Saturday, July 24, 2010

සඳ කොමළිය හින් සැරේ වළා යටින් එබුනා

නිල් තරු කැට අහස පුරා රටාවකට දිලුනා
කොඳ මල් මදහාස නගා විකසිත වී බැලුවා
ආදරයෙන් මුලු ලෝකය වට කොට මා සිටියා


නෙත දොවලා කඳුළු බින්දු පිනි කැට වී වැටුනා
නළඟන විත් හෙමින් සැරේ සිහිල දෙමින් එතුනා
ගහ කොල වැල් නිහඬ වෙලා තනියට ළඟ හිටියා
උනුහුම් ඔය ළය මඩලේ සෙනෙහස මට දැනුනා


මල් මඳහස දෙතොල් පුරා හීන් සැරේ ඇදුනා
දෙනෙතේ ඔය ලියවුන කවි පද සේරම පෙනුනා
වස්සනේ සිහින කුසුම් සොඳුරු වෙලා පිපුනා
හදවත තුල සෙනෙහස ගඟ දෙගොඩ තලා ගැලුවා

4 comments:

  1. සඳ පායාලා රෑ අහසේ....
    අඳුර බිඳලමින් ඊ දසතේ....
    ඒ යාමේ මා තනිවම මිතුරේ......
    සඳ නුඹ වත් ඉඳපන් මා තනියේ.......

    ReplyDelete
  2. මගේ කවි කියවලා අදහස් දක්වනවට ඔයාට හුඟක් ස්තුතියි යාළු

    ReplyDelete
  3. අද තමා මේ පැත්තට ආව පළමු වතාව..ලස්සන පබැඳුමක්..මෙගෙන් සුභ පැතුම්..
    ජයවේවා!!!
    Word Verification අයින්කළා නම් හොඳයි..

    ReplyDelete
  4. smpathjt,
    බෝහොම ස්තුතියි මගේ කවි කියවලා අදහස් දැක්වුවට

    ReplyDelete