Tuesday, July 20, 2010

නිහඬ ගහ කොල
සුසුම් හෙලුවා
වියරු වි මහ සුළඟ හැමුවා
සුවඳ මල් පෙති පරව වැටුනා
ලොවම සැනෙකින්
අඳුරේ ගිලුනා

සුමුදු සුරතල් වදන් ගොළු විය
අදින් පසු යළි හෙටක් නැති විය
හද තුලින් ඉකි බිඳුම් මතු විය
ජීවිතේ අනියත පසක් විය

2 comments:

  1. ස්ථිර එකම දෙය අස්ථිරබවම නොවන්නේද?

    ReplyDelete
  2. අපි මෙච්චර අස්තීර දෙවල් වලට බැදිලා ඉන්නේ ඇයි කියලා හිතාගන්න බෑ

    ReplyDelete