Friday, April 22, 2011

වෙන් වෙමු

සඳ දැන් අර මෝදු වෙලා
හිනැහෙවී හොරෙන් බලා
නෙතු බොඳ වී කඳුළු උනා
හැර යන්නට නොහැකි වෙලා

දෑස් මතට එබී බලා
නුබේ  රුව මා දැසේ සොයා
මුමුනා නෙක මියුරු කතා
සිරවි හද නතර වෙලා

ගහ කොල වැල් නිහඬ වෙලා
මල් නිදියයි අහක බලා
ලොව උරනව බලන නිසා
වෙන්වෙමු අපි සුවඳ තියා

9 comments:

  1. වෙන්ව යන්නට සුවද තියා
    කාලය ඇවිල්ලා රහසක් කියා
    නමුදු හිතයි නුඹ ලගට වෙලා
    ඉන්න සුසුම් හෙලන මොහොතක් පාසා..

    ReplyDelete
  2. ඔව් ඉතින් වෙන මොනව කරන්නද? ලස්සනයි අයේශා.
    මැණික්

    ReplyDelete
  3. harima lassanata pedival galapala....sanvediva hadavathata danenna..!

    ReplyDelete
  4. ලොව උරනව බලන නිසා
    වෙන්වෙමු අපි සුවඳ තියා

    ගොඩක් අහින්සක ආද‍රවන්තයින්ට අත්විදින්න වෙන ශෝකාන්තයක්.

    උප‍රිමයටම ලස්සනයි අයේශා.....

    ReplyDelete
  5. ගොඩක් ලස්සනයි. කාව්‍යමය මිහිර ගොඩක් හසු කරගෙන ලියල තියෙනව..

    ReplyDelete
  6. පෙනෙනා මානයක සිටිමින් රන්ගිරි දඹුලු ග     ල
    ඔබ ලී කවිය සොඳුරුයි ප්‍රේමය මිටින් හ          ල
    කලා වැවත් උතුරන්නට ගලනා ඒ කඳු             ල
    පිළිබඳ මෙසේ ලීවා පාමුල සිට ඇතා ග           ල

    ReplyDelete
  7. වෙන් වීම නම් විය යුතුමයි
    කොහොම හිත හදා ගන්නද මං
    නෙතු පුරා මැවෙන හසරැල්ලෙන්
    බොද කලේ මගේ රුව විතරයි...

    ලස්සන පද වැලත්...අයේෂා.
    මටත් හරිම සමීපයි...මේ අත්දැකීම

    ReplyDelete