Thursday, November 17, 2011

සිනාසෙමි කඳුළු හැර

පියා නෙතු යුග
අසා ඉනු මැන
පවන් රැල් මත එතී හෙමිහිට
නටයි කවි පද වැටි සවනට


ගිලිහෙන දෙතොලඟින් නුඹේ
සිනහව වී දැවටෙන්නද
වෑහෙන නෙත් කොනින් නුඹේ
කැළුමන් වී සැඟවෙන්නද
විහිදෙන සියොලඟම නුඹේ
සුවඳක් වී තැවරෙන්නද
ඇහැරෙන සිහිනයක නුඹේ
පැතුමක් වී ළඟ ඉන්නද


නොවී විරසක සඳ
දිලේ නම් දුර වුව හිඳ
සිනාසෙමි කඳුළු හැර පිස
සිහින සිර කර හදේ කෙලවර

4 comments:

  1. ලස්සන කවි පෙලක් අක්කේ..

    ReplyDelete
  2. හීන හිර කරන් ඉන්න එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.

    ReplyDelete
  3. "සිනාසෙන්නට වරම් නොලදත් - හිතේ කිළුටක් නෑ"

    ReplyDelete