Saturday, July 31, 2010

දනුෂ්ක මිතුරාගෙන්
කතරගමටගොස් පැතුම් පුරෝගෙන මතකයි දෙවියන් දෙස බැලුවා
නෙතක සුපිපි දුක් කඳුලැල් අරගෙන දෙවියන් පහනට වත් කරලා
කොනක එදා හදපතුළේ රිදුම් දෙන අහිමි සෙනේ කැන් සිහිකරලා
දෑත නළලේ බැඳ කෙලෙස වදින්නද ගලන කඳුළු කැට පිස දමලා

වැහිදිය වැටුන ගන් ඇළ දොළ නපුරු වෙලා
යායට පිපුනු අන්දර මල් මිලින වෙලා
පන්හිඳ නුඹට කවියට පස මිතුරු වෙලා
සුන්දර කියපු ලෝකය අද එරෙහි වෙලා

දුක් කම්කටොළු දුරු කර හෙට හිනැහෙන්න
හිරු සඳ ඒතී ලොවසතුටින් ඉපිලෙන්න
මෙ ජිවිතෙන් ගැළවිමට ඔබ දන්න
කියන්න මඟක් මට මිතුරිය මියදෙන්න

තනිකම් පිරි ජිවිතයේ දුටු සිහිනය බොද වෙනවා
නොකා නොබී පැතුව පැතුම් ඇස අද්දර වැනසෙනවා
සසර කරපු පවු පල දී මෙ ලොවම විඳවනවා
අහිමි සතුට සිහිකරමින් කඳුළු බි බී වැළ පෙනවා

මේ යාළුවා මේ කවි දකින් නැතිවෙයි. එත් ඒ කවි විදින මම වගේම මෙ කවි බලන හැමෝමත් එයාගේ හිතේ විඳවන දුක නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඒයා ජිවිතේ හුඟක් විඳවන කෙනෙක්. අපි කාටවත් ඒ දුක ගන්න බෑ. එයා තනිවම විඳවනවා.මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාගේ සතුට.

2 comments:

  1. තුවාලය තියෙන මිනිහාට තියෙන වේදනාව එයාට තරම් වෙන කාටවත්ම දැනෙන්නේ නෑ....හැබැයි තමන්ගෙ දුකට තියෙන එකම වේදනාශකයත් තියෙන්නේ තමා තුලමයි.....අහිමිවුනු දෙයක් ගැන ඇති වේද්නාව යටපත් කල හැක්කේ හිමිදෙයකින් සැනසීමෙන් පමණයි....මේ ගැන කිසිවක් නොදන්න නිසා අඩහස කිව නොහැකියි....ඒත් දුක ලොකු වුනත් පොඩි වුනත්....ජීවිතේ පවතිනා තුරාවට අපි එක්කම ඉන්න එකම අසල්වාසියත් දුකම තමා...ඔබේ මිතුරාගේ දුක නැතිකල හැක්කේ ඔහුටම පමණක්ම වුනත්...ඔහුට ඊට අවැසි දිරිය ලැබේවා යයි පතමි...........

    ReplyDelete
  2. Shadow,
    ප්‍රශ්නේ මෙහෙම කියන්න තෙරෙන්නෑ.එත් ආදරය අහිමි විමේ ප්‍රශ්නයක් නෙවේ කියන්න පුලුවන්.මටත් තෙරෙන්නෑ යාළු. එයා වෙනුවෙන් මම මොනාද කරන්න ඔනෙ කියාලා.ඔයාට ගොඩක් පින් මගේ යාළුවා වෙනුවෙන් අදහසක් කිව්වට.

    ReplyDelete