ආදරේ තරම Get link Facebook X Pinterest Email Other Apps - October 24, 2016 සඳ නැතත් අහසකට තරු නොදිලි තියේවිද දුර වුවත් සයුර විත් වෙරළ සිප නොයාවිද මද පවන් වල වුවත් සුවඳ ගුලි නොවේවිද ආදරේ නම් හිතක් තිතක් වී පෙනේවිද Get link Facebook X Pinterest Email Other Apps Comments DineshOctober 24, 2016 at 5:38 PMලස්සනයි අක්කෝ. කාලෙකින් බ්ලොග් එක පැත්තේ.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිද... Read more
ලස්සනයි අක්කෝ.
ReplyDeleteකාලෙකින් බ්ලොග් එක පැත්තේ.