හුරැ නැතුවට කඳුළු බින්දු
දෑස් අගින් වැටුනා...
සඳ තරු මල් මිලින වෙලා
අඳුර ඇවිත් එබුනා...
පෙර දින අප හමුවූ තැන්
නුපුරැදු වී දැනුනා ...

ආ ගිය මoමතක තුළින් 
විරහි හිත හැඬුවා...


පන්හිඳ තුඩ
ලියවුනු කවි
පද සේරම මැකුනා...
බොඳවුන ඒ හීතුළින්
 මට තනිකම දැනුනා...
මිරිඟුවකට රැවටි කිම
 ගියෙදෝ ඇයි සිතුනා...
යළි කිසිදා නොයෙනා බව
 දැන දැන සිත හැඬුවා...

Comments

  1. දුක්බරයි....හිතට වදින පද පෙළක්......

    ReplyDelete
  2. ආ... මේ තවත් පාඨකයෙක් එකතු වෙලා ඉන්නේ. තාම සින්ඩියට ඇතුල් කරගෙන නැද්ද. අනිත් එක යුනිකෝඩ් නිසා ඇතුලත් කරගනන් ඕන හරිනම්. මේ බ්ලොග් එක උනත් දැන් යුනිකෝඩ් වලින් ලියන නිසා සින්ඩියට ඇතුලත් කරගන්න ඕන. හොඳටම විශ්වාසද කිසිම වැරැද්දක් නැතුව හරියටම ඉල්ලුම් කලා කියලා. ඉල්ලුම් කරද්දි මොකක් හරි අවුලක් උනාද දන්නෙ නැ. අවුලක් උනේ නෑ කියලා හිතෙනවනම් පොඩ්ඩක් මේක් එකක් දාන්නකො. ඉල්ලුම් කරා. ඒත් තාම ඇතුලත් කරගෙන නෑ. ඒ ඇයි කියලා අහලා.
    කෝ අනේ තාමත් Word Verification අයින් කරලා නෑනෙ. මන් එදා කියලා දුන්නට තේරුනෙ නැද්ද හරියට එක.
    දිගටම ලියන්න. ඔබට ජය.

    ReplyDelete
  3. ඔයා කියපු විදියට කලා දැන් හරි ගිහිල්ලනේ.නැද්ද?
    උදව් කරන ඒවාට බොහොම ස්තුතියි

    ReplyDelete
  4. මෙන්න තව හොඳ සින්ඩියක් තියෙනවා. මේකටත් දාන්නකො. මේකේ ඇතුලත් කරගන්නකම් බලන් ඉන්න දෙයක් නෑ. අදාල විස්තර ටික ගහලා සබ්මිට් කරපු ගමන් එවෙලෙම සින්ඩියට ඇතුලත් වෙනවා. ඒක නිසා කල් යන්නෙ නෑ.

    http://si.hathmaluwa.org/

    අර Adult කේස් එකනම් දැන් නෑ. ඒත් Word Verification තාම තියෙනවා. එදා මන් ඒක අයින් කරන විදියත් කියලා ඇති. පොඩ්ඩක් බලන්න. ඒක තියෙද්දි කමෙන්ට් දාන්න කරදරයි.

    අය්යෝ ඕක මොකද්ද. කෙනෙක්ට උදව්වක් කරන්නෙ නැත්නම් මේ ලබපු මිනිස්කමෙන් වැඩක් තියෙනවද. මමත් බ්ලොග් වලට ආවේ බ්ලොග් ගැන මේලෝ හසරක් දන්නෙ නැතුව. කියවල කියවල, කර කර බලලම තමයි මාත් මේ තරමට හරි ඉගෙන ගත්තේ. අපිත් දන්නෙ නැති එවා වෙන අය කියලා දුන්නනේ. දැන් අපි දන්න දේ තව අලුත් අයට කියලා දෙන්න ඕනේ. නැත්නම් ඉගෙන ගත්ත දෙයින් වැඩක් නෑනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා