සිනාසෙමි කඳුළු හැර
පියා නෙතු යුග
අසා ඉනු මැන
පවන් රැල් මත එතී හෙමිහිට
නටයි කවි පද වැටි සවනට
අසා ඉනු මැන
පවන් රැල් මත එතී හෙමිහිට
නටයි කවි පද වැටි සවනට
ගිලිහෙන දෙතොලඟින් නුඹේ
සිනහව වී දැවටෙන්නද
වෑහෙන නෙත් කොනින් නුඹේ
කැළුමන් වී සැඟවෙන්නද
විහිදෙන සියොලඟම නුඹේ
සුවඳක් වී තැවරෙන්නද
ඇහැරෙන සිහිනයක නුඹේ
පැතුමක් වී ළඟ ඉන්නද
නොවී විරසක සඳ
දිලේ නම් දුර වුව හිඳ
සිනාසෙමි කඳුළු හැර පිස
සිහින සිර කර හදේ කෙලවර
දිලේ නම් දුර වුව හිඳ
සිනාසෙමි කඳුළු හැර පිස
සිහින සිර කර හදේ කෙලවර
ලස්සන කවි පෙලක් අක්කේ..
ReplyDeleteහීන හිර කරන් ඉන්න එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.
ReplyDeleteLassanayi :)
ReplyDelete"සිනාසෙන්නට වරම් නොලදත් - හිතේ කිළුටක් නෑ"
ReplyDelete