නුඹේ නෙත් තුළ
වේලී මා හද
සොයයි සෙනෙහස
උමතු වූ ලෙස
                                               රැයෙහි පායා
                                                     දිළෙන සඳ ලෙස
                                                 මහද ගැබ තුළ
                                               අඳුර දුරු විය
ඉරක් සේ නොදවන
මලක් සේ නොමියෙන
කවක් සේ නොලියෙන
සෙනෙහස නුඹේ පුදුමය

Comments

  1. කැලඹුනු සිතිවිලි
    හිත තුල නොදැමුණු......
    විමසයි හැමවිට
    උඹ ගැන තොරතුරු......
    නිදි නැති යහනක
    ත්නිවෙමි නිරතුරු.....
    නුඹ හමුවුණුදා සිට
    මේ වනතුරු......

    ReplyDelete
  2. හැම කවියකටම අදහස් දක්වන
    ඔබ ගැන නම් පුදුමයි යාළු

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා