Wednesday, July 28, 2010

ඊයේ එහෙ මෙහේ අවුස්සද්දි මම ලියපු පරන පොතක් හම්බවුනා. ඒ පොතේ මම ලියලා තියෙන්නේ මම ඒ කලේ කියවපු පොත් වලින් උපුටාගත්ත දේවලුයි, ඒ ගැන මට හිතුන දේවලුයි තමයි. මම හිතුවා ඒ උපුටා ගැනීම් ටිකක් බොලොග් එකට දාන්න. කියවලා බලලා තමන්ගේ ජීවිතෙට ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගන්න.සමහර විට මෙ පොත් කියවලත් ඇති. මෙවා මතකද කියලා බලන්නකෝ....



තැවුල් සිත:


කොහේහරි දූපතක තිබිලා කෙනෙකුට ඔරලෝසුවක් හම්බවුනා කියලා හිතන්න.මේ ඔරලෝසුව කවුරුත් හදපු එකක් නෙවෙයි. එහෙම නැත්තම් ඉබේ පරිනාමය වෙච්ච එකක් කියලා කවුරුහරි කියනවනම් ඒ මිනිහා පිස්සෙක් කියලයි සළකන්නේ.ඒ වුනාට නවින විද්‍යාවට අනුව විශ්වය පරිනාමය වෙලා තියෙන්නේ. ඒ විදියට එතකොට විශ්වය කියන්නේ ඔරලෝසුවට වඩා සරළ දෙයක්ද?

සිඳුනු තටු:


ප්‍රේමය පහළ වීමට දිගු ඇසුරක් සමීප සම්බන්ධතාවයක් අවශ්‍යය යැයි සිතිම මුළාවකි. එය පහළ වන්නේ ක්ෂණ මාත්‍ර වූ යම් මොහොතකය. අධ්‍යායාත්මයෙන් අන්‍යෙන්‍යය වශයෙන් හඳුනා ගනිත් ද ඒ මොහොතෙහි පහළ වන ප්‍රමෝදය කෙරෙන් ප්‍රේමය පහළ වේ.ඒ විනා කෙතරම් වසර ගණනාවක් හෝ පරම්පරා ගණනාවක් ඇසුරු කළත් සැබෑ  ප්‍රේමය පහළ නොවේ.

අපූගේ ලෝකය:


මේ දිනවල මට සිතෙන්නේ අත්දැකිම් ,බලාපොරොත්තු ,කල්පනා, සිහින යන මේ සියල්ලම එකතු වී ජීවිතය ගොඩ නැඟෙන බවයි. මට දැන් සිතෙන්නේ දුක,සැප යනදෙකම අපුරු දේ බවයි.ජීවිතය බොහෝ අද්භූත විචිත්‍ර දෙයකි. ඉතා පහත් වූ ද, හීන වූ ද ,ඒකාකාරී වූ ද, ජීවිත ගත කරන අය ජීවිතයේ එම විචිත්‍රතාව භුක්ති විදිති.මෙවැන්නක් මා මෙතෙක් විශ්වාස කළේ නැත.මා සිතා සිටියේ කොහේ හෝ ඇවිදින්නට ලැබුනොත් ජීවිතය සාර්ථක වන බවයි.එය එසේ නොවන බව දැන් මට වැටහේ. දුක , සැප , බලාපොරොත්තු,ඒවා කඩ වීම් ආදියෙන් ආත්මයට කෙතරම් විචිත්‍ර වූ මිළ කල නොහැකි වූ ද අද්දැකිම් ගෙන දේද?


කිසිම දෙයකින් පුදුමයට පත් නොවෙන්නා කිසිවකට වසඟ නොවන්නා ප්‍රාණයක් නොමැති කෙනෙක් යැයි මට හැඟේ. ජීවිතය ගත කිරීම එක කලාවකි.දවසකට සුළු වේලාවක් හෝ නිහඬව තනිව හිඳ කල්පනා කළ යුතුයි. සුළු දේවල් වලින් පවා සතුටක් ලැබිය යුතුයි. වත්පොහොසත්කම්, සමජීය තත්වය යනු නොවැදගත් දේවල් වේ.

4 comments:

  1. අපේ මනස් පථයෙන් ඔබ්බෙ තියෙන දෙයක් ගැන හිතත්දී කොරන්න තියෙන ලේසිමදේ ඒක ආරම්භයේ හිටන්ම තිබ්බ කියලා උපකල්පනය කරන එක...ඒක තම අපි හැමදාමත් කරන්නේ.....

    ප්‍රේමය ගැන කියනවා නම්...ඒක ක්ෂ්නයකින් තමා ඇතිවෙන්නේ...සමහර විට ඒ පුද්ගලයාව අපි ජීවිත කාලයම දැනගෙන හිටියා වෙනන පුලුවන්....ඒත් ප්‍රේමය ඇතිවෙන්නේ යම් මොහොතකයි....

    විස්මයට පත්වීම ගැන කියනවනම්....ඒක ජීවිතයට අවශ්‍යම දෙයක්...ඒත් අපි අපි අද කොයිතරම් නම් යාන්ත්‍රික වෙලාද කියනවනම් ජීවිතය සාමන්‍ය දෙයක් බවට පත්වෙලා.....අපිට ජීවත් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා...එක්කො ජීවිත්ය පුරාවට් විස්මයට පත්වෙන දේවල් සොයන්න...එහෙම නැත්නම්...මේ තියෙන ජීවිතේ ගැන විස්මයට පත් වීම.....

    මේ මට හිතුන හැටියි...ස්තුතියි බෙදා හදාගත්තට.......

    ReplyDelete
  2. දෙවෙනි තුන් වෙනි ඒව ගැනනම් කිසි තර්කයක් නෑ. ඒත් මන් මේ පලවෙනි එක ගන තාම හිතනවා.

    ReplyDelete
  3. හේමලයා,
    ස්තුතියි අදහස් දැක්වුවාට

    අනුරාධ,
    ටිකක් හිතන්න එතකොට තෙරෙයි. ආ... සතුටු දෙයක් තියෙනවා කියන්න දැන් ඔක්කොම ප්‍රශ්න හරි මාව බොලොග් කරුවන් ගේ සන්සදයට බඳවා ගත්තා. මගේ බ්ලොග් එකේ පොඩි ප්‍රශ්නයක් තිබිලා. එකයි පරක්කුවෙලා තියෙන්නේ. ඔයාට හුඟක් පින් මට උදවු කලාට යාළු.

    ReplyDelete
  4. ෂා.... මරුනේ.... ඔන්න එහෙනම් මගේ සුභ පැතුම්... දැන් ඉතින් හිටු කියලා ලියන එකයි තියෙන්නේ.... බලන්න කට්ටිය ඒවි වැල නොකඩි....
    ඕන දේකදි අපි ඉන්නවා සහයෝගෙට.... ඒකනෙ මනුසකම කියන්නේ. :)

    ReplyDelete