සුදු කළු

එකම පාටකට
නුඹ
කළු කියනවා
මම ඒ
සුදු කියනවා
ඒ කළු ද?
නැත්තම් සුදු ද?
අපි තර්ක කරනවා
නුඹද නිවැරදි
මම ද නිවැරදි
.........................................
.........................................

බැලුවාම හිතලා
ඇත්තට
.......................
සoකල්ප අස්සේ
හිරවුනු
අමුම අමු
මෝඩයෝ
නුඹත්
මාත්

Comments

  1. අනේ ඇත්තමයි සහතික ඇත්ත. ඔයාගෙ කටේ මසුරන් දාන්න වටිනවා.
    මැණික්

    ReplyDelete
  2. ඒක තමයි ගැටඵව කඵ පාට හෝ සුදු පාට නොවී ඒ දෙකම හමුවන තැන පාට දකින්න පුඵවන්නම් තව දුරටත් අපි මෝඩයෝ නොවේවි..

    ReplyDelete
  3. නියම දෙයක් ඔයා එලියට ගෙනාවෙ. ඕක සුපිරි අදහසක් අපි මොන විදියෙ තර්ක කලත් ලෝකෙ පවතින්න පුලුවන් එක සත්‍යයයි. හැබැයි තාමත් ඒක මිනිසාට ලන් වෙන්න බැරි තරම් ඈතින් තියෙන්නෙ. හේතුව තමයි ඔයා ඔය කියන දේ. මිනිසා ඔවුන් විසින්ම හදාගත්තු සංකල්ප ඇතුලේ හිර වෙලා.

    ReplyDelete
  4. ලස්සන අදහසක් අක්කේ..

    ReplyDelete
  5. ඔයාගේ අදහස නියමයි හිතන්න දෙයක් දීලා ...

    කලු පාටට සුදු කීවත්
    සුදු පාටට කලු කීවත්
    ඒ පාට අපි දකින විදිහේ
    වෙනසක් වෙන්නේ නෑ නේද ?

    ReplyDelete
  6. සහතිකවම අයේෂා .හරිම සරලව කියලා තියෙනවා. මමත් ඔය වගේම දෙයක් කිව්වා.බලලා අදහස් දාන්න.
    http://ru1-ru1.blogspot.com/2011/04/blog-post_20.html

    ReplyDelete
  7. sahodari
    mama oyawa dakke ilandariya site eke. eke dala tibuna photoshop plugins tike link ewanda puluwannam oyata godak pin

    danawanam mekata danda

    tntcri@yahoo.com

    ReplyDelete
  8. මැණික්,Outsider,අනුරාධ,Dinesh,හිස්අහස, A Quote world of Dilu!,Ruwan
    Achchu,
    ඔයාලා හැමෝටම ස්තුතියි දක්වපු අදහස් වලට.
    මම කියන්න හැදුවේ අපි එක එක්කෙනා හදා ගත්ත සංකල්ප , රාමු ඇතුලෙ තමා අපි ඉන්නේ. අපි එවා තුළ කො‍ටුවෙලා වල්මත් වෙලා දුක් විඳ විඳ ජිවත් වෙනවා.

    ReplyDelete
  9. එකම දේ දෙවිදිහකට දකින දෙන්නෙක්... අපේ ගැටළු වැඩි හරියකට මුල මෙය නොවේද? හොඳ සංකල්පනාවක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා