ජිවිතය තරඟයක්ලු..

දුවන්න හයියෙන්....
බූට් සපත්තුකාරයෝ
රබර් සපත්තුකාරයෝ
පහුකරගෙන
ජයගන්න ජිවිතය
දුවන්න...
පාවහන් නැති දෙපා
කටු ඇනී හඬාවී
රත්වෙච්ච ගල් බොරළු
දෙපා යුග දවාවි
හති වැටි අතරමඟ
නවතින්න හිතෙවි
එහෙත්,
නවතිනු නම් එපා
හූ කියයයි ලෝකය
මල් දමා
හෝ
ගල් ගසා
පිළිගන්න නුඹව
බලා හිඳි
ජිවිතය
තරඟයක්ලු
....

Comments

  1. මගෙ අත් පුංචි වුනාට ඒවා මගෙමයි.....අයිති මටමයි....

    ReplyDelete
  2. හපොයි දැනටම හරියට හති..

    ReplyDelete
  3. මං කවි ලියන්න බෑ නෙව... ඒ නිසා නිතර අහන රොක් සිංදුවක කෑල්ලක් ලියල තියල යන්නං....

    මංමුලා නොවේ කිසිදා... ජවය මා සතු වේ... දිරිය ගන්නෙමි෴

    ReplyDelete
  4. සිනහව සමග පිබිදෙන්න

    ජීවිතය සමග ඉදිරියට යන්න

    ප්‍රබෝදමත් වන්න

    සතු‍ටු වෙන්න

    රස විදින්න

    අත් විදින්න

    ReplyDelete
  5. අපූරු නිර්මාණයක්...දුවනවා...දුවනවා ඉවරයක් නෑ..ඇත්තටම මෙකේ කෙළවරක් නෑ...
    ජයවේවා!!!

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි හැමෝටම අදහස් දැක්වුවට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා