ගස
මල
සල් ගස යට
අමර නැත
ගස යට වටුනු
සල් මල් ඇහිදින්න...
අමරයි
කමලුයි
එකතුවෙලා
සෙල්ලම් කඩ දන්න
දැන් නෑ වෙලා...
"ජම්බු ජම්බු
රතු පාටයි
ඉදුනු ජම්බු
රතු පාටයි"
ඉස්සර වගෙ කවි කියන්න
චමරිට
නයනට
දැන් නෑ වෙලා...
කොටුවෙලා
හිරවෙලා
ඔක්කොම
ටියුෂන් කඩ ඇතුලේ...

Comments

  1. කාලයේ තාලයට...
    නැටවෙන අපේ ජීවිත.....
    රැල්ලත් එක්කම...
    පැද්දෙන හීන.....
    ඉමිටේශන් වටිනාකම්...
    එක්ක පෑහෙන ජීවන මායව......
    පැලඳගෙන උඩපනින...
    අහංකාර බලාපොරොත්තු....

    ReplyDelete
  2. ජීවිතේ හැමදෙයක් ම දැන් රේස් එකක් වෙලා...
    ඒකෙ නිමාවක් නම් පේන්නවත් නෑ. ඉතින් හැමෝම දගලන්නෙ ඉස්සරහයින් ම දුවන්න..ඉතින් පොඩි උන්වත් බලහත්කාරයෙන් ම දැන් ඒ රේස් එකට දක්කගෙන යන්නෙ අපේ අම්මලා තාත්තලා..කන්න බොන්න, සෙල්ලම් කරන්න උන්ට වෙලාවක් නෑ..උන් දැන් යන්තර සූත්තර වගේ..ටික කලක් යද්දී ගස් ගල් වගේ උන් හැදෙන්නේ..අන්තිමට කෑ ගහනවා මුන් අම්මා තාත්තා අදුරන්නේ නෑ, කිසිම සදාචාරයක් නෑ, අරකයි මේකයි..
    ජයවේවා!!!

    ReplyDelete
  3. shadow, sampathjt,
    ඉක්මනට වෙනස්වෙනවා දකිනකොට ලෝකේ අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ .ස්තුතියි අදහස් දැක්වුවට

    ReplyDelete
  4. මේ නිසදැස මට මගේ ළමා කාලය මතක් කරවනවා හරිම ලස්සනයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා