිම ලස්සනයි යාළුවේ..

    ReplyDelete
  2. ලස්සනයි ගොඩක්.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. හැමදාම වගේ අපූරුයි..

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මිත්‍යාදෘෂ්ටිකයා,
    ඔයා ඉස්සරලා දාලා තිබුණු comment 1 මම e mail එකෙන් දැක්කා. හරිම ලස්සනයි ඒ කවිය යාළු.

    මැණික්,
    ස්තුතියි මැණික්

    Outsider
    ඔයාටත් ස්තුතියි යාළු

    චින්තන,
    ස්තුතියි මල්ලි

    ReplyDelete