ආදරේ තරම Get link Facebook X Pinterest Email Other Apps - October 24, 2016 සඳ නැතත් අහසකට තරු නොදිලි තියේවිද දුර වුවත් සයුර විත් වෙරළ සිප නොයාවිද මද පවන් වල වුවත් සුවඳ ගුලි නොවේවිද ආදරේ නම් හිතක් තිතක් වී පෙනේවිද Get link Facebook X Pinterest Email Other Apps Comments DineshOctober 24, 2016 at 5:38 PMලස්සනයි අක්කෝ. කාලෙකින් බ්ලොග් එක පැත්තේ.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
ලස්සනයි අක්කෝ.
ReplyDeleteකාලෙකින් බ්ලොග් එක පැත්තේ.