Wednesday, July 28, 2010

අමාවකට නුඹ බලන්න
සඳවතියේ මම ආවා
සිත් අහසේ සැඩ කළුවට බිය වී
මම ඉකි ගැසුවා
නුඹේ මතකය සිහිකරන්න
එවා තිබුණු තරුකැට ටික
අතුරාලා වළා අතර
උන්නෙමි මම හුදෙකලාව
දෑස් පියා
සවන් යොමා
රැහැයි ගීත මා ඇසුවා
ගත සතපා
නෙත නොනිදා
නුඹ බලන්න මම සිටියා
කොපුල් මතින් රූරා යන
කඳුළු බින්දු පිසදාන්න...
නිදා වැටෙන මල් කුමරියෝ
සිනාවකින් පුබුදුවන්න...
වල්මත් වුනු සිත් අහසේ
ඝන කළුවර දුරුකරන්න...
පෝය දාට නොවෙයි අදම
මගේ අහසට නුඹ වඩින්න...

2 comments:

  1. මොකෝ මේ සඳ ගැනම ලියන්නේ යාලු..:D..අමාවකත් නැතුව බෑ නොවැ..හඳේ තියෙන සුන්දර බව වැටෙහෙන්නේ එතකොටයි...

    ReplyDelete
  2. සඳ මෝරන කාලේට පිස්සුවත් වැඩිවෙනවා යාළු. තව ටික දවසකින් හරියයි

    ReplyDelete