නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
ඇයි හත් දෙයියනේ ඔවට මෙ මාව පටලවා ගත්තේ..?
ReplyDeleteහ්ම්...හැම දුවෙක්ට ම වැදගත් පණිවිඩයක්...
ReplyDeleteආ මඟ කෙටියි...
යායුතු මඟ දුරයි...
නිරතුරු නුවණැසින්
තරණය කළ යුතුයි...
ජයවේවා!!!
ඇත්තටම මාරයා මක් කරන්නද මේ මනුස්සයෝ කරන දේවල් වලට...
ReplyDeleteමාරයට උනත් පාරේ බැහැලා යන්න බැරි කාලයක් නෙව මේක....
ReplyDeleteඅදහස් දක්වපු හැමෝටම ස්තුතියි.. ආ...මාරයා ඔයා වසවර්ති මාරයෙක් නෙවෙයිනේ. ඔයා හොඳ මාරයෙක් නේ. මම මේක කිව්වේ මිනිස් වෙසින් ඉන්න මාරයන්ට
ReplyDeleteආ ඒක මිසක්..
ReplyDeleteමම ඇවිල්ලා මාර වෙසින් ඉන්න මනුස්ස පරාණියා නෙව...
හ්ම්.........ඔයා හොඳ මරයා තමයි
ReplyDeleteආ..තැන්කූ..තැන්කූ...
ReplyDeleteහම්මියෝ..දැනෙන සනීපේ...
වටිනා ඔවදන් ටිකක් ලස්සන පදවැල් වලින් සරසලා!
ReplyDeleteලස්සනයි.
වටිනා ඔවදන් ටිකක් ලස්සන පදවැල් වලින් සරසලා!
ReplyDeleteලස්සනයි. - හ්ම්. ඒත් ඉතිං අනේ මේ ඔවදන් දැනගන්න ලැබෙන්නේ බ්ලොග් කියවන (අයේෂා අක්කාගෙ බ්ලොග් එක) දූලට විතරනෙ.
http://chinthana.tk/