නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
හදවත හිස්.....
ReplyDeleteඒත් මොනවද මේ හැටි බර..........
හදවත හිස් උනාට එකට පිරුනු හිතුවිලි ගොඩාක් බර වැඩියි
ReplyDeleteවෙලාවකට එහෙම හිතෙනවා තමා..ඒ අපිට ගොඩක් දුක හිතුන ම..ඒත් සතුටෙ උපරිමේටම යනකොට සමහරුන්ට තමන් කවදාහරි මැරෙනවා කියලත් අමතකවෙනවා..
ReplyDelete