Thursday, December 30, 2010

හොඳ හිත විකිණීම

ඈවරයි
දෑවරයි
මම විකුණනවා
කුනුකොල්ලෙට උනත්
මේ හොඳ හිත.........
කඳුළු විතරයි
ලාබෙට
මට ඉතුරු වුනේ

8 comments:

  1. ගොඩක් වෙලාවට....
    ලාවබෙට ...
    ඉතිරිවෙන්නේ ..
    කදුලු..
    විතරයි......

    ReplyDelete
  2. ඉක්මණට විකුණුනොත් හරි. නැත්නම් හොඳ හිත් කියන ඒව ඉක්මණින් කුණුගොඩට විසි‍වෙනව. ඒවට වැඩිය ආයුෂ නෑ.

    ReplyDelete
  3. හොඳ හිත විකුණන එක අසාධාරණයි. හැමෝම වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ.. හැබැයි එහෙම කළත් ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ සමහරවිට හිතේ සතුටයි නැතිනම් කඳුලුයි විතරයි!

    ReplyDelete
  4. අනේ යාළු කවදාචත් හොඳ හිත විකුනන්න එපා ! ඔයාට ඕනම නම් ඔය හොඳ හිත තව කෙනෙක් එක්ක බෙදාගන්න . එහෙමත් බැරිනම් ඔය හිත කාට හරි සින්නක්කර වෙන්නම පුදන්න ..

    ජය වේවා !!

    ReplyDelete
  5. ගණන් වැඩි කාලයක් බලලා විකුණලා දාන්න ඕක. හැබැයි නරක හිතක් විකුණලා ගන්න ලාභේ ගන්න බෑ මොනම කාලෙකදිවත් හොද හිත විකුනලා.

    ReplyDelete
  6. කඳුළු ලාබෙට ඉතුරු වෙන්නෙ හැමෝ ගාවම අඩු නැතුව කඳුළු තියෙන නිසා...

    ReplyDelete
  7. මේ සයිබර් “අවකාශයේ“ අපි දන්න ගොඩක් මිනිස්සු තමන්ගේ හිත විකුණලා ඉවරයි.

    ReplyDelete