Thursday, February 3, 2011

මුරුගසන් වරුෂාව

වරුෂාව වරුෂාව
මුරුගසන් වරුෂාව
විනාශය විනාශය
අතලඟයි විනාශය

කිරි වැදුනු නිල් ගොයම
ගිලෙනවා වැහි දියේ
බඩගිනිත් වැඩි වෙලා
හඬයි පොඩි උන් පැලේ
හරි හම්බ කරපු දේ
සේදිලා යයි ජලේ
සීත රෑ හීනෙනුත්
ඉකිබිඳින හඬ ඇසේ

චිරි චිරිස් මඩ වෙලා
මැටි ගාපු පොඩි පැලේ
රෙදි පිළිත් කිළිටි වී
හිරිකිතයි ජීවිතේ
දෙවියනුත් කෝප වී
නොබලාවි මුව අපේ
ගිලි අප මියැදෙමුද
දෝරේ ගිය වැහි දියේ

9 comments:

  1. කාලෙත් එක්ක හොදත ගැලපෙනවා...වැස්සත හැම දේම නැති උන කොච්චර දෙනෙක් අපි අතරෙ ඉන්නවද...............

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ එපා වෙන තරමටම වහිනවා ..වටේ ගෙවල් ගොඩාක් යටවෙලා ඒත් අපි වාසනාවන්තයි ..අපේ ගෙදරට වතුර ආවේ නෑ

    ReplyDelete
  3. ඇත්තමයි වැස්ස පායලා දවස් කීයද ගියේ.. අර අසරණ උන මිනිස්සු ටික ගෙවල් වලට ගියා විතරයි ආයෙත් පටන්ගත්තා....

    ReplyDelete
  4. මේක සිරාවට ලියලා තියෙනවා...

    ජය වේවා....!!

    ReplyDelete
  5. වැස්සෙන් ඒ දේ වුණේ ඒ අයට විතරක්‍ නෙවෙයි. අපිටත් ‍එක්කයි. ගොවිතැන් පාඵ වෙලා ගියාම එහි ආනිශංස හෙට වෙද්දි හැමෝටම ලැබෙනව.
    ඇත්තටම ස්වභාවධර්මය කෝප වෙලාද මිනිස්සුන්ගෙ අධාර්මික බවට. ඒත් මේ අධාර්මික හැමදේම නිර්මාණය කරන මිනිසුන්ට නෙවෙයි එයින් පීඩාවන් ඇතිවෙන්නෙත්.

    ReplyDelete
  6. අක්කා කවිය ලියලා තියෙන්නේ තරහින් වගේ. මටනම් අනේ එපාම වෙලා ඉන්නේ

    ReplyDelete
  7. මේ මහ වැස්ස කවදාවත් නැති ලෙසට.
    කෙණහැලි කම් කරයි දුප්පත් අප සැමට.
    දෙවියොත් නිහඬ ඇයිදෝ වදයකි හිතට.
    පූරුවෙ පවකටද  අපි ඉපදුනෙ මෙරට.

    Yes life is not fair.

    ReplyDelete
  8. මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි..
    වැස්ස ඉවර උනාම, හැමදේම පිළිවෙලට ආපහු හදාගන්නේ කොහොමද? තිබ්බටත් වඩා ලස්සණ වෙයිනේ ජීවිතය, ඇයි ඒ ගැන ලියන්නේ නැත්තේ?
    life is always fair...

    ReplyDelete
  9. වැටෙන වැස්සට බැනලා මොකටද?
    මෝඩ ජනයට නොතේරැන කල
    කල කල දේ පල පල දේ
    යැව්වනම් රටේ ඉහල තැනට
    ධර්මයක් නැති බූරැ කැල
    අතට දුන්නු පිච්චි පහකට
    දැන් ඉතින් විදවපල්ලා
    දෙවියන්ටවත් බලන්න පිරිය නෑ බොලා ගැන
    මේ මෙහෙම කියන්නෙ
    ඇත්තටම මතු වෙච්ච දුකකට

    ReplyDelete