මගේ දුවේ
සවර්ති මාරයෝ
තැනින් තැන
කෙළ හලා
බලා හිදිති
බිළිගන්න නුඹව
දැහැන බිදෙයි
මඟ වරදියි
පරිස්සමෙන්
මඟ පලයන්
මගේ දුවේ

Comments

  1. ඇයි හත් දෙයියනේ ඔවට මෙ මාව පටලවා ගත්තේ..?

    ReplyDelete
  2. හ්ම්...හැම දුවෙක්ට ම වැදගත් පණිවිඩයක්...
    ආ මඟ කෙටියි...
    යායුතු මඟ දුරයි...
    නිරතුරු නුවණැසින්
    තරණය කළ යුතුයි...
    ජයවේවා!!!

    ReplyDelete
  3. ඇත්තටම මාරයා මක් කරන්නද මේ මනුස්සයෝ කරන දේවල් වලට...

    ReplyDelete
  4. මාරයට උනත් පාරේ බැහැලා යන්න බැරි කාලයක් නෙව මේක....

    ReplyDelete
  5. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.. ආ...මාරයා ඔයා වසවර්ති මාරයෙක් නෙවෙයිනේ. ඔයා හොඳ මාරයෙක් නේ. මම මේක කිව්වේ මිනිස් වෙසින් ඉන්න මාරයන්ට

    ReplyDelete
  6. ආ ඒක මිසක්..
    මම ඇවිල්ලා මාර වෙසින් ඉන්න මනුස්ස පරාණියා නෙව...

    ReplyDelete
  7. හ්ම්.........ඔයා හොඳ මරයා තමයි

    ReplyDelete
  8. ආ..තැන්කූ..තැන්කූ...
    හම්මියෝ..දැනෙන සනීපේ...

    ReplyDelete
  9. වටිනා ඔවදන් ටිකක් ලස්සන පදවැල් වලින් සරසලා!
    ලස්සනයි.

    ReplyDelete
  10. වටිනා ඔවදන් ටිකක් ලස්සන පදවැල් වලින් සරසලා!
    ලස්සනයි. - හ්ම්. ඒත් ඉතිං අනේ මේ ඔවදන් දැනගන්න ලැබෙන්නේ බ්ලොග් කියවන (අයේෂා අක්කාගෙ බ්ලොග් එක) දූලට විතරනෙ.

    http://chinthana.tk/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා