මා පුත...

විසල් මේ ගොමු යට
සෙවන අයදීමද
නපුරක්ය හැමවිට...
නර කෙසුත් ඇද ඇද
සාදු හඬ පතුරන
බොහො දනන් දැක දැක
සසර තව දික් කර
නොනවතින් මා පුත...

Comments

  1. අයේෂා ආයෙත් ලියමු නේ. අපුරු කවිය,

    ගත පොරවන් උන් මනරම් කසී සළු
    ලබනු රිසියි තව නොපලන් දිව්‍ය සළු
    දසත සරයි දුගියන් ගත නැතිව සළු
    නිවන් මගට මොකටද බන් උතුරු සළු

    සිල් ඇත්තියෝ ගත දවටන් හොඳ දුහුල් සළු
    පෙන්නයි වහගෙන නොවැසුනු උන්ගේ හෙලු
    අසරණියන් සළු උනා යහනක වෙද්දී හෙලු
    කවුරුත් නෑනේ පොරවන්නට උන්ට සළු

    ඕකයි ඇත්ත තත්වේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා