නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
හැමදේම ඔහොමයි නේද......සුදු කළු සහ අලු........:)
ReplyDeleteමම දන්නෑ. මට හුගක් කළකිරුනා.
ReplyDeleteඅපි හැමෝම කලකිරෙනව නෙව....හැමදේම එපා වෙනවා වෙලාවකට....ඒත් ආයෙමත් ඕනෑ වෙනවා ටිකකින්.....මොහොතකට කලින් පෙනුණු සත්‍යය...අයෙත් සතුටයි බලාපොරොත්තුවයි ඇවිත් වහගන්නව....
ReplyDeleteඒත් හලෝ සමහර දේවල් ගැන කලකිරුනාම හරි බයක් හිතෙනවා.ආපහු ඒ වගේ දේවල් වලට ලන් වෙන්න.
ReplyDelete